දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්
නොයෙනා ගමනකි යන්නේ...
එනමුත් ලඳුනේ මතු අත් බවයේ
ඔබ මා යලි හමු වන්නේ...
සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
කෙලෙසද හද බැඳලන්නේ...
කව්දෝ රැකවල් ලන්නේ
ඔබ මා යලි හමුවන්නේ...
මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළදින්නේ...
කිසිදා නැත සමුගන්නේ...
ඔබ මා යලි හමු වන්නේ...