පත්තිනි තොරණ
පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේකෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර ‘වසංගතය ඇර යමි තොරණ දක්වනු’ ලෙස කවි ගායනා වෙයි.
ඉන්පසු කපු මහතා පත්තිනි නැටීම ආරම්භ කරන අතර, මෙම නර්තන පත්තිනි දෙවියන් සඳහා වූ කරඬු පද හෙවත් පත්තිනි පද හතක් නැටීමෙන් සිදු කරනු ලබයි. එහිදී හළං තොරණින් ඉවතට ගෙන ගිගිරි හඬ නංවමින් ‘ආවඩා, ආයුබෝවේවා!’ ලෙස ප්‍රේකෂක ආතුරයන්ට සෙත් පතමින් හළං චලනය කිරීම සිදුකරයි.
‘නපුරු නැකැත් වන් දිනයේ ඇටි කුළු ගෙරි කබර ගොයින්
කපුටු සුහුණු කැහැරැල් ඇඟ පහරා යළි ගෙට වදිමින්
එවිට සියලූ බකමූණන් ගෙයි කොණ ඇඬු උල ලේනුන්
එදුරු වේය හැම පිරිපත මෙ-තොරණ දුටු බලයෙන්’
මෙවැනි කවි විග්රහ කිරීමේදී පෙනී යන්නේ දෛනික ජීවිතයේ ගැමියන් අශුභ ලෙස විශ්වාස කළ සංකේතයන්ගෙන් දොස් දුරු කිරීමට, තොරණ දැකීමේ ආනුභාව බලයෙන් හැකියාව ලැබෙන බවය. එනම් මෙවැනි ස්තෝත්ර මහජනයාට සමීප කිරීමටත් එහි ඇති රෝග නිවාරණ ගුණය විදහා දැක්වීමත් කවි තුළින් පිළිබිඹු වේ. පත්තිනි නැටීම සිදු කරන්නේ කපු මහතා විසින් වන අතර, ඔහු ගොයිගම කුලයට අයත් වූවෙක් වෙයි. එය පාරම්පරිකව පිය-පුතු උරුමයෙන් ‘කපු පත්තිනි’ තනතුර ලැබෙන නමුත් වර්තමානය වන විට කපුරාළගේ ප්‍රධාන ගෝලයන්ට ද මෙම අවස්ථාව හිමි වී ඇත.
ශාන්තිකර්මයේ පත්තිනි භාගය මෙතනින් අවසන් වන අතර වාහල භාගය ඉන්පසු ආරම්භ වේ.