තරු කැට වැහි වහිනා වස්සානයේ...
තරු කැට වැහි වහිනා වස්සානයේ
ඔය ඇස්වල දිස්නය දැකලා
මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
ගැහෙනා හඬ යළි මට දැනුනා...
නිම්නැති පෙම් ගඟුලේ පවනේ වෙලී
දෝතින් ගෙන හදවත දීලා
ඔබ පමණක් හඳුනන ඒ හදවත පුරා
මම ආදරේ කෙරුවා...
තනිවෙන්නෑ අපි කවදාවත් ආයේ
හඬවන්නෑ කඳුලැලි හිමි නෑ ආයේ...