මගේ හිත තනි කරන අමාවක නොමවන්න.....
රැ සදට සුවද දෙන
කඩුපුලක් වන්න නුඹ,
මගේ හිත පාරවන
රැ තනිය නොමවන්න.....
මල් සුවද විහිදුවන
වසන්තය වන්න නුඹ,
මගේ හිත වෙහෙසවන
ගිමන් කල නොමවන්න.....
නිල් දියේ රැලි නගන
මද පවන වන්න නුඹ,
මගේ හිත කළඹවන
සැඩ සුළග නොමවන්න......
මල් කැකුලු අැහැරවන
පිණි බිදුව වන්න නුඹ...