1. R

    ~ බිඳුනු පාවහන්~

    නොනැසී කල් පවතින දේ හා සදාතනික දේ තුල අලුතින් ලොවක් ගොඩ නොනැගෙනා මුල ධර්මය නිසාම වෙන්න ඇති හැම දෙයක්ම කල් ගෙවී වුනත් අපට නැති වෙන්නත් අපෙන් සදහට බැහැර කරන්නත් ස්වභාව ධර්මයා නිසි කලට කටයුතු සලස්වන්නේ....... කොහොම වුනත් ගැඹුරු දහමක් පද පේලි තුලින් අප මනසට රිංගවීම ගැන කස්ස මල්ලියට මගේ සහෝදර...
  2. R

    ආදරණීය අබේ....

    අබේ අයියා මං හැබැහින් ඇසුරු කල කෙනෙක්..මං කලාව හා සම්බන්ධව සිටි ලස්සන අතීතයක් මටත් තිබුනා. ඒ අතීතයේ දැල්වුන පහනේ එක් පහන් තිරයක් තමයි මෙ සොඳුරු මිනිසා.. අබේ අයියාට නැවත අප අතරම ඉපදී අපව පෙර මෙන් ලයාන්විත ගීයෙන් සනසන්න ලැබේවා කියල මහ ආත්මාර්කාමී සිතුවිල්ලක් මගේ සිතේ ඉපදෙනවා ඔහුට නිවන් සුව පතනවට...
  3. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    නව වෙනස්වීම් සමඟ නව ලොව දිනීම සඳහා වහ වහා සියල්ලන්ම අප වටා එක් රොක් වන්න..... අලුත් නිලධාරී මඩුල්ලට මගේ හද පිරි සුබ පැතුම්... තෙරුවන් සරණින් සියලු ශක්තිය හා බලය ඉදිරියටම යාම සඳහා...... අපේ සංවිධානයට ජය වේවා!!
  4. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    මල්ලියා වාර්තාව කොහේද පල කලේ? ඒ ගැන පොඩි සඳහනක් මෙතැන කලොත් හොඳයි නේද.. මල්ලිට ජය.....
  5. R

    ~මල් යායට ඉඩදී~

    ඒකනේ මල්ලියා ප්‍රේම පරාදීසේ මොහොතක සැරිසරලා බැලුවා.. බොහොමත්ම ස්තුතියි මල්ලියා කවදත් වගේ ඔයාගේ වටිනා විචාරයට.....
  6. R

    ~මල් යායට ඉඩදී~

    අපිටත් ඉතින් පරණ යටගියාව ඉඳල හිටල මතක් වෙනවා.. බොහොම ස්තුතියි නංගියා අදහස් දැක්වීම ගැන....
  7. R

    තනිකමේ සොඳුරු බව....

    එහෙම හැඟීමක් ඇති නොවෙනවා නම් තමයි අපි පුදුම විය යුත්තේ නංගියා.. ඔයා මං වගේ නිර්මානකරනයේ අයන්න කියමින්දණ ගාන්න හදන අයට විතරක් නෙවෙයි ශ්‍රේෂ්ඨ නිර්මානකරුවන් හැම කෙනෙකුටම පවා දැනුන හා දැනෙන ස්වාභාවික සිතුවිල්ලක් ඕක.. .. උදාහරණයක් වශයෙන් සම්භාව්‍ය සිනමා නිර්මාණ රැසක් බිහි කරපු ලෝක පුජිත සිනමා...
  8. R

    කයන්න වියන්න

    ඉතා හොඳ ක්‍රියාවක්..මාත් සම්මාදම් වෙන්නම් මට හැකි උපරිමයෙන්.. අපේ එකෙක්ගෙ වැඩකට නැති සහයෝගයෙන් කුමන පලක්ද...
  9. R

    තනිකමේ සොඳුරු බව....

    තනිකමේ පැටලෙන්න පැටලිලා නිදි නැතිව කල්පනාවේ නිමග්නව ඉන්න එක හරිම චමත්කාරයි..... ආවර්ජනය තුලින් අප තුල දිනෙන් දින අලුත් පුද්ගලයෙක් මතු කරනවා කියන එක සත්‍යයක්... ඉතා අපූරු කෙටි එහෙත් සුගම පද පෙල... ඔබගේ නිර්මාණ කුසලතාවයේ ප්‍රගතිය සියැසින් කෙටි කලක් තුල මෙලෙස අත්විඳින්නට ලැබීම හා ඔබ තුල...
  10. R

    පද පේලි .....

    උන්මාද සිතුවම් මැවේ බිඳේ මීදුම් වලා මැද අතීතයේ බිඳුණූ පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්ටැම් ගේ.... අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්ටැම් ගේ..... දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද...
  11. R

    පද පේලි .....

    තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අඳුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ....... දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි...... නුවර උයන් මැද හමුවූ ලඳුන් නැතී යටැසින් බැලු නෙත්...
  12. R

    පද පේලි .....

    මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරා ගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින්..... බලාගත් වනම බලා සිටින්නෙමි සිතා ගන්න බෑ කලයුතු දේ දරා ගන්න බෑ මේ රුදු පාළුව කෙසේද මා තව ඉවසන්නේ.... ඔබේ රුවම නිති පතා සිටින්නෙමි සොයා දෙනෙත ගැටෙනා දසුනේ ගෙවා ගන්න බැහැ මේ ලෙස කාලය කෙසේද මා තව ඉවසන්නේ... ~රෝහණ...
  13. R

    පද පේලි .....

    එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම් ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි...... තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිලියක වනු පල නෑ ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ.... මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ තව දිව යනු රිසි නෑ අවසන් පෙම්...
  14. R

    පද පේලි .....

    අම රස පෙම් රසයෙන් කැලතෙම් ඔබ නැති නම් මිහිපිට නැත මං.... සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා ඔබ දැකුමෙන් සිත උමතු වුනා මා ජීවත්වන බව මට දැනුනේ ඔබෙ හද සැලෙනා රාවෙන්....... සුපිපුණු මල් නටුවෙන් ගිලිහී මද සුලඟින් ඔබ වෙත පැමිණී ඔබ පා මත විසිරි පරවෙන්නට මට ඉඩ දෙනු මැන මතුදා... ~ශ්‍රීමතී තිලකරත්න~
  15. R

    පද පේලි .....

    මේ පදවැල් මා මෙලෙස අකුරු කරන්නේ අප අතරින් සදහට සමුගත් සෙනෙහෙබර ලයාන්විතයා "අබේ අයියාට" උපහාරයක් වශයෙනි.. ඔබට සසර කෙළවර අමා මහ නිවන් සුව!! කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ..ආදරේ..... නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී...... මා වටා...

    No contents