බස්සා ගැන නොදන්නා කෙනෙක් නැත.
එහෙත් බස්සාව දැක ඇති පිරිස අල්පය.
බස්සෝ බොහොමයක් නිශාචර පක්ෂීහු වෙති.
දැනට බකුසු විශේෂ 215 ක් ලොව නන් දෙසින් වාර්තා වන අතර, එයින් විශේෂ 12ක් ලංකාවෙන් වාර්තා වේ.
නිවර්තන ප‍්‍රදේශ, කාන්තාර ප‍්‍රදේශ , ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශ වැනි ලෝකයේ සියලු ප‍්‍රදේශ වල මෙම පක්ෂියා...