සිද්ධස්ථාන යැයි නම් ලත් දේවල් දැකීම පිණිස ලක්දිව සැම පළාත් වලින් සමුහයා අවරුදු පතා අනුරාධපුරයට පැමිණෙයි. වර්ෂයකට වරක් රැස්වී දින ස්වල්පයක් නැවතී යන සමුහයාගේ සංඛ්‍යාව විසි දහසක් පමණ යැයි මම කල්පනා කරමි. ප්‍රධාන උත්සවය පවත්වන වේලෙහි භුමිය මනුෂ්‍යන් ගෙන් පිරී පවතියි. මෑත වනතුරු ආණ්ඩුවේ කාසි තබන යකඩ...