ආසිරි වනිගරත්නගේ ගණ දෙවි ජාවාරම
ජීවිතයේ විවිධා කාර දුක්පීඩා හා ගැටලු තේරුම් ගැනීමටත්, ඒවාට එලැඹ සිටි සිහියෙන් යුක්තව මුහුණ දීමටත් දැනුම් තේරුම්කමක් හා ආත්ම ශක්තියක් නැති මිනිස්සු ලෝකයේ කවදත් ජීවත්වෙති. මේ මිනිසුන්ට තමන් මුහුණ දෙන ජීවිත ගැටලුවලින් මිදීමට කිසිවකුගේ උදව්වක් සහායක් අවශ්‍ය...