සුළඟ නුඹ...
යළි හමනු මැන
රැඳෙන්නට හැකි නම් සදා...
එපා රිදවන්න මේ පෙති
සිනිඳුයි පිහාටුවකටත් වඩා....
සුළඟ ඔබ...
යළි හමනු මැන දිනක....
සුවඳ වෙන්නම් මම සැමදා
ඔබ පතන....
සුසිනිඳු නැවතුම වෙන්නම්
ඔබ සොයන...
සුළඟ...
හමනු මැන
රැඳෙන්න ළඟින් අවසන් වරට....
මිළින වන්නට සදහටම හැකිය මට....
ඒ සොඳුරු මෘදු...