සුළඟ....දන්නවද...
මේ සිනිඳු පෙති එපා මට
නැති නම් ඔබෙ පහස....
මේ සුවඳ එපා මට
නොහැකි නම් දෙන්නට ඔබට...
අන් මලක් ළඟට වී
සිසිල දෙන්නේ ඔබ...
අන් පවනකට ළං නොවන සේ
බලා ඉන්නේ මම....
කම් නැත සුළඟ.....
ඔබ හා තරහ නෑ මම......
උරුම නැත මේ භවයෙහි
ඔබෙ සිසිල මට.....
ඔබ පැතුම් සදා ඉටු වේවා....!
මතු භවයේ යළි අප...