ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසට විත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන ‘අර’ පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය. ‘‘කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?’’ කුළුණ හිතන්නේ ය. කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්...