1. H

    ඛණිජ තෙල් සංස්ථා ආදර්ශයක්

    දෙකම රජයේ දේපළ.
  2. H

    ඛණිජ තෙල් සංස්ථා ආදර්ශයක්

    රජයේ ආයතන වල ලොකුම boss ලට එක්කෝ නිල රථයක් ගන්න පුළුවන්, ඒකට මාසෙකට දෙන ඉන්ධන ලීටර් ගාණක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ වාහනේ අරන් එනවා නම් ඒ මාසෙට දෙන තෙල් ලීටර් ගාණට සමාන සල්ලියි වාහන දීමනාවයි ගන්න පුළුවන්. ඒ දෙකම එක පාර ගන්න බෑ. ඉතින් තමන්ට ආයතනයේ තියෙන වාහනයක් නිල රථය විදිහට ඉල්ලන්නත්...
  3. H

    Help

    එයාලා/කට්ටිය කියන්නේ කවුද? අනික ඔයාට සල්ලි හම්බ කරලා දෙන්නේ "එයාලා" නම් කමක් නෑ. ඒ හින්දා කුප්පි වලට යන්න බැරි නම් මේ options තියෙනවා. 1 කුප්පි වලට යන එකෙක් fit කර ගන්න. 2 net එකේ ඕනතරම් පාඩම් තියේ, ඒවත් බලන්න.
  4. H

    මොකද කරන්නෙ බං දැන්

    අනේ මන්දා බං මට තේරෙන විදිහට නම්, මිනිහෙක් වාහනයක් ගන්න ඕන තමන්ට ඒක නිසා ලැබෙන වාසිය පාඩුවට වඩා වැඩි නම්. ඒ කියන්නේ පට්ට ලෝන් එකක් දාලා, ඉතුරු කර ගත්ත ඒවත් දාලා වාහන ගන්නවා. ඊට පස්සේ ඒවට තෙල්, serviceකරන්න, කැඩුනම හදන්න ඕවාට තමන්ට වියදම්. එතකොට lease එක/ණය වාරිකය ගෙවලා තමන්ට ලාභයක් තියෙ නම්...
  5. H

    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    දැන් මේ වියදම අඩු කරගන්න විදිහ නම් අහන්නේ මට කියන්න තියෙන්නේ මේවා, හැබැයි අස්සයා සත 50ට ගන්නයි වැටඩ උඩින් පන්නන්නයි දෙකක් බෑ. මුලින්ම වාහනේ යන එක අඩු කරන්න වෙනවා, ඒ වෙනුවට බස්/කෝච්චි පාවිච්චි කරන්න වෙනවා. පිටින් කෑම බීම ගන්න එක අඩු කරගන්න වෙනවා.
  6. H

    වසර තුනට අලිවැටට බිලියන තුනක් වියදම් කරලා…

    දැන් මේ audit ලා කියන විදිහට අනුරාධපුරේ අලිවැට ගැහුවාම පොළොන්නරුවේ අලි මැරෙන එක නවතින්න ඕන. මොකද අලිවැට ගහන්න ගිය වියදම ඔය ගාණ ඇතුළේ තියෙනවා වගේම අලි වැටක් නැති පැත්තක අලි මැරිච්ච එකත් ඔය ඉලක්කම් වල තියෙනවා.
  7. H

    බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

    හරි, ඒ මනුස්සයා ඒ රටේ පුරවැසියෙක්, ඒ හින්දා මෙහාට බාර දෙන්න ශක්තිමත් සාධක පෙන්වන්න ඕන කියලා කියන්නේ, ඒ මනුස්සයාට කරපු චෝදනා සනාථ කරන්න ශක්තිමත් සාධක නෑ කියන එකද?
  8. H

    දියවන්නා restaurant කෑම මිල 😁

    මම මේ දැන ගන්න අහන්නේ. අවුරුදු 3-4කට කලින් ඔය canteen එකේ මිල ගණන් වැඩි කරලා ඒක reporting යන මාධ්‍යවෙදීන්ටත් ගෙවන්න වෙලා කියලා පත්තරේක දැක්කා මතකයි. එතකොට මේ කියන්නේ දැන් ඉස්සරහට මේ ගණන් දීලා කන්න ඕන කියලනේ. එතකොට සාමානය්යෙන් වෙන්නේ මන්ත්‍රීවරු තමන් සල්ලි දීලා කෑම අරන් කන එකද, එහෙම නැත්නම්...
  9. H

    චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

    ඔය පොල් ක්‍රීම් වගේ හදලා, blender කරලා පොල් ඉතුරු කරගන්න කියලා අවුරුදු 10කට විතර කලිනුත් පොල් සංවර්ධන මණ්ඩලයෙන් ad දැම්මා මතකයි. කොහොමත් ලොකුවට උයන තැන්වල පොල් blend කරලා තමයි ගන්නේ. ඊට පස්සේ ඒ පොල් කුඩු, පොල් තෙල් මෝලට යවලා තෙල් හිඳිනවා, ඒවා අර පහන් තෙල් කියලා ගන්න පුළුවන්. ඒ ඉතුරු වෙන ටික තමයි...
  10. H

    76000 පිළිලා ඖෂධය 359ට අඩුවෙලා කියන කතාව ඇත්ත බැලුවම නේහ්🤯

    මෙහෙමයි, ටෙන්ඩර් කරලා ගන්නකොට තරග කාරී සමාගම් ආවම දාන මිල අඩු කරා නම් හොඳයි. ඒත් දැන් ඒක ලාභයක් කියලා උඩ දානවා නම්, ඒකෙම අනෙක් පැත්ත, ඒ කියන්නේ ගිය අවුරුද්දේ bidder දාපු මිලට වඩා මේ පාර bidder දාපු මිල වැඩි වෙලා එයා තේරුනා නම් ඒක අලාභයක් වෙනවද? මොකද ගිය පාරත් අඩුම මිල, මේ පාරත් අඩුම මිල අනික්...
  11. H

    අර බෙහෙත රු 76000ක් ද ?

    මේ බේත කීයද හරියටම දන්නෙ නෑ. මෙහෙම හිතමු. දැන් ආනයනය කරන කොට බදු, ප්‍රවාහන ගාස්තු, රක්ෂණ, ගබඩා කුලී ගෙවන්න වෙනවා. ඒ හැම එකටම වඩා මම දන්න විදිහට සමහර බේත් ජාති ගෙන්වන්නේ ගුවන් ප්‍රවාහනයෙන්. එතකොට ප්‍රවාහන වියදම වැඩියි. ඊටත් වඩා රජයේ ආයතන බඩු ගන්නේ ණයට. එතකොට සල්ලි ලැබෙන්නේ පහු වෙලා. ඒ නිසා cash...
  12. H

    රනිල් සර්ගෙ වැඩ😘😘

    ග්‍රැහැම් බෙල් තමන් හොයා ගත්තේ මොකක්ද කියලා දැන ගත්තේ පස්සේ. එයා කතා කරේ ඇ‍ඟේ බැටරි ඇසිඩ් හැලිච්ච එකකට, තමන්ගේ සහයකයට. එඩිසන්ට කලින් විදුලි බුබුළු නිපදවපු අය හිටියා. නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තියපු එක අභ්‍යවකාශ තරගයේ ප්‍රතිපලයක්. ඒක ගෝලීය දේශපාලනය. මාක් සකර්බර්ග් තනියෙන් ඕක හැදුවේ නෑ. ඒක...
  13. H

    Sigiriya Night -අලෝකමත් කලොත් සිගිරිය මෙසේ වෙයි

    මට මතක විදිහට ඔය සීගිරිය ලයිට් දාලා සංචාරකයින්ට නව අත් දැකීමක් දෙන්න ලොකු ව්‍යාපෘතියක් 2003,04 වගේ කතා වුනා, පත්තරවලත් ගියා. (ඒ කාලේ මම ඉස්කෝලෙ යනවා) හැබැයි ඔය මොකක් හරි රතු පාට පක්ෂෙකින් ගහපු පත්තරෙකින් ඕක ගැන මිනිස්සුන්ට බිල්ලො මැව්වා සීගිරි ලලනාවො වගේ කෙල්ලො උඩට ඇඳුම් නැතුව ඉඳී කියලා.
  14. H

    පිළිතුරු පත්‍ර ඇගයිමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් හරවා යවයි! ස්ටාලියා හඬා වැටේ. එදා සාරි අඳින්න බෑ කිව්ව මාලිමා ගුරුවරියන්ගෙ පණුරුදය සුවවේ!

    මේවාට කියන්න ඕනේ රෙද්දේ රටවල් කියලා, මොකද මනුස්සයෙක්ගේ විනය තකන්නේ රෙද්ද බලලනේ. අනික ඉස්කෝලවල ඉන්න සමහර principal ලා වැඩ කරන්නේ ජනාධිපති වගේ. අර කොහෙද ලොකු බාලිකා පාසැලක තමන්ට පිරිමි ගුරුවරු එපා කියලා කෙලින්ම අමාත්‍යංශ ලේකම්ට ලිව්වේ.
  15. H

    අක්කා මල්ලී පවුල් දෙක අතර මුදල් ආරවුලක්

    දැන් අර පැහැරගන්න යන කොට බේර ගන්න ආපු කොල්ලට මොනවා හිතෙනවා ඇද්ද?
  16. H

    Questions SITC Campus එක හොඳයිද?

    SITC එකට එයාලගේ නමින් degree දෙන්න බලයක් තියෙනවද? එයාලා දාන post වල බලන්න UGC එකෙන් දුන්න ලියුමක් දානවා, ඒකෙ තියෙන්නේ කොහෙදෝ වෙන රටක තියෙන campus එකක නමක් දාලා ඒ වෙන රටේ campus එක විශ්වවිද්‍යාලයක් කියලා පිළිගන්නවා කියලා මිසක් SITC එක පිළි ගන්නවා කියලා නෙවෙයි.
  17. H

    බලපන්කො මු කියන කතාවා දෑන් වෑරදි අපිලු😁😁

    අර එකමත් එක රටක අන්දරේ කියලා රජ ගෙදර හිටපු හාදයෙක්, කොහෙදෝ වෙලක තිබ්බ ලොකු කලු ගලක් උස්සලා අයින් කරනවා කියලා, ගමරාළ ගෙන් හොඳට කෑවා බිව්වාලු. ඊට පස්සේ කිවාලු ගල උස්සලා පිට උඩින් තියන්න කියලා ගමේ මිනිස්සුන්ට, එතකොට අයින් කරලා දෙන්නම් කියලා.
  18. H

    ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

    රට හදනවා කියන්නේ මොනවාද? ඒ කියන්නේ මොන මොන දේවල්ද වෙනස් වෙන්න ඕන? ඊ ලඟට ඒවා වෙනස් වෙන්න ඕන ඇයි? ඊටත් පස්සේ මිනිස්සු, ඒ කියන්නේ ඒ තත්ත්වයේ ඉන්න මිනිස්සුන්ට ඒ වෙනස ඇත්තටම ඕනද? උදා- කෝච්චි පාර අයිනේ මුඩුක්කු පේළි තියෙනවා. රට හදනවා කියලා කරන්න ඕන බලය දාන එක නම් හමුදාව දාලා මුඩුක්කු කඩලා දානවා, ඒ...
  19. H

    කාමුක හැගීම් අවුස්සන ගීත තහනම් කරයි!!!

    ගුණදාස ලියනගේ කියලා ලේඛකයෙක්ගේ දෝන කමලාවතී කියලා පොතක් තියෙනවා, පුළුවන් නම් කියවලා බලන්න.
  20. H

    Clean Sri lanka එක කෙලවුනා කියමු! 🤔

    බස්,ත්‍රී රෝද රථ නීති විරෝධී වැඩ කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන එක හරි කියමුකෝ. දැන් clean SL එකට ඕක අයිතිද නැද්ද?

    No contents