අද (2013.03.07) උදේ වැඩට එන්න ලෑස්ති වෙන ගමන් එහෙන් මෙහෙන් හිරු ටීවී එකේ යන පත්තරේ විස්තරේට කණ පොඩ්ඩක් දාගෙන හිටියා. තමිල්නාඩුවේ කොටි හිතවාදියෝ මධුරෙයි වල මිහින් ලංකා කාර්යාලය පොඩි පට්ටම් කරපු කතාව, ගිනි තියාගත්ත දකුණු ඉන්දියානුවා මියගිය කතාව අස්සේ ජෙයලලිතා ජෙයරාම් නෝනා කියපු කතාවක් ගැනත් ඇහුනා...