"නවීන ලෝකයේ ජීවත් වන අප තරයේම අවබෝධ කරගත යුතු පරම සත්ය වන්නේ බුද්ධ ධර්මය ආගමක්ම පමණක් නොවන බවයි. ආගමක් යනු භක්තියෙන්, විශ්වාසයෙන් ඇදහිය යුතු එකකි.අද ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක හෝ ප්රායෝගිකව අදහන බුද්ධාගම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ උතුම් පරමාර්ථ ධර්මය නොවේ .උතුම් ධර්මය යටපත් කර වෙනත්...