ඔන්න එක රටක හිටියලු රජෙක්. රජෙක් කිව්වට රං ගොජෙක්. ඉතිං මේ රජාට හිටියලු… එකම එක දුවෙක්. ඉතිං රජා මළාට පස්සෙ රටේ රජකම දෙන්න පිරිමි පරාණයක් එපෑයෑ. ඉතිං රජා දහ අතේ කල්පනා කලාලු දුව ව දෙන්න සුදුසු කෙනෙක්. මොලේ තියන එකෙක් වෙන්නත් එපෑයෑ. මෙහෙම කල්පනා කරල කරල කරල කරල කරල (ඒ කිව්වෙ ගොඩක් කරල)...