බසයට නගින්න තෙක් ජනයට දී අභිමන්
වැඳලා පුදල පිළිගයි දා රතු පලස් හිටන්
ඔටුනු නොලත් රජුනට සේ සැලකිලි දක්වන්
ජනතා සේවකයො කරන්නෙ හැම සෙල්ලන්
ඒසී තියෙනවා ටීවී ඇත යහමින්
සුවපහසුවට ආසන ඇත සුරපුර මෙන්
බස්එක තවුතිසාවෙන් ගෙන්නුවෙ අලුතින්
ඒකයි ගාන වැඩි යමු රවුමක් හනිකෙන්
මිහිපිට සුරපුරය මැවුවත් එළියෙ සිට...