කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ....
ඉතින් මට බෑ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා
කවුළුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්....
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුලුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්....
~සනත් නන්දසිරි~