අපි පොඩි කාලේ සුරුට්ටු තිබුන, සුරුට්ටු පෙට්ටි කඩෙන් ගන්න තිබුන. සුරුට්ටු ඉවර වුනාට පස්සේ හිස් ලී පෙට්ටිය විකුණනවා පොඩි ගානකට. මේක පැන්සල් පෙට්ටියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. පොඩි කාලේ ඉලෙක්ට්‍රොනික් ගැජට් හැදුවම සුරුට්ටු පෙට්ටියක තමයි හයි කරන්නේ. කාලෙකින් කඩේක සුරුට්ටු විකුණනවා දැකල නැහැ.