සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ
හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
ආදරෙන් බලන්න එකම එකවරක් ප්‍රියේ
සුළු මොහොතක සුවය දිදී දැවටුනත් නෙතේ
සුන්දර බව කොච්චරක්ද ඉන්ද්‍රචාපයේ
තරු කැකුලක් වී ඉන්නම් ඔබ සමීපයේ
සඳ සාවිය වී හිඳීන්න චන්ද්‍රා යහනේ
චන්ද්‍රා යහනේ
සාද තෙපුල් කොහි...