අපිස් ගුණයෙන් දැයක් පොබ කළ දහමක මහිම
මුළු ලොව පැණවතුන් බිහි වූ යුගයක අති උතුම් ප්‍රඥාවන්තයා ලෙස ජම්බුද්වීපයේ ජන්මලාභය ලබා අනුත්තර සම්බෝධිය සාක්ෂාත් කොට වදාළේ අපගේ ශාස්තෘන් වහන්සේ ය. උන්වහන්සේ පුරා පන්සාළිස් වසක් එරට ගම්, නියම්ගම්, ජනපද, පුරවර, චාරිකාවේ යෙදෙමින් ධර්ම දේශනා කොට දහස් සංඛ්‍යාත...