1. indika_sam

    අන්දරේ බෙහෙත් ගන්න ගිහින් උන වැඩේ

    mod අන්දරේ........ සුපිරි.
  2. indika_sam

    Lucifer S05 720p Complete NF WEB-DL

    රෑට ගන්නම්. 3.7 GB නේ. night data ගොඩක් ඉතුරුයි. season 4 නැද්ද ? බොහොම ස්තුතියි සහෝ.
  3. indika_sam

    මහල්ලෙක් ලෙඩෙක්

    වයසක, වැඩකට නැති මිනිස්සු පාර්ලිමේන්තු යවන්න අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි
  4. indika_sam

    lottery එකක් ඇදුනොත් ?

    මේක නේද අහපු ප්‍රශ්නේ...... ???
  5. indika_sam

    lottery එකක් ඇදුනොත් ?

    මම අහල තියෙන විදිහට දිනුම ඇදිල අවුරුදු පහකින් ආදායම් බදු එකෙන් සල්ලිවලට මොකද කරේ හොයනවලු. ඒ වෙනකොට මුදල් තිබුනොත් බදු ගෙවන්න වෙනවලු. ඉඩමක් අරගෙන දානවා තරම් නුවණක්කාර වෙන වැඩක් මගෙත් ඔළුවට එන්නේ නෑ. X මාතෘකාව වෙන පැත්තකට මාරු වෙලා නේද ?
  6. indika_sam

    බාර ඔප්පු කිරීම ගැන - help

    ඔබ බාරය වෙන වෙලාවේ හිතාගත්තේ මොන වර්ගයේ පිළිමයක් පූජා කරනවා කියලද ? ඒකයි වැදගත් වෙන්නේ. ඔබගේ ශක්තිප්‍රමාණය මත බාරය ඔප්පු කරන්න. ඒ ගැන කාටවත් බලපෑම් කරන්න බෑ. හැකියාවක් තිබේනම් පිත්තල පිළිමයක් පූජා කරන්න. නමුත් පිත්තල පිළිම හොයන්න අමාරු වේවි. ෆයිබර්වලින් හෝ මැටියෙන් හදන පිළිමවල වෙනසක් ලෙස...
  7. indika_sam

    ලංකාව දෙමල නිජබිමක් - ආණ්ඩුව සද්ද නෑ...

    පුරාවිද්‍යා අධ්‍යක්ෂක විජයගෙන් එහාට ඉතිහාසයක් මේ රටේ නෑ කියනකොට තව මොනවා කියන්නද ? ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලුනේ. මේ රටේ ඉතිහාසය පිලිබඳ ප්‍රධාන වගකීම දරන පුද්ගලයා රටේ නියම ඉතිහාසය මුලින් ඉගෙන ගන්න ඕන. මහා වංශයේම එල්ලිලා මේ රටේ ඉතිහාසය හොයන්න බෑ. අපි නොදැන හිටියට...
  8. indika_sam

    lottery එකක් ඇදුනොත් ?

    මුදල් ගන්න වෙලාවට මොන දේ කරලා හෝ අනන්‍යතාවය හැංගුවත් සල්ලි අතට අරගෙන මාසයක් යනකොට අහල ගම් හතම දැනගන්නවා. අපේ මිනිස්සුන්ට සල්ලි අතට ආවම හංගන්න අමාරුයි. කට කහන නිසා වටේටම කියවනවා. සතුට බෙදාගන්න වෙන්නත් පුළුවන්. මේ වගේ ලොකු මුදලක් ලොතරැයි මණ්ඩලෙන් ගන්න කොට මාධ්‍යයට දෙන්න එපා කියල ඉල්ලීමක් කරන්න...
  9. indika_sam

    Questions How does SWIFT code work?

    swift code එක අවශ්‍ය පිටරටකින් සල්ලි දමන්න විතරයිනේ. එකම බැංකුවේ ශාඛාවෙන් ශාඛාවට ගිණුම් අංක වෙනස් නොවෙන නිසා (unique) swift එක විතරක් ඇති. swift code එක අපිට ඕන විදිහට වෙනස්කම් කරන්න බෑ. මේ මට හිතෙන ආකාරය.
  10. indika_sam

    Dish Antenna help

    පොඩි වැඩක් කරන්න පුළුවන්. අහල පහල ගෙවල්වල ඩිෂ් එක ගහල තියෙන දිසාව බලල ඒ පැත්තට ගහන්න. 90% සිග්නල් එනවනම් අවුලක් වෙන්නේ නෑ
  11. indika_sam

    මැටි නිසා කෝටි තුනක වාහනයක් ගත්ත කෙනෙක්😱😱

    ලංකාවේ මිනිස්සු කරන වැඩක නිමාව නිසි ලෙස කරන්න දුර්වලයි. නිමාව හරියට ගුණාත්මකව කරනවානම්, අපේ රටේ තියෙන දැනුමට හා තාක්ෂණයට ලෝකයේ විශාල තැනක් තියෙනවා. මීට වසර කිහිපයකට පෙර මට ප්‍රංශ ජෝඩුවක් මුණ ගැසුනා. ඔවුන් දෙදෙනා පොල් කට්ටෙන් නොයෙක් නිර්මාණ කරනවා. මූලික දැනුම අරගෙන තියෙන්නේ ලංකාවට ආපු වෙලාවක...
  12. indika_sam

    සිමෙන්ති

    පිළිතුරු ලැබිලානේ
  13. indika_sam

    C++ , Python වගේ Language ඉගන ගන්න කැමති අයට

    ඉගෙන ගන්න කෙනෙක්ට බොහොම වටිනවා. බොහොම ස්තුතියි සහෝ
  14. indika_sam

    උබල එළකිරි එකේ අකමැතිම මෙම්බෙර් කව්ද ?

    දකින්න ලැබෙන්නෙත් නෑනේ සහෝ :P :cool:
  15. indika_sam

    අන්තිමට විග්නේෂ්වරන්ට උත්තර දෙන්න ඉන්නේ මනුෂ විතරද?

    රටේ ඉතිහාසය හරියට දන්නා එකෙක් ඊයේ පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ. විරුද්ධව මොනවා හරි කිව්වනම් ඉල්ලගෙන කන්න වේවි කියන බයට වෙන්න ඇති නිහඬ වෙන්න ඇත්තේ. අද මනුෂ හරියට හොයාගෙන ඇවිත් සද්දේ දැම්මා.
  16. indika_sam

    විග්නේෂ් ෆොන්ස්ගේ

    ඔව්. වාසුදේව මස්සිනානේ.
  17. indika_sam

    Cabin Crew course

    පුරහල කිට්ටුව පන්තියක් තියෙනවා. උගන්නන එකාගේ නම මතක නෑනේ. සති අන්ත පුවත්පත්වල දැන්වීම් යනවා.
  18. indika_sam

    ජනාධිපති පාර්ලිමේන්තුවට එනකොට පාරෙ

    ලැයිස්තුවෙන් එන්න හේතුව අදම එලියට දැම්ම නේද ? :angry: :angry: :baffled:
  19. indika_sam

    විග්නේෂ් ෆොන්ස්ගේ

    පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලානේ ඔය දේවල් සිදුවෙන්නේ. අපි මොනවා කරන්නද ? හැබැයි උගේ කතාව ඇහුණාම මගෙත් ඇඟේ මවිල් කෙලින් උනා. ඕකුන් තමයි ඊළාම් ඉල්ලන්නේ. අහිංසක ජනතාව නෙවෙයි.

    No contents