“මහේෂ් බේබද්දෙක් වෙනවට මමත් කැමති නෑ. ඒත් මෙහෙම වෙලාවට ටිකක් ගන්න එක හොඳයි:
“අයියෝ බෑ සමාධි”
“ඔයා මට ආදරෙයිනේ මහේෂ්?”
“ඉතින්?”
“මං කියනවට ටිකක් ගන්න, නැත්තම් කෙල්ලෝ හිනා වෙවී”
“ඇයි එයාලා හිනා වෙන්නේ?”
“ඔයා ගොඩයෙක්ලු”
“ඉතින් ඇත්තනේ. මම ඔයාලට නොගැලපෙන ගොඩයෙක් “
ඇගේ මුහුණ බේරි වී යන අයුරු දුටුවෙමි...