1. H

    හොරබඩු 😯😯😯

    එහෙම බෙදලා දෙන එක නීති විරෝධී මම දන්න විදිහට. කරන්න යන මනුස්සයා අර නීතිය කැඩුවා මේ අවභාවිතය කරා කියලා හිරේ යන්න පුළුවන්. මම අහලා තියෙන කතාවක් කියන්නම්, එක පාරක් ලංකාවට කොහෙදෝ රටකින් නොමිලේ කිරි පිටි වගයක් ආධාර විදිහට අවාලු. ඒක බෙදලා දෙන්න ගියාම නොමිලේ, ඒ කිරි පිටි එක ලංකාවට ගෙනැල්ලා විකුණන...
  2. H

    දුප්පත්කම නැති කරන්න කෝටි පහයි - සමෘද්ධියේ වසරක පඩි දෙන්න කෝටි දෙදාහයි! හරි සංතෝෂයි!! 💰🤦‍♂️

    system හැදුවේ දේශපාලකයොද සුද්දොද මම දන්නෙ නෑ. හැබැයි ඒ system හරි නෑ කියනවා නම් විකල්පය මොකක්ද? මොකක් හරි දෙයක් අනුමත කර ගන්න නිලධාරියො 10ක් අත්සන් කරන්න ඕන නම්, ඒක වැරදි කියලා කවුරු හරි කියනවා නම් මොකක්ද විකල්පය? සේරම අනුමත කිරීමේ බලය එක් නිලධාරියෙකුට දෙනවද? එතකොට රජයේ තියෙන AR/FR අරවා මේවා...
  3. H

    දුප්පත්කම නැති කරන්න කෝටි පහයි - සමෘද්ධියේ වසරක පඩි දෙන්න කෝටි දෙදාහයි! හරි සංතෝෂයි!! 💰🤦‍♂️

    ඉතින් ඕකට ඒ ආයතනයේ ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. ඕනෑම දෙයක්, ආයතනයක් මඟින් කරන්න ගියාම, නීති රීති රෙගුලාසි වැඩි කරාම, සංකීර්ණ system හැදුවාම ඒවා කරන්න ලොකු සේවක රොත්තක් බඳවා ගන්න වෙනවා. මම දැකපු දෙයක් කියන්නම්, වසර ගාණකට කලින්, රජයේ බැංකුවකින් කවුද මනුස්සයෙක් රු 100,000ට වැඩිය සල්ලි එකපාර...
  4. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඉතින් පරිමාණය වෙනයි, ව්‍යාපාර ආකෘතිය වෙනයි. සමාගමක් විදිහට එක බස් එකක් අරන් ඒකට එක රියදුරයි, කොන්දොස්තරයි දාන්නත් පුළුවන්. මෙතන ප්‍රශ්නය මේකයි. ඔයා පරිමාණය යා කරනවා ව්‍යාපාර ආකෘතිය එක්ක. ඔයාම කියන විදිහට ඔයා බස් හිමියෙක්නේ. ඒ හින්දා මට ඔයාට එහෙම හිතෙන එක තේරුම් ගන්න පුළුවන්. ව්‍යාපාර වර්ග...
  5. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    //ඒත් කාගිල්ස් එක ගිහින් නුවරින් ටොන් ගානට ෆ්‍රොශ්, එලවලු ගෙනල්ල විකුණන එක// මේක මම ද කිව්වෙ?
  6. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඉතින් කාගිල්ස් එක (හෝ වෙනත් ව්‍යාපාරයක්) මහා පරිමාණෙන් එළවළු ගන්නේ සමාගමක් හින්දා නෙවෙයි, ඒක එයාලගේ පරිමාණය. කොහෙද තියෙන්නේ නීතියක් සමාගමක් නැතුව super market කරන්න බෑ කියලා? සමාගම කියන්නේ ව්‍යාපාර ඒකකයක්. කෙනෙකුට සමාගමක් හදලා තනි බස් එකක් දාලා දුවවන්නත් පුළුවන්. මුදලාලි කෙනෙක්ට තනි පුද්ගල...
  7. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    බස් වලට ටිකට් මැෂින් දැම්ම පමණින් සේරම ප්‍රශ්නෙ විස‍ඳෙනවා කියලා මම කියන්නෙ නෑ. ඒ නිසා මම එහෙම එකක් කිව්වා කියලා මට දාන replies වල දාන්න එපා. දැන් ඒකම දෙපාරක් දැම්මනෙ. ඊලඟට බස් වල staff ප්‍රශ්නේ. ඔව්, ඒක මම දන්නවා. ඔය ප්‍රශ්නයත් එක හේතුවක්, දවස ගාණේ එක බස් එක කුලියට දෙන්න, ඒ කියන්නේ අද බස් එක...
  8. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    මෙතන මම කියන දේ එකක්. ඔයා කියන්නෙ තව එකක්. දැන් මේ තියෙන බස් සේවය නරකයි නම් ඒක නරක වෙන්නේ තනි බස් හිමියා දුවවන හින්දා කියන එකේ තියෙන පදනම මොකක්ද? ඒ හින්දා හුදෙක් සමාගම් කරයි කියලා වෙන්නේ හිසේ ඇම්මට කොට්ටේ මාරු කරන එකක්. තවත් සරලව කියනවා නම් වෙනදා බස් හිමියා දුවවපු බස් එක දැන් සමාගමක් දුවවනවා...
  9. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    බස් කොන්දොස්තර මාටියා ගහන ඒවා ටිකට් මැෂින් දැම්මත් කරන්න පුළුවන් ටිකට් දෙන්නෙ නැතිව සල්ලි ගන්නවා නම්. ඒකට මගියා දැන ගන්න ඕන ටිකට් එක ගන්න. ඔය බස් ජනසතුව කළේ 1950 ගණන් වලද කොහෙද. ඒකාලේ පුද්ගලික වාහන අඩුයි. එතකොට දැන් සමාගමක් විදිහට සේවාවේ මිල වෙනස් කරන්නෙ නැතිව එකම සේවාව ආයතනික ව්‍යුහයක් අස්සට...
  10. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    කර්මාන්තයක් ‍රැකෙන්න නිෂ්පාදකයා/සැපයුම්කරු වගේම පාරිභෝගිකයාත් ‍රැකෙන්න ඕන. ඔතන කියන උදාහරණෙට අනුව මගියෙක් කොළඹ ඉඳන් යාපනය යන්න බස් මාරු වෙවී යන්න ඕන. ඔයා සේරටම කලින් දුර ගමන් බස් වලට නැඟලා බලන්න. මිනිස්සු කද මලු බැඳගෙන, පවුල් පිටින් ඒවයේ යනවා. ඒ මිනිස්සුන්ට අතරමග බැහැලා බස් මාරුවෙන්න කියන එක...
  11. H

    UoM එකේ Data Science and AI MSc එක

    මම ඕක කරල නෑ. හැබැයි ඕක කරන්න ගිය කිහිප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. සමහරු නම් දාලා ගියා වැඩ වැඩියි, ඒ හින්දා වැඩ එක්ක කරන්න බෑ කියලා. කරපු එකා නම් හරියට MIT එකේ degree එකක් කරා වගේ කියව කියව යනවා. ඔයා මුලින් හොයලා බලන්න, attendance බලනවද, කොහොමද assignments දෙන්නේ evaluations, exams, අරක මේක...
  12. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඔයා පුද්ගලික බස් හිමියෙක්නේ. එහෙම නම් මම මේ කියන දේවල් ඔයා හොඳටම දන්නවානේ, ඒ හින්දා මම මෙහෙම කියන්නේ. දැන් බස් වල speed limit තියා ගන්න එක මාර්ග නීති ගැටළුවක්නේ. high speed ගියොත් පොලිසියෙන් ලියනවා. හැබැයි, ඔයා හිතන්න දුර ගමන් බස් එකක්. ඒක කොළඹින් පටන් ගන්න කොට traffic එකේ එන්න වෙලා යනවා...
  13. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඉතින් ලංකාවේ බස් දුවවන්න tourists ලා පටව ගන්න තරම් බස් වලට සෙනඟ මදි වෙලාද? වෙන විදිහකට කියනවා නම් ලංකාවට එන tourists ලා බස් වල නැඟලා පහසුකම් මදි කියනවා නම්, හොඳම දේ ඒ පහසුකම් තියෙන වාහනයක් අරන් යන එක. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ budget එකට හරියන්න තමයි බස් තියෙන්නේ. දැන් හිතන්න උදේ හවස වැඩට යන...
  14. H

    කැළණිය කැම්පස් එකේ කෙල්ලොන්ට බස් වල සල්ලි නොදී යන්න කියල උගන්නනවද කැම්පස් එකේදි?

    ඒ කැම්පස් එකේ නම දාලා මොකක්ද රස කතාවක් තමයි නමේ තිබුණේ.
  15. H

    කැළණිය කැම්පස් එකේ කෙල්ලොන්ට බස් වල සල්ලි නොදී යන්න කියල උගන්නනවද කැම්පස් එකේදි?

    අනේ බං මහ ලොකුවට ඔය රට හදන්න talk දෙන ඉන්න විස්ස විද්යාලේ පොදු සිස්සයන්ගෙන් අහපන්, මහපොළ ගන්න ආදායම් වාර්තා දෙන්නෙ කොහොමද, ඇත්තම කියනවා ඇති නේද? campus ඇතුළෙයි එළියෙයි හෙල්මට් දාගෙන bike වල යනවද? lectures වලට හොරට අත්සන් කරනවද නැද්ද? ණයට කාලා ගෙවන්නෙ නැතිව පොලු තියන්නේ නැද්ද? වැඩිය ඕන නෑ, අර...
  16. H

    ගමක ඉපදිලා ලංකාවේ ලාබාලම CEO උන-Cader Rahmathulla

    ගමක ඉපදෙන එකෙන් CEO වෙන්න තියෙන බාධාව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මට පේන විදිහට මේ business එක දක්ෂ ව්‍යවසායක හැකියාවක්. මොකද මම දන්න විදිහට covid කාලේ online diploma දෙන්න පටන් ගත්ත එකක්නේ ඕක. ඒත් මේක මේ campus කියන නම දාගෙන කරන එක නම් මට ප්‍රශ්නයක්. මොකද මෙයාලගේ FB ad වල දානවා UGC...
  17. H

    අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ - ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

    ඒ වගේ වැඩක් තමයි පහුගිය කාලේ ඉදිකිරීම්වලට වුනේ. market එකේ මිල උඩ ගියේ හිතාගන්න බැරි විදිහට. contractor ලා වෙනුවෙන් යම් rate එකක් දෙන්න කතා කරත් ඒකට ආවේ නෑ සමහර contractorsලා. අනික ඔයා ඔය කියන්නේ construction ගැන. භාණ්ඩ ගත්තත් ඔය ප්‍රශ්නය එනවා. අනික ඔය ටෙන්ඩර් බෝඩ් එකෙන් estimate එකේ under...
  18. H

    අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ - ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

    ඉතින් බං තක්සේරු කරපු ගාණයි එකයි දෙකක් කියලා අර පහුගිය කාර් වගයක් විකුණන්න යද්දිත් ආවනේ. අනික ආණ්ඩුවෙ තැන් වලට supply කරාම එවෙලේ සල්ලි දෙන්නේ නෑ. අර චක්‍රලේඛ, රෙගුලාසි ඔක්කොම පහු කරන් ගිහිල්ලා අන්තිමේ චෙක් එකක් තමයි දෙන්නේ. ඒ නිසා කොහොමත් මුදලාලි ඒ පරක්කුවටත් එක්ක තමයි ගාණ කියන්නේ. එතකොට ඒක...
  19. H

    ශ්‍රි ලංකා ක්‍රිකට් බඩුම තමා දැන්නම්

    මොනවා වුනත් මේ දීපු උත්තරේ නම් audit එකට කට උත්තර නැති වෙන්නම දීපු එකක්. රට හදන්න නම් විගණනය ශක්තිමත් කරන්න කියලා කෑ ගහන එවුන් දන්නේ නැතුව ඇති විගණනය කියන්නේ ආයතන සංග්‍රහයයි, මූල්‍ය රෙගුලාසියි අකුරටම ක්‍රියාත්මක කරන්න, ඒ කියන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි ක්‍රමයට යනවා. නායකයා පිටිය මැදදි misfield...
  20. H

    උපදෙස් නම් උපදෙස් 🤭🤭

    රට ඉන්නවා කියන මිනිහව ගෙන්වන්න ශක්තිමත් සාක්කි නැති කතාවක් කවුදෝ කිව්වා නේද? එතකොට කොහොමද මෙතන වංචාවක් වෙන්නේ?

    No contents