කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැගී...
ජාති ජාති මලින් සුවඳ උරා බී
වටින් පිටින් සිසිල් සුලං හමන්නේ
සාමදාන සැදෑ සොබා ඇදෙන්නේ
අන්න අන්න ඉරත් මුහුදෙ ගිලෙන්නේ
මගේ කුමාරී යාව තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ..
සුදෝ සුදෝ අන්න සඳත් එබෙන්නේ
සාධු සාධු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සඳේ නිකන් තැවෙන්නේ...