අපේ උරුමය - ශාන්ති කර්ම

Jan 15, 2009
9,238
368
0
පත්තිනි තොරණ

පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර ‘වසංගතය ඇර යමි තොරණ දක්වනු’ ලෙස කවි ගායනා වෙයි.

ඉන්පසු කපු මහතා පත්තිනි නැටීම ආරම්භ කරන අතර, මෙම නර්තන පත්තිනි දෙවියන් සඳහා වූ කරඬු පද හෙවත් පත්තිනි පද හතක් නැටීමෙන් සිදු කරනු ලබයි. එහිදී හළං තොරණින් ඉවතට ගෙන ගිගිරි හඬ නංවමින් ‘ආවඩා, ආයුබෝවේවා!’ ලෙස ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පතමින් හළං චලනය කිරීම සිදුකරයි.


‘නපුරු නැකැත් වන් දිනයේ ඇටි කුළු ගෙරි කබර ගොයින්

කපුටු සුහුණු කැහැරැල් ඇඟ පහරා යළි ගෙට වදිමින්

එවිට සියලූ බකමූණන් ගෙයි කොණ ඇඬු උල ලේනුන්

එදුරු වේය හැම පිරිපත මෙ-තොරණ දුටු බලයෙන්


මෙවැනි කවි විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ දෛනික ජීවිතයේ ගැමියන් අශුභ ලෙස විශ්වාස කළ සංකේතයන්ගෙන් දොස් දුරු කිරීමට, තොරණ දැකීමේ ආනුභාව බලයෙන් හැකියාව ලැබෙන බවය. එනම් මෙවැනි ස්තෝත්‍ර මහජනයාට සමීප කිරීමටත් එහි ඇති රෝග නිවාරණ ගුණය විදහා දැක්වීමත් කවි තුළින් පිළිබිඹු වේ. පත්තිනි නැටීම සිදු කරන්නේ කපු මහතා විසින් වන අතර, ඔහු ගොයිගම කුලයට අයත් වූවෙක් වෙයි. එය පාරම්පරිකව පිය-පුතු උරුමයෙන් ‘කපු පත්තිනි’ තනතුර ලැබෙන නමුත් වර්තමානය වන විට කපුරාළගේ ප්‍රධාන ගෝලයන්ට ද මෙම අවස්ථාව හිමි වී ඇත.


ශාන්තිකර්මයේ පත්තිනි භාගය මෙතනින් අවසන් වන අතර වාහල භාගය ඉන්පසු ආරම්භ වේ.
 
  • Like
Reactions: Hayao and Amalka101
Jan 15, 2009
9,238
368
0
තෙල්මේ නැටීම

‘තෙල් මෙහෙය’ සිදු කිරීමට කරන නැටුම් පූජාවක් වන බැවින් තෙල්මේ නමින් මෙම නැටුම් අංගය හඳුන්වනු ලැබේ. නොඉඳුල්ව පිසගත් තෙල්වලින් දොළහ දෙවියන්ට පහන් දල්වා මෙම යාගය සිදුකරනු ලබයි. දොළහ දෙවියන් යනු පත්තිනි දෙවියන් සමඟ පුද ලබන දෙවිවරු දොළොස් දෙනෙකි. ‘තෙල්මේ තටුව’ නමින් යුත් පූජාසනය මඩු භූමියට ගෙනවිත් දෙවිවරුන්ට පූජා කර තෙල්මේ නැටුම ආරම්භ කරයි. සේරමානම් රජු (චෝල) ලක්දිවට විත් පැවැත්වූ ප්‍රථම මඩු මංගල්‍යයේ දී චෝල රාජ කුමාරවරු 12 දෙනෙකු මෙම තෙල්මේ නැටුමට සහභාගී වූ බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. එම කුමාරවරු නමින් තෙල්මේ, සාතා, සළඹා, ඇලිකොත් රජ, යුවරජ, යා රජ, වීරමුණ්ඩ, දළ රජ, පඬි රජ, බල රජ, කලි රජ සහ දුලබා වෙති. මෙම නර්තනය සඳහා තෙල්මේ ඇඳුම නමින් විචිත්‍රවත් ඇඳුමක් (කුමාරවරුන්ගේ මෙන්) භාවිත කරන අතර විල්ලූද රෙදි මත පබළු, කනඳු, සීක්වින්ස්, රේන්ද ආදිය අල්ලා විචිත්‍රවත් කර ඇත. මෙම නර්තනය සඳහා පැය දෙකක පමණ කාලයක් ලබාගන්නා නමුත් වර්තමානයේ දී පිනුම් ගැසීමේ කාල පරිච්ඡේදයන් වෙන්කර ඇති බැවින් තෙල්මේ නර්තනය කෙටි වී ඇත. නමුත් පිනුම් ගැසීම යාග අංගයක් නොවන අතර ප්‍රේක‍ෂක විනෝදාස්වාදය සඳහා කාලානුරූපව එකතු කර ගත් නර්තන අංගයකි .
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පත්තිනි තොරණ

පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර ‘වසංගතය ඇර යමි තොරණ දක්වනු’ ලෙස කවි ගායනා වෙයි... ශාන්තිකර්මයේ පත්තිනි භාගය මෙතනින් අවසන් වන අතර වාහල භාගය ඉන්පසු ආරම්භ වේ.


300px-Patthini_Thorana.jpg


පත්තිනි තොරණ



මේ ත්‍රෙඩ් එකට සඳුන් අයියා ගොඩාක් මහන්සි වෙනව වගේ ........ නියමයි
දන්නැති ගොඩක් දෙවල් මාත් දැනගත්තා .... දිගටම කරගෙන යන්න
 
  • Like
Reactions: sandun thilaka
Jan 15, 2009
9,238
368
0


300px-Patthini_Thorana.jpg


පත්තිනි තොරණ



මේ ත්‍රෙඩ් එකට සඳුන් අයියා ගොඩාක් මහන්සි වෙනව වගේ ........ නියමයි
දන්නැති ගොඩක් දෙවල් මාත් දැනගත්තා .... දිගටම කරගෙන යන්න

:D thankz nangi me pic ekatath!
 
Jan 15, 2009
9,238
368
0
පිදේනි දීම (මැදියම)

තුන්යාමේ දෙන පිදේනිවලින් මධ්‍යම රාත්‍රියේදී පිදේනි දෙන්නේ සන්නි කුරුම්බරටය. පෙරයම දී මෙන්ම මෙහිදී ද තටුවලට පිදේනි ලබාදෙන අතර මහයාමේ පිදවිල්ල ලෙස ද මෙය හඳුන්වනු ලැබේ. මෙම යාමයේ යකුන්ගේ ක්‍රියාකාරිත්වය වඩා වැඩියෙන් වෙතැයි සැලකෙන අතර සන්නියකුන් දහඅට දෙනාට පිදවිලි දීම සිදුකරයි. පන්දමක් අතින් ගත් එක් නර්තකයකු හා එක් බෙරවාදකයකු පමණක් සහභාගි වන අතර පෙර යම පිදේනි දීමේ මෙන් නර්තනය සඳහා වැඩි වේලාවක් වැය නොකරයි.
 
Jan 15, 2009
9,238
368
0
වාහල

ගම්මඩුවෙහි පුද ලබන දැඩිමුණ්ඩ හෙවත් වාහල බණ්ඩාර දෙවියන් පිණිස පවත්වන නර්තනාංගයක් වන මෙය යක‍ෂයන්ට සෙන්පති තනතුර දරන මෙම දෙවියන්ගේ දිෂ්ටිය ආවේෂ කරගෙන ඇදුරෙකු විසින් මෙම නර්තනය සිදු කරනු ලබයි. වාහල දෙවියන්ගේ ඇඳුමට සමාන ඇඳුමකින් සමාරෝපණය වන ඇදුරා පැය 1 1/2 ක් 2 ක් පමණ ත්‍රාසජනක ලෙස නර්තනයෙහි යෙදෙයි. වාහල තොප්පිය නම් දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළට සමාන තොප්පියක් දමා සුදු, රතු, කළු මිශ්‍ර හැට්ටයක් ද ඊට ගැළපෙන සායක් ද ඇඳ දෙකකුලට ගිගිරි බැඳ දැඩිමුණ්ඩ දෙවියන්ගේ මල් ආසයන ළඟ පුටුවක වාඩි වූ පසු, අනෙක් ඇදුරෝ වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි ගායනා කරති.

‘බුදුන් තනි කරලා – දෙවියෝ ගියයි හැරලා
දැඩි දෙවිඳු එකලා – මුණ්ඩ, දැඩි යයි නම වදාලා’


‘වාහල’යන නම යෙදුණේ දෙවොල් දෙවියන්ගේ සහ බුදුන්ගේ වාසල මුර කළ බැවිනි. දැඩිමුණ්ඩ යන නම යෙදීම පිළිබඳව ද පුරාවෘත්තයක් ඇත. මුණ්ඩ යන නම මුලදී තිබූ අතර, බුදුන් වහන්සේ හා මාර සේනා යුද්ධය වේලාවේදී අනෙක් දෙවිවරු බුදුන් වහන්සේ හැර ගියත්, මුණ්ඩ බුදුන් වහන්සේ හැර නොගියෙන් දැඩි සිතක් ඇති බව දැක්වීමට ‘දැඩිමුණ්ඩ’ යන නම ලැබුණ බව සඳහන් වේ. මින් පෙනී යන්නේ මෙම යාතුකර්මවල සුජාත බව රැකීමට මිථ්‍යා කථාවන්, පුරාණ බුද්ධ කාලය සමඟ සම්බන්ධ කොට ගොතා ඇති බවයි. සිම්ප්සන්ගේ අර්ථයෙන් දක්වතොත් යාතුකර්ම කොතරම් ස්ථාපිත වී තිබුණ ද ඊට බලය ලැඛෙන්නේ වර්තමාන යාතුකර්මය, පුරාණ බුද්ධකාලීන භාරතයේ යම් සිදුවීමක් හා සම්බන්ධය යන විශ්වාසය මත බව කිව හැකිය (සිම්ප්සන් 2007: 200-04). එනම් යාතුකර්ම යුක්ති යුක්ත කිරීමටත්, දෙවියන්ගේ නිර්ව්‍යාජත්වය පෙන්වීමටත් මෙවැනි මිථ්‍යාවන් ගොඩනැගෙන බව කිව හැකිය.


මුළු දෙවොල් මඩුවේම වේගවත්ම නර්තනය වන මෙයට අඛණ්ඩව භේරි වාදනය සපයයි. භේරි වාදනය නැවතුණහොත් ආරූඪ වූ ඇදුරාට හානියක් වෙතැයි සෙසු ඇදුරෝ විශ්වාස කරති. පුටුව මත වාඩි වී නර්තනයට සැරසෙන ශිල්පියාට, දුම්මල මතුරා අඟුරු කබලකට දමා එම දුම ශරීරයට හා මුහුණට අල්ලත්ම දැඩිමුණ්ඩ ප්‍රලය මතු වී වේගවත් ලෙස පත්තිනි තොරණ අභියසට යයි. එතැන් සිට සියලූ මල් යහන්වලට වඳිමින් නැටුම් දක්වන අතර වරින් වර මල් යහන්වලට පනියි. තවද වරින් වර ඔහුගේ අතට හත්පද (කොතලය, අඟුරු දුම්මල කබල, මුගුර, පොල් මල, හක් ගෙඩිය, කලහ හා පන්දම්) ලබාදෙන අතර පොල් මල අතට දුන් පසු එය කැඩී විසිරී යන තෙක්ම හිසට ගසමින් පාලි දක්වයි. පන්දම හා දුම්මල අතට දුන් පසු මල් යහන්වලට සහ රඟමඩලේ සෑම තැනම දුම්මල ගසමින් රඟමඩල පුරාත්, ඉන් පිටත් දුවයි. ඔහු පසුපස පළපුරුදු ආවතේවකරුවෝ ද දුවන අතර ප්‍රේක‍ෂක ආතුරයෝ ද කෑ ගසමින් හිස් ලු ලු අත දුවති. විස්මය හා භයානක රසය උද්දීපනය කිරීමට මෙම නැටුම සමත් වන අතර අවසානයේ, වාසල යහන අසල ප්‍රලය වූ ඇදුරා සිහිමුර්ඡා වී වැටෙයි . එම අවස්ථාවේ දී අන් ඇදුරන් විසින් අල්ලා ගනු ලබන අතර, කලින් මතුරා ඇති කහදියර කොතලයෙන් පැන් ඉස දෑතේ පන්දම් ඉවත් කර, වාහල තොප්පිය ගලවා ඔහුට සිහි ගන්වන අතර ඉන්පසුව ඔහුට තෑගි ලබාදීම ප්‍රේක‍ෂක ආතුරයෝ කරති. ඉන්පසුව ප්‍රේක‍ෂකයන්ට වාහල දෙවියන්ගේ සෙත් කවි ගායනා කර එම නර්තනය නිමා කරයි.


‘දේවතා බණ්ඩාර දෙවිඳුට කියමි කවි මම වැඳ සමා
පේව ඔබ ගැති කරන වේලේ යහපතක් වෙන්නටා
බෝව කල්පය පවත්නා තෙක් කියමි දන්නා පමණටා
දේවතා දෙවි පිහිට වෙනවයි වරද ඇත්නම් ගැති හටා’


මෙම අවස්ථාවෙන් ගම්මඩුවේ දෙවන භාගය වන වාහල භාගය අවසන් වන අතර ඉක්බිති එළඹෙන්නේ දෙවොල් භාගයයි.
 
Jan 15, 2009
9,238
368
0
අඹ විදමන


කවි ගායනා කරමින් මෙතෙක් දැක්වූ නර්තනාංගයන්ට වඩා වෙනස් වූ නාට්‍යාකාරයෙන් රඟ දක්වන මෙම අංගය තුළ, දකුණු ඉන්දියාවේ පඬි රජුගේ උයනේ හටගත් අරුම පුදුම අඹ ගෙඩියක් විද, බිම හෙළීම විදහා දැක්වෙන සේ අඹ විදමන සකස් කර ඇත. ශක්‍රයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණ අඹ ගෙඩිය විදීමේ සිද්ධිය පාදක කරගත් මෙම අවස්ථාවේ, කෝලම් නර්තන සම්ප්‍රදායයේ එන අණබෙර කෝලමේ මුහුණ භාවිතයට ගනී. එහි මහලූ වේශයක් දැක්වෙන අතර, ගම්මඩුව ශාන්තිකර්මය සඳහා වෙනත් ශාන්තිකර්මයන්හි ලත් ආභාසය ද ඉන් නිරූපණය වේ. මහල්ලා බෙර වාදකයින් සමඟ දීර්ඝ සංවාදයක යෙදෙන අතර දෙපැත්ත කැපෙන්නා වූ ද, අසභ්‍ය වූ ද වදනින් තත්කාලීන රූපවාහිනී වෙළඳ දැන්වීම්වල වදන්වලින් ද එය සමන්විත වෙයි. ප්‍රේක‍ෂකයාගේ මනසට ඉතා පහසුවෙන් සමීප විය හැකි ආකාරයෙන් පෙළ ගස්සවා ඇති මේවා මගින් හාස්‍යය උත්පාදනය කරයි. එනම් මෙම ශාන්තිකර්ම අතීතය ප්‍රතිනිර්මාණය කරනවා පමණක් නොව, වර්තමානය ද යාතුකර්මයට සමීප කර රෝග නිවාරණ කාර්යයක යෙදෙන බව පැහැදිලි වේ. මෙම නර්තනාංගය අවසානයේ පත්තිනි දේවියගේ අඹෙන් වූ උපත සඳහන් කර පත්තිනි දේවියගේ ආශීර්වාදය ප්‍රේක‍ෂක ආතුරයන්ට ලබා දෙති.


300px-Amba_widamana.jpg



‘අහස් ගැබේ වැඩවූ සබේ එරන් අඹේ පිළිසිඳ තෙද පැමිණ

දහස් සබේ මැද එ සුබේ පාපු ලොවේ පඬියා නෙත මකමින

යසස් ඔබේ ගුණ නිළඹේ සිරුරු ගැබේ පණ ගෙන්නූ විගසින

දෑත් ගොබේ දොස නොතිබේ මිනිස් ලබේ තෙද අනුහස් වැයෙන’
 
Jan 15, 2009
9,238
368
0
පිදීම (අලූයම)

ගිනි කුරුම්බරට පිදේනි දීම මෙම අවස්ථාවේදී සිදුකරයි. පෙරයම, මධ්‍යමදී මෙන් අලූයම ද මෙය සිදුකරයි. ගිනි කුරුම්බර යනු දෙවොල් සත් කට්ටුවේ එක් කුමාරයෙකු වන අතර, ඔහුගේ කුරාලය ශුද්ධ වූ ගම්මඩු භූමියේ පිටත ඉදිකරයි. මේ සඳහා ද වැඩි කාලයක් ගත නොකරන අතර කුරුම්බර කන්නලව් කර ඉන්පසු පිදවිලි ඔප්පු කරයි.

‘නසමි සිතා අසුරා සිත ලොබය කර

රැස් ගිනි කඳ අත එලබා ගති එවර

ලක‍ෂණ විශ්ණු දෙවි රජ මග සිටිය වර

එක් තැනෙකින් එන් තෙද ගිනි කුරුම්බර’
 
Jan 15, 2009
9,238
368
0
දෙවොල් නැටීම


දෙවොල් දෙවියන් යනු එක් අතකින් පත්තිනි දෙවියන්ගේ සහෝදරයෙකු ද වෙයි. දෙවොල් සාමි, ඉර රැස් සාමි, සඳ රැස් සාමි, ගිනි රැස් සාමි, තෙද රැස් සාමි, බුදු රැස් සාමි හා මහ රැස් සාමි නම් දෙවොල් සත් කට්ටුව වෙති. මොවුන්ගේ සහෝදරිය වූ පද්මිණි කුමරිය කකුසඳ බුදුන්ට අඹයක් පූජා කර වරම් ලැබ පත්තිනි දේවිය ලෙස උපන් අතර, දෙවොල් කුමාරවරු කකුසඳ බුදුන්ට කඨින චීවරයක් පූජා කර දෙවොල් දෙවියන් ලෙස පුද ලබන්නටත් වරයක් ඉල්ලා සිට ඇත. දෙවොල් කුමාරවරු වෙළඳාමේ පැමිණෙන කල්හි නැව කැඩුන නිසා, ලෑලි පිට දින 7 ක් පීනාගෙන එන කල්හි පත්තිනි දෙවියෝ ගිනි කඳු හතක් මවා එයට බාධා කළ අතර, එයට දෙවොල් කුමාරවරු පැන ගිනි සිසිල් කළෙන් ගිනි කුරුම්බර යැයි කියනු ලබන අතර ලංකාවේ ගිනි පෑගීමේ ශාන්තිකර්මය එතැන් සිට ආරම්භ වූවා යැයි විශ්වාස කෙරේ. එමෙන්ම දෙවොල් සාමි ලංකාවේ කාන්තාවක් සමඟ විවාහ වූ බව දක්වමින් එම යාගාංගයට නිර්ව්‍යාජත්වයක් ලබා දෙන අතර, ඊට නීත්‍යානුකූල බවක් ද ලබාදීමට උත්සාහ කරන බවක් පෙනේ.

මෙම නර්තන අංගයේදී නර්තනකයා ගිනි දළු මෙන් දිස්වන ඇඳුමක් ඇඳ සිටින අතර හිසට කාඟුල් තොප්පියක් ද දමා දෙවොල් දෙවියන් මෙන් සමාරෝපණය වී ඇත. බෙර වාදකයා සමඟ ඇතිවන දීර්ඝ සංවාදයකින් පසුව නර්තනයෙහි යෙදී පෙර දින මිල්ල කපාගෙන ආ දැවවලින් ගිනි මැලය සාදා එය සිසිල් කර ආතුර ප්‍රේක‍ෂකයන්ට සෙත් පතා ශාන්ති කර දෙවොල් නර්තනය හමාර කරයි.


‘පතිනි බලේ පාමින් මැවු ගිනිවලට සිසිලස කර දෙවිඳු

පතිනි සමඟ එක යහනේ පුද ගත්තේය දෙවොල් දෙවිඳු

බැතිනි ඔබට වැන්දෙමි මම පින් ඇත ඉසුරු සැපත් සුසැදු

ඉතින් දෙදණ කෙණ්ඩේ දොස නොරඳ රකින් දෙවොල් දෙවිඳු’
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
ගොඩක් අය මේව මිත්‍යා මත වශයෙනුයි සළකන්නේ
නමුත් මේවා ඇත්තටම සත්‍ය වූ පදනමක් මත ගොඩනැගුනු දේවල්
මේ වගේ දේවල් අතහැර බටහිර වෛද්‍ය විද්‍යාව සරණ ගියා කියා
රෝග අඩු වුනේ වත්...නැහැනෙ...
හොද ත්‍රෙඩ් එකක් සදුන්...!
:)
 
  • Like
Reactions: Amalka101
Jan 15, 2009
9,238
368
0
ගරා යකුම

ආතුර ප්‍රේක‍ෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදුකෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංගභූමියෙන් පිටත ගොරක අතු දෙකක් සිටුවා, බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ. කපු මහතා ගරා යකුට කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස් මුහුණක්, නර්තකයන් පළඳිනු ලබන අතර ගරා වෙස් පෑම විනාඩි 15 ක් පමණ සිදුකරයි. ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.

200px-Garayak_shanthikarmaya.jpg





‘කැස්බෑවේ සිටන් පිටකොටුවට පැමිණ

බසයක නැගී ගම්බද පිටිසර තරුණි

ඇස් දෙක පල්ලා දුටුවම මට කෙළ ගිලූණි

බස් එක පිටින් උස්සා යන්නට සිතුණි’


මෙම කවි, වර්තමානයට උචිත අයුරින් නිර්මාණය කරගත් ඒවා විනා පාරම්පරික ඒවා නොවේ. ගරායකුම පූජා කරන (කැප කරන) වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය, පොල්වල්ලක් ආදිය වෙයි. කැවුම හා කෙසෙල් ගෙඩිය ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග ලක‍ෂණ ගෙනහැර පායි. එනම් ස්ත්‍රීන්ට ලිංගික ආශාව ඇති කිරීමෙහි සමත් මෙය, ස්ත්‍රී රෝග හා දෝෂ දුරු කිරීමට වැඩි නැඹුරුවක් ඇති අතර, ‘ඕලි’ කුලයේ පුද්ගලයන් පෙර දී මෙම නර්තන අංගය සිදු කළ බව කියවේ. මන්ද ඔවුන් අතර සහෝදර – සහෝදරිය අතර ලිංගික සබඳතා පැවැත්වූ අතර ගරා යකු ද තම නැගණිය වන ගිරිදේවි සමඟ විවාහ පාත්‍ර වී ඇති බැවිනි. අවසානයේ දී ගරා යකු හිස දෙපසට කරකැවීම මගින් ප්‍රේක‍ෂක ආතුරයන්ගේ දොස් දුරු කර, සෙත් කියමන් කියා, කහ දියර ඉස ශාන්තිකර්මය නිමා කරයි.

ඉන්පසුව කිරි ඉතිරවීමෙන් ගම්වාසී, පළාත්වාසී සියලූ දෙනාටත් ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලූ දෙනාටත් නිරෝගී සුව හා සශ්‍රීකත්වය පතන අතර, දෙවියන්ට පින් දී පින් බෙර වාදනය කර ගම්මඩුව ශාන්තිකර්මය හමාර කරයි.




 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපේ කලාවන් ජන ජීවිතය සමග පෑහී වූ උරුමයන් ගෙනහැර දක්වමින් සඳුන් කරන මෙ මෙහය සුළුපටු නොවේ.

තවත් ඉදිරිපත් කිරීම් කරන්න ඔබට දහිරිය හා ශක්තිය ලැබේවා!
 
Jan 15, 2009
9,238
368
0
මේ සඳහා උදව් කල හා අදහස් දැක්වූ සියළුම දෙනාට ස්තුතියි!:D