වතුර වීදුරු හයක් බිව්වොත්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    වතුර වීදුරු හයක් බිව්වොත්

    දවල් දොළහට කලින් වතුර වීදුරු හයක් බිව්වොත්

    අපේ ශරීරයේ හදවත, මොළය යන මේ සියලු දේම 70%ක් පමණ සෑදී ඇත්තේ ජලයෙන් බව ඔබ දන්නවාද?

    මේ නිසාම වතුරට කිසිම ආදේශකයක් නම් තවමත් සොයා ගෙන නැහැ. නමුත් ඇතැම් අය පිපාසයට මෝල්ට් කිරිපිටි වාගේම වෙනත් පැණි බීම භාවිතයට පුරුදු වුවත් එය වතුරට ආදේශකයක් නොවන බව සිහිතබා ගත යුතු දෙයකි.

    ශරීරයේ උණුසුම පාලනයටත්, ආහාර ජීර්ණ පද්ධතියකම ක්‍රියාකාරිත්වයටත් ජලය නම් අත්‍යවශ්‍යම සාධකයකි. මේ නිසාම ජලය පානය කිරීමේ නිසි පුරුදු ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුමයි.

    වතුර පානය කිරීමේ නිසි පුරුදු ඇතිකර නොගත හොත් එය ජීවිතයට අවදානම් තත්ත්ව ඇතිවීමට හේතුවිය හැකිය. මේ නිසා දිනකට වතුර වීදුරු 8ක්වත් පානය කළ යුතු බව නම් අප බොහෝ දෙනා දන්නා කාරණයකි.
    විශේෂයෙන්ම අප පාන්දරින්ම අවදි වූ විටම වතුර වීදුරුවක් (250 පක) පානය කිරීමට හැකි නම් එය ඔබේ දවසම ප්‍රබෝධමත් කිරීමට සමත් වන්නකි.

    කිරි වෙනුවට වතුර

    නමුත් බොහෝ දෙනා හුරු වී සිටින්නේ තේ හෝ කෝපි වැනි උත්තේජනීය පානයකින් දවස ආරම්භ කිරීමටය. එහෙත් මේ වෙනුවට අවම වශයෙන් වතුර ලීටර් 1/2කින් හෝ සිරුර පෝෂණය කරගැනීම නම් වඩාත් වැදගත්. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ ඇල් ජලයට වඩා උතුරුවා නිවාගත් වතුර වීදුරුවකි. එය විසබීජවලින් තොර වන අතරම සිරුරම සිසිල් කරවන හොඳම පානයයි.

    වතුර බෝතල්

    කාර්යබහුල ජීවිතයක් ගෙවන බොහෝ දෙනා ජලය පානය කිරීමට පුරුදුව සිටියත් වතුර බෝතල් අසුරන පිළිබඳ ඇත්තේ අඩු අවධානයකි. ඇතැම් අය ඉවත දැමිය යුතු ප්ලාස්ටික් බෝතල්වල වතුර දමා ශීතකරණගත කරයි. තවද තද අව්වේ වාහන තුළ මෙන්ම වායුසමීකරණ කාමරවලද විවිධ උෂ්ණත්ව යටතේ බෝතල්වල ජලය ගබඩා කර තැබීම නම් එතරම් සෞඛ්‍යාරක්ෂිත නොවන්නකි. විශේෂයෙන්ම ප්ලාස්ටික් වතුර බෝතල් නම් එක් වරක් භාවිත කිරීමෙන් පසුව ඉවත් කිරීමට මතක තබා ගන්න. මේ වෙනුවට හොඳ ප්‍රමිතියක් සහිත තරමක් මිල අධික බෝතලයක් භාවිතයට ගන්න. එය තරමක් මිලෙන් අධික වුණත් සෞඛ්‍යාරක්ෂිත බව නම් සුරකින බව නම් නොරහසක්.

    ගුරුලේත්තුව වඩා හොඳයි

    ගෙදරදී පානය සඳහා ගන්නා වතුර තැබීමට වඩාත් සුදුසු වන්නේ මැටිවලින් සෑදූ ගුරුලේත්තුවකි. එමඟින් වතුරවල නියමිත උෂ්ණත්වය වගේම නියමිත මිනරල් සංයුතියද පවත්වා ගෙන යයි.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලත් වතුර බෝතල් (ප්‍රමිති සහතික ලත් වතුර බෝතල්) වර්ග 40ක් පමණ හඳුන්වා දී ඇත. නමුත් අද අපට විවිධ නම්වලින් බෝතල් වර්ග 400ක් පමණ දැක ගැනීමට හැකිය. විනෝද ගමන් යන විට ඔබ මිලට ගන්නා වෙළෙඳපොළේ ඇති මෙවැනි බෝතල් ගැන නම් විශ්වාසයක් තබන්න එපා.

    වතුර බීමේ හොඳ පුරුදු


    වතුර බීමේ නිසි පුරුදු අතර ඇති මේ කරුණු ගැනත් ඔබේ අවධානය යොමු කරන්න.
    දවල් 12ට පෙර වතුර කෝප්ප 5 - 6ක්වත් පානය කිරීම ඔබේ සෞඛ්‍යමත් ජීවිතයට වැදගත් වන්නක්. කුඩා දරුවන්ට නම් වතුර බීමේ පුරුද්ද ඇති කරවීම නම් මවුපියන්ගේද වගකීමකි. එය දරුවන්ගේ නිරෝගී බවටත් ඛෙහෙවින්ම ඉවහල් වෙයි. දරුවන් අනිවාර්යයෙන්ම වතුර කෝප්ප 6ක්වක් දිනකට පානය කිරීමට හුරුවිය යුතුයි.
    බොහෝ දෙනා ක්‍රීඩා කිරීමෙන් හෝ මහන්සි වී යම් කාර්යයක නිරත වීමෙන් පසුව පිපාසය නිවීමට පැණිබීම හෝ කෝලා පානය කිරීමටද හුරුව සිටියි. නමුත් ශරීරය ක්‍රියාකාරී වී වෙහෙසීමෙන් පසුව මෙවැනි පානවලට හුරුවීම නම් හිතකර නොවේ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවලදී මෙම පාන භාවිතයට ගැනීම තහනම් කළ යුතු වන්නේ එය එතරම්ම අහිතකර වන බැවිනි.
    දරුවන්ට නම් පැණි බීම වෙනුවට සතියකට 3 -4 වරක්වත් සුප් වර්ග හෝ පලතුරු බීම ඔබට නිවසේදීම පිළියෙල කර දීමටද හැකිය. දියවැඩියාව වැනි ඇතැම් රෝගීන් නම් තමන් දිනකට පානය කළ යුතු වතුර ප්‍රමාණය පිළිබඳ වෛද්‍යවරුන්ගෙන් විමසා දැනුම්වත් වීමද වැදගත්ය.

    තිබහට පෙර වතුර බොන්න

    බොහෝ දෙනෙක් වතුර බීමට පුරුදුව සිටින්නේ පිපාසයක් දැනුණ විටදීය. නමුත් අප වතුර පානය කළ යුතු වන්නේ පිපාසය ඇතිවීමට පෙරය. එම නිසා වතුර බීමට නිසි වේලාවක් තබාගත යුතු නැත. උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙක් අම්මාගෙන් වතුර ඉල්ලා සිටින්නේ පිපාසය නිසා නම් එම මොහොතේදී දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය 8%කින්ද, හෘද ස්පන්දනය වැඩිවීම 13%කින්ද වකුගඩුවල ක්‍රියාකාරිත්වය 15%කින්ද අඩුවන බවද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී ඇති දෙයකි. මේ නිසා ඔබේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී වතුරවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතුමයි.
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Sirawata daala thiyena dey hari. Puluwan tharam wathura beepalla.. Me kalla damme nikan fun ekata ban..

    විශේෂයෙන්ම අප පාන්දරින්ම අවදි වූ විටම වතුර වීදුරුවක් (250 පක) පානය කිරීමට හැකි නම් එය ඔබේ දවසම ප්‍රබෝධමත් කිරීමට සමත් වන්නකි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. මම නම් වතුර බොනවා සෑහෙන්න..:cool:
    ෆිල්ටර් කරලා සුදු රෙද්දෙන් පෙරලා බොන්නෙ..:(

     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    alakata panala bipan athi tharam. ethakota thoge mole thawa tikak padei. :lol::lol::lol:

    funny-gif-dog-drinking-water.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    එල එල බං.. මම නම් වතුර බොනවා සෑහෙන්න..:cool:
    ෆිල්ටර් කරලා සුදු රෙද්දෙන් පෙරලා ඇල් වතුරත් නිවලා තමා බොන්නෙ..:(

    :):)