මෙහිදී පළමුවෙන්ම කිවයුතුව ඇත්තේ ධර්මය අකාලික බවයි.
එනම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව ඕනෑම කාලයක දී ඒ ආකාරයෙන් ම අවබෝධ කළ හැකි බව යි,
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයේ යම්කෙනෙකු ධර්ම මාර්ගයේ ගමන්කොට යම් මාර්ග ඵලකට පැමිණියේද අදටද එලෙසම...