සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ.
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහසකරා නැගුනේ
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබෙගෙන් කිමද පලේ
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහසකරා නැගුනේ
සඳ දෙස බල බල මා...