ඔබ සිහිනෙන් ඇවිදින් මගෙ ළඟ දැවටෙන වසන්ත හෝරාවේ
මගෙ හිත හිරිවට්ටන්නට හිතුවට ද ඔබ පෙම් ගී වස්සානේ
මධු රස වෑහෙන පෙම් සිහින විමානේ උන්නත් හඳපානේ
හිත උණුවෙන තරමට හැඟුමන් උපදී සත්තයි තනි නෑනේ
පෙම් මල් පූදින තාලේ ගොම්මන් හැන්දෑවේ
සිහින හිතක් දුටුවා සේ ආවාදෝ සොයලා
ළඟින් ඉන්න ඇත්නම් දැන් ඔබ සමඟින්...