එදා දඹදිව උදේනි කියන නුවර හිටියා බොහොම ධනවත් සිටුවරයෙක්. මේ අයට හිටියේ එකම දරුවයි. ඒ දුවක්.....'ඉසිදාසි' කියලා. රූ සපුවෙන් අනූන, බොහොම නිහතමානී,ගුණ යහපත් කෙනෙක්. ඉතින් නිසි කළ වයස පැමිණුනාම කුල සිරිත් අනුව මේ දියණිය තවත් උසස් සිටු පවුලකට සරණපාවා දුන්නා. මෙයා තම ස්වාමියාට සැලකුවේ දෙවියකුට වගේ...