පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ
කඳූලෙනි ජලකඳ සැදුනේ සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙහි අඬසද පිපුණේ වේදනාගෙනේ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ
එනවා යනවා හඬනවා හිනැහෙන කෙනෙක් නැතී
එනවා යනවා හඬනවා යන එන තැනක් නැතී
කලුවර කුටියක එළිය හොයනවා
ඉර හඳ හිනාවෙතේ
හිරු ගේ සඳූගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
හිරු ගේ සඳූගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුඬෙන් තැනු පෙම් සොහොනේ
වැලපෙති පෙම් දරුවෝ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ
කඳූලෙනි ජලකඳ සැදුනේ සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙහි අඬසද පිපුණේ වේදනාගෙනේ
- ඇන්ජලින් ගුණතිලක