ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකාදමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යළිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකාදමා...