1. H

    ජීවිත 54ක් සමග නුවරඑළියේදී පෙරළුණු බස් එක - ''පොලිසිය කළින් කිව්වා හෙමින් යන්න කියලා"

    හෙමින් යෑම වේගයෙන් යෑම කියලා නෙවෙයි, පාරේ සඳහන් වේග සීමාවට යටත්ව ගියා නම් අධික වේගයෙන් ගියා කියන්නෙ කොහොමද? වේග සීමා ඉක්මවලා නම් පොලිසියෙන් දඩ ගහන්න පුළුවන්නේ.
  2. H

    BALI VS. SRI LANKA 2025 ලංකාවේ පිරිමි සුද්දියෝ දිහා කන්න වගේ බලනවලු..😡

    ඉතින් බං පෙන්නන්න හොඳ නම් බැලුවම මක්ක වෙනවද? ඈ... බලන්න හොඳ නැත්නම් පෙන්නගෙන යන්න ඕනේ නෑනේ.
  3. H

    සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

    මාසයක් ගනුදෙනු නොකරාම dormant වෙනවද?
  4. H

    Ranil ගෙනාපු Sinopec ආයෝජනයත් මෝඩ වැඩ බැරි මාලිමා JVP ආණ්ඩුව කොට උඩ යවයි! Hambantota oil refinery: Tax tug-of-war stalls $ 3.7 b Chinese deal

    දාලා තියෙන විස්තරේ මට වැටහෙන විදිහට නම් මුලින් යෝජනා කැඳවලා තියෙනවා. ඒකට ආපු යෝජනා හතරකින් ඔය සමාගම විතරක් සුදුසුකම් ලබලා. ඉතින් දැන් එයලා අමතර සහන හා ඉල්ලීම් ඉල්ලනවා. එතකොට මෙහේ ඉන්න නිලධාරීන් මුලින් එයාලා දාපු යෝජනාව අරන් ඒක කතා කරනවා. මොකද සමහර විට AR/FR වලට අනුව ඒ නිලධාරීන්ට එහෙම කරන්න බැරුව...
  5. H

    Scam Help

    පොලිසියේ අඳුරන කෙනෙක් ඉන්නවා නම් කියලා බලන්න, උපාය දූතයෙක් දාලා ගෙන්වලා දෙන්න බලයි.
  6. H

    "දඬුබස්නාමානය " තේමා ගීතය

    මාස්ටර්ගේ සංගීත නිර්මාණයක්, බට නළා නාදයක් ඇහුනාම අපිට එක පාරටම හිතාගන්න බෑ, මේ නාදය ඇත්තටම බට නළාවකින් ගත්ත නාදයක්ද කියලා. A.R.Rahuman සංගීත නිර්මාණ වල දැවැන්ත පිරිසක් එක්ක කරන ගතිය, බෙර වලින් විවිධ නාද රටා ගන්න ගතිය තියෙනවා. මාස්ටර්ගේ වයලීනය. හොඳම උදාරණයක් තමයි, ඉමාන් පෙරේරාගේ වසන්තයේ මල් ගීතයේ...
  7. H

    "දඬුබස්නාමානය " තේමා ගීතය

    ඒ වගේ තේමා ගීතයක්, සංගීත භාණ්ඩ හුදෙක් වාදනය කරලා නෙවෙයි, සංගීත භාණ්ඩයෙන් සංගීත අධ්‍යක්ෂවරයාට ඕන නාදය අරගෙන මිසක්, මුල් නිර්මාණයට ළං වෙන්න අමාරුයි.
  8. H

    2025 වසරේ මාස 2ට සීනි ටොන් 1,44,135ක් රටින් ගෙනත්! 2024 මුල් මාස 2ට වඩා ටොන් 61,793ක් වැඩිපුර ආනයනය කරල. සීනි අලෙවි කරගැනීමට නොහැකිව පැල්වත්ත ගැටලුවක

    ලංකාවේ හදනවට වඩා ලාබෙට සීනි ආනයනය කරලා දෙන්න පුළුවන් නම් වෙලෙන්දො කොහොමත් ලාබෙට සීනි ආනයනය කරනවා. එහෙම නැතුව රටක ආනයනය කරන්න ඕන ඒ රටේ හදන්න බැරි දේවල් විතරක් කියලා නෑ.
  9. H

    නිලමෙ ඇදුම ඇදලා

    නිලමේ ඇඳුම නැත්නම් මුල් ඇඳුම කියන්නේ රටේ සම්ප්‍රදායික ඇඳුමක්. එතකොට ඒක ඇඳගෙන උත්සව අවස්ථාවලට සහභාගී වෙන එක ඒ සම්ප්‍රදායට කැමති ගරු කරන අය කරන දෙයක් කියලා හිතන්න පුළුවන්. සමහර අප්‍රිකා මහද්වීපේ රටවල නායකයො තමන්ගේ රටේ ජාතික ඇඳුම ඇඳගෙන උත්සව වලට ආවට හැමවෙලාවෙම ඒක ඇඳගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නෑනේ...
  10. H

    වෘෂණ කෝෂ ප්‍රහාරයේ වීඩියෝත් මකලා - ටීචර් අම්මා ඇප ලබාගත් හැටි...... ponna police balige puthala mita wada hodi okiuge gu kewanam

    දැන් මේ කියන විදිහට ඔය phone වටේ හිටපු වෙන අයගේ. ඒවා බලන්න, ගුටි කාපු අයට හෝ පොලිසියට නීතියෙන් අවසරයක් තියෙනවද? ඒ කියන්නේ ඔන්න දැන් පාරේ ලොකු රණ්ඩුවක් යනවා. ළඟ බස් හෝල්ට් එකක මනුස්සයෙක් call එකක් ගන්නවා. ගුටි කාපු set එක කියනවා මට ගහනවා මෙයා record කරා කියලා, පොලිසියට. එතකොට ඒ මනුස්සයාගෙ...
  11. H

    ඇයි? දීර්ඝ නිවඩු වලදි ලංකාවෙ මිට්ටො වාහන හප්ප ගන්න එක වැඩි?

    Long weekend වලට මිනිස්සු පිට පළාත්වල trip යනවා. එතකොට වෙනදාට වැඩිය ඒ පාරවල තද බදයක් එනවා. ඊළඟට තමන්ට හුරු පාරක නෙවෙයි යන්නේ. පාර අයිනේ මොනවා හරි කෙහෙල්මලක් දැක්කම ඔහේ පාර මැද්දෙ වාහනේ නවත්තලා බහිනවා. ඊළඟට කෙල්ලො, ගෑණු, පාරේ යන එවුන් මන් මත් කරවන shorts ඇඳලා ගියාම පාරේ යන එවුන් ඉස්සරහින් යන...
  12. H

    සරසවි තුලට බුද්ධි අංශ යොදන්නැයි කියයි..

    දැන් එතකොට බුද්ධි අංශෙන් ඇවිල්ලද VC ට කියන්න ඕන මෙන්න rag කරනෝ කියලා.
  13. H

    රේගු නිලධාරිනියක් කෝටි ගණනක රූපලාවණ්‍ය භාණ්ඩ පිටතට විකුණා මූල්‍ය වංචාවක

    විකුණලා කියන්නේ එයා පුද්ගලිකව විකුණලා සල්ලි අරගෙනද නැත්නම් වෙන්දේසි කරලා පිට මනුස්සයෙක් අරගෙනද? එහෙම නැත්නම් මේ කියන්නේ ඇතුළෙ අයට ගන්න වෙන්දේසි කරේ නෑ කියන එකද?
  14. H

    ඩොලර් මිලියන 600ක වියදමින් රඹුක්කනට විදුලි දුම්රියක් යෙදවීමට සැලසුම් සකස් කෙරේ. 😍😍

    මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ මොකක් හරි වැඩක් ගැන මූලික සාකච්ඡා ආරම්භ කරනකොටම ඒකට ප්‍රචාරය දෙනවා, එතකොට සමහරු හිතන්නේ මෙන්න ඊලඟ දවසෙ මුල් ගල තියලා වැඩ පටන් ගන්නවා කියලා. මම අහලා තියෙන විදිහට ඔය අධිවේගී මාර්ග කතාව මුලින්ම යෝජනා වෙලා තියෙන්නේ දශක ගාණකට කලින්. මුල් ගල තිබ්බේ 2003/4 විතරද කොහෙද...
  15. H

    වරෙල්ලා වැදගත් දෙයක් කතා කරන්න - මේක ගැන මොකද හිතන්නෙ?

    පොදු සතුරා නෙවෙයි, ලොකු අමාරුවක වැටෙන සිද්ධියක් මේක. මම දන්න තැනක, ගෑණු ළමයා බැන්දේ ඒ වගේ පිරිමි ළමයෙක්ව. එයා ඒ මහ ගෙදර තමයි පදිංචි වුනේ. අන්තිමට ඒ ගෑණු ළමයටත් සිද්ධ වුනේ අර පවුල නඩත්තු කරන්න. කාලෙකට ඉස්සර පරණ ටෙලි නාට්‍යයක් ගියා ස්වර්ණ තිසරාවී කියලා. එතනත් වෙන්නේ නමේ වගේම ඒ ගැණු ළමයාව සූරාගෙන...
  16. H

    ඡන්ද ක්‍රමය හදපු එකාගේ අම්මා සිහිගන්වමින් පළාත් පාලන ඡන්දය නිමා වේ..! බහුතර බලය ජාතික ජන බලවේගයට..!

    එහෙම ප්‍රශ්නයක් මම පිළිගන්නෙ නෑ. ඒක ඔයා ගොඩනඟන තර්කයක්. ඔයා ගොඩනඟන තර්කයක් ගෙනත් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා අනුන්ගෙන් අහලා වැඩක් නෑ. ඒ තර්කය ගොඩ නඟපු කෙනාගෙන්ම අහගන්න.
  17. H

    ඡන්ද ක්‍රමය හදපු එකාගේ අම්මා සිහිගන්වමින් පළාත් පාලන ඡන්දය නිමා වේ..! බහුතර බලය ජාතික ජන බලවේගයට..!

    ඒක හරියට ඇයි නරියාට විතරක් අං නාවේ ඇයි? කුකුළට ආවේ? වගේ ප්‍රශ්නයක්. නරියාට අං නෑ.කුකුළටත් නෑ. ඒ නිසා නරියට විතරක් කතාවක් අදාළ නෑ. අර්බුදය තියෙනවා. එක රටේ පොදු ප්‍රශ්නයක්.
  18. H

    ඡන්ද ක්‍රමය හදපු එකාගේ අම්මා සිහිගන්වමින් පළාත් පාලන ඡන්දය නිමා වේ..! බහුතර බලය ජාතික ජන බලවේගයට..!

    රටක ආර්ථික සෘණ වර්ධනයක් වෙලා ඊට පස්සේ ආයි ධනාත්මක වර්ධනයක් වුනාම ඊට කලින් තිබ්බ අවුරුද්දක දදේනි ට සමාන අගයකට දැන් දදේනි ආවම ආ 2015දි මෙච්චරයි, දැනුත් මෙච්චරයි කියන්න බෑ. 2015 ඉඳන් දිගටම ඒ දදේනි අගයම තිබ්බා නම් කතාව හරි. ජීවන වියදම ආපහු හරවන්න නම් අවධමනයකට යන්න වෙනවා.
  19. H

    ඡන්ද ක්‍රමය හදපු එකාගේ අම්මා සිහිගන්වමින් පළාත් පාලන ඡන්දය නිමා වේ..! බහුතර බලය ජාතික ජන බලවේගයට..!

    මහා පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රටේ ආර්ථිකය අවුල්වෙලා තියෙනවලු මොකද රටේ සල්ලි ගොඩක් යුද්ධ විශේෂයෙන් විදේශ රටවල යුද්ධ වලට වියදම් වෙච්ච නිසා. අඩු ගාණේ සයවන පැරකුම්බා කිව්වා නම් හරි. අනික මේ එකට අනුව 2015න් පස්සෙත් රටේ දදෙනි වැඩි වෙලා තියෙනවා. හැබැයි පස්සේ සෘණ වර්ධනයත් එක්ක අඩු වෙලා තියෙනවා. ඒ නිසා...
  20. H

    ඡන්ද ක්‍රමය හදපු එකාගේ අම්මා සිහිගන්වමින් පළාත් පාලන ඡන්දය නිමා වේ..! බහුතර බලය ජාතික ජන බලවේගයට..!

    සිංහල බෞද්ධද සිංහල ක්‍රිස්තියානිද නෙවෙයි, දදේනි වැඩි වෙලා නැද්ද?

    No contents