ඔන්න ඉතින් ආයෙත් කැස්බෑවෝ ගැන Thread එකක් දාන්න බැලුවේ...
කලින් "ඉබ්බද කැස්බෑවද?" Thread එකෙනුයි "අනේ කැස්බෑවෝ" Thread එකෙනුයි කැස්බෑවෝ ගැන විස්තර ගෙනාවනේ...
ඒ කතා කලේ වර්ථමාන තත්වයනේ...
ඔන්න අද මං හදන්නේ කැස්බෑවන්ගේ ආදිතම මුතුන් මිත්තා ගැන ඔයාලට කියන්න...
මේක නම් 100%ක්ම උපුටගැනීමක්...
එහෙනම් අපි දැන් බලමුකෝ ඒ කැස්බෑ මුතුන් මිත්තා ගැන...
උඩින්ම තියන සිතුවමත් ඒ ආදිතමයාගේ චර්යාවන් පෙන්වන්න ගත්ත උත්සහයක්...
කැස්බෑවන්ගේ කටුව නිර්මාණය වූයේ කෙසේද යන්නත් උරගයන්ගේ පරිණාමය ගැන නව අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමටත් පොසිල විද්‍යාඥ කණ්ඩායමක් සමත්වූහ.
මේ සඳහා ඔවුන්ට උපකාරී වූයේ නිරිතදිග චීනයේ ගුවින්ෂූ පළාතේ සිදු කළ කැණීම්වලින් හමු වූ වසර මිලියන 220 ක් පැරණි කැස්බෑවකුට සමාන සත්ත්වයකුගේ පොසිලය.
2008 දී චීනයෙන් හමු වූ මෙම පොසිල ඉතා හොඳින් සුරැකී මෙතරම් කාලයක් පැවතීම ගැන පොසිල විද්‍යාඥ කණ්ඩායම මවිතය පළ කරති.
විද්‍යාඥ කණ්ඩායම ප‍්‍රකාශ කරනුයේ ඔවුන්ට හමු වූ මෙම නව සත්ත්වයා මීට කලින් හමු නොවූ උරග පරිණාමයේ මෙහෙතක් පිරවිය නොහැකි ව තිබූ කොටසක් පුරවන ‘අහිමි පුරුකක්’ බවයි.
සත්ත්වයාගේ පිටේ කටුවක් පිහිටා තිබුනත් එය එම කටුවේ ඇත්තේ එක් කබලක් පමණි. මෙම සත්ත්වයා නම් කර ඇත්තේ ‘ඔඩොන්ටෝචිලිස් සෙමිටෙස්ටාකේ’ යනුවෙනි.
එහි අරුත ‘ තනි කටුවක් ඇති දත් සහිත’ සත්ත්වයා යන්නයි.
එම සත්ත්වයාගේ පිට කටුව සමෙන් ඇතිවූවක් නොව ඉළ ඇට (පාර්ශු) සහ කශේරුකාව වර්ධනය වීමෙන් ඇතිවූවක් බව පොසිල විද්‍යාඥ කණ්ඩායමේ මතයයි.
මීට වසර මිලියන 65 කට පෙර ඈත අතීතයේ ඩයිනසෝරයන් මිහිමත ඇවිද ගෙන ගිය කාලයේ දීත් මෙම සත්ත්වයා හොඳින් වැඩුණු උඩු කබලකින් හා යටි කබලකින් යුක්තව සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
‘ඔඩොන්ටෝචිලිස් සෙමිටෙස්ටාකේ’ සම්බන්ධ ගවේෂණ කටයුතු සිදු කළේ චීනයේ හැංසූහි ෂේජියැං ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ ලෝව් ලී ජූන් ප‍්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමයි.
ලී ජූන් පවසන්නේ අද අපට දකින්න ලැබෙන කැස්බෑවුන්ගේ උපත සිදුවන්නට ඇත්තේ ජලයේ දී ම බවයි.
මේ තියෙන්නේ හමුවුන ඒ පොසිලයයි.
මං දන්නේ නෑ මේක කලින් එළකිරි එකේ ගියාද කියලා...
එහෙම Repost නම් සමාවෙන්න ඕන...
දන්න අය නොදන්න අය වෙනුවෙන් BUMP එකක් වත් දෙන්න...
Fire Eye

Last edited:

adamai kasbawo gana mechchara wisthara kiyewwe... godak sthuthiy...
Rep+
