1. Mind Writer

    සුරඟන නුඹ...

    නිහඬ නිසංසල සුන්දර හවසක ගොම්මන් කලුවර මග බලනා ඈතම අහසේ වළාකුළක් ලඟ නිල් තරු කැටයක් ඉඟිමරනා.. හමනා පවනක සීතල කැටිවුන සේපාලික මල් සුවඳ අරා අතරින් පතරේ තියෙනව පුසුඹක් සුරඟන නුඹ ගත ලඟ රැදෙනා...
  2. Mind Writer

    ගොඩක් පින්

    මීට ටික දවසකට කලින් මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ධර්ම දනය පිංකමක් උදෙසා ස්වාමීන්වහන්සේ ලාගේ දේශණා එවනවා කියලා. එක හොයන්න බෑ. ඒත් ඒ DVD ටික ගෙදරට ඇවිත් තිබුනා ඒ සහෝදරයට ගොඩක් පින්.. තෙරුවන් සරණයි හැමෝටම!!
  3. Mind Writer

    වසත් සෙනෙහස ඔබ..

    වසත් සෙනෙහස ඔබ.. ආදරේ හිත ලඟ ලියා දහසක් පද හීනයට සමවැද ඇන්ද සිතුවම ඔබ.. තරුත් නිදි මැදියම දෙනෙත් අවදිව ඇත හැඟුම් හැම පිරිමැද රැඳෙයි මා හිත ලඟ.. නිමක් නැති හුස්මක පවන් රැල්ලයි ඔබ ජීවිතේ සනසන වසත් සෙනෙහස ඔබ..
  4. Mind Writer

    Giveaways

    මචංලා, උඹලට දැනගන්න ලැබෙන Giveaways ගැන මෙතන පොස්ට් කරන්න. හැමෝටම උදව්වක් වෙයිනෙ. :D:D:D
  5. Mind Writer

    පෙම් සිහින...

    පෙම් සිහින දෑසේ රඳවා නිකැලැල්ම හැඟුමන් පුරවා මුවගින් නොකී නුඹ ඉඟිමැරූ රහසක්ව සෙනෙහේ දැනුනා.. මකරන්ද අතරේ රැඳෙනා පිණි බිඳක සීතල ගෙනෙනා පවනක් වගේ සුසුමක් දිගේ නවතින්න ඇවිදින් පියඹා.. තරුවක් ව අහසේ දිලෙනා සුවඳක්ව පරසතු ගෙනෙනා සඳ නිදි පැයේ නුඹ මගෙ හිතේ ආදරේ සිතුවම් ඇන්දා..
  6. Mind Writer

    ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..

    ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ.. සුවඳක් වගේ පවනැල් දිගේ ඇවිදින් නවතින්න මා පපුතුරේ පුන්සඳ වගේ සිහිනය පුරා පායන්න හැම රෑම හිත් බිම්කඩේ හැඟුමන් පිරී මා හදවතේ සෙනෙහස මුදු සුවය දිවියට දැනේ තවුසයි මෙමා දැහැනයි ඔයා ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..
  7. Mind Writer

    හිත මත හීන තියා..

    හිත මත හීන තියා.. හිත මත හීන තියා ඔය ඇස් කීව කතා මතකයි තවම සදා ඉන්නකො ලඟට වෙලා.. ‍ හුස්මෙන් හුස්ම තියා හැඟුමන් තොඳොල් වෙලා සුවඳට පවන ගෙනා හදවත උමතු වෙලා.. බොරුවට තරහ වෙලා ආයෙත් යාළු වෙලා ආදර පවස නිවා ඔබ පෙම් වැස්ස වෙලා.. සවනට රහස් කියා උරිහට වාරු වෙලා මදකට නිහඬ වෙලා නැවතත්...
  8. Mind Writer

    පුළුවන් නම්..

    පුළුවන් නම් හිත මරන්න අබ්බගාත හීන ඔක්කොම පණ ගහන හැඟීම් එක්ක එකට එකතු කරල හදවත මත ගිනිතියල අවසන් හුස්ම පිඹින්න අන්තිමට ඒ අලු ත් එක්කම වියැකිලා යන්න.. පුළුවන් නම්..
  9. Mind Writer

    හීන පිරුණු හිත අද්දර

    හීන පිරුණු හිත අද්දර හීන පිරුණු හිත අද්දර ආල හැඟුම් හැමතිස්සෙම කෝල බැලුම් හෙලනා නුඹ නමින් මැවෙනවා පිණි ඉහිරුණු තණ බිස්සක සඳවත නැග එන යාමෙක නුඹේ හිනා බලන් ඉන්න පෙරුම් පුරනවා.. සීත පිරුණ හිමිදිරියක පාට පිරුණු මල් ගොමු වල සියුම් සුලඟ ඔබේ සුවඳ අරගෙන එනවා සසර පුරා හැම භවයෙම සෙනෙහෙ...
  10. Mind Writer

    නුඹ මගේ ජීවිතයම වන නිසා

    නුඹ මගේ ජීවිතයම වන නිසා සිහින ගඟ මත කිමිද බලනෙමි හැමතැනම තිබේවිද නුඹෙන් තොර සිහිනයක්.. හැඟුම් එකිනෙක ගෙන එකින් එක තෝරා ඉතා හොඳින් විමසමි තිබේවිද නුඹෙන් තොර හැඟුමක්.. හදෙහි හැමතැනම අභ්‍යන්තර ඉසව් වල පවා ඇවිද බලනෙමි තිබේවිද ගැහෙන තැනක් නුඹ නමින් හැර.. හිතේ සියලුම ඉසව් වල...
  11. Mind Writer

    අදට මාසයයි..

    කාලයක් පිට ඉඳන් බැලුවට කිරියට ගොඩ වැදිලා අදට හරියටම මාසයයි :D:D මේ වෙද්දී කොටු 6 ක් පිරිලා. :D පොයින්ට්ස් 614 ක් මේ 687 වෙනි පෝස්ට් එක ( වැඩියෙන්ම බම්ප් තමා හැබැයි :P:P ) නිසඳැස් කීපයක් දැම්මා. ඉදිරියටත් දාන්න හිතන් ඉන්නේ. :yes::yes: ගොඩාක් ස්තුතියි හැමෝටම.. :love::love:
  12. Mind Writer

    ආදරේ මල් පිපෙන..

    ආදරේ මල් පිපෙන.. ආදරේ මල් පිපෙන හීනයට ගොඩවෙන්න රළු බොරළු කටු පොකුරු පාවඩට හරවන්න හීත හිරිකඩ පිපෙන මැදියමේ ඔබ එන්න වස්සාන සෙනෙහසේ පිපි තඹර සිපගන්න.. මද්දහන පුරාවට සිසිලක්ව ලඟ ඉන්න නිහඬතම මොහොතකදි රහසක්ව කොඳුරන්න පරසතුත් මදාරත් ඔබ ගෙලේ පළඳන්න ආදරේ අස්වැන්න නෙළන්නට පැමිණෙන්න.. සඳත්...
  13. Mind Writer

    පරසතු කුසුමියයි ඔබ..

    පරසතු කුසුමියයි ඔබ.. ගින්දරක් වැනි දාහයෙන් වියලී කරවී ඉරිතලා පුපුරා ගිය මොහොතක වැටෙන මහ වැස්ස ඔබ නිවා සනහාලන.. කළුවරම කළුවර අමාවක දා රෑට අහස් කුස දිදුලන එකම එක තරුව ඔබ සහන් එලියක් ගෙනෙන.. සීත පින්නෙන් වැසුන දහස් මල් පිපුණු බිම එහැම මල් පරදවන සුන්දරම සුඝන්ධම පරසතු කුසුමියයි ඔබ..
  14. Mind Writer

    ඉන්නට වරම් දෙනවද...

    ඉන්නට වරම් දෙනවද... මද සුලඟක් වගේ ඇවිදින් හමා පොද වැස්සක් වාගේ තුන්හිත තෙමා ආදර සුසුම් මවලා හිත කිතිකවා පෙම්වත් හැඟුම් හිත ලඟ වැපිරුවෙ ඔයා.. ඔය මුව අගින් නොකියූ පෙම්වත් කතා ඔය නෙත් අගින් කියවෙයි ඔබටත් හොරා හොරැහින් බැලුම් හෙලුවට ඔබ ඉඟිමරා යන්නේ ඉතින් ඇයිදෝ අහකම බලා.. නිරතුරු හිතේ හැමතැන ඔබ...
  15. Mind Writer

    පතන්නේ ඔබ සෑම භවයෙම..

    පතන්නේ ඔබ සෑම භවයෙම.. පුංචි වන අරණක පිපුණු මල් ගොමුවක සුවඳමයි දැනෙන්නේ ඔබ ලඟින් ඉන්නවිට.. මුදු සුළං රැල්ලක සීත උණුසුම සමව සුවයමයි ගෙනෙන්නේ ඔබේ ඔය සුසුම් පොද.. ඇද හැලෙන ඇල්ලක පිරුණු දිය දහරක හැඩයමයි මවන්නේ ඔබේ මුදු වරලස.. හිමිදිරිම උදයක අරුණැල්ල පරදන සොඳුරු එලියක් දෙන ඔබේ ඔය...
  16. Mind Writer

    හීනයක් ලඟ..

    හීනයක් ලඟ ආදරේ කවි ගෙතුවාට නුඹ හරි සීරුවෙන් ස්වප්නයෙන් නොව සත්තකින් නුඹ එන්නෙ කවදද මට කියන්.. හිස්කමින් පිරි ජීවිතේ තැන් පිරෙව්වත් ඔබ දුර ඉඳන් හුස්ම ගානෙම ලඟින් ඉන්නයි ඕනි මට මගෙ රත්තරං.. සිත්තමක් ඇන්දාට හදවත වසන්තය තෙලිතුඩ කරන් ලස්සනක් ගෙන දෙන්න සඳ ඔබ ඉන්න ඕනෙම ඒ ලඟින්..
  17. Mind Writer

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!! අමතක කරන්න වැරදුනු තැන් අතපසුවීම් හිත් රිදීම් තරහවන්.. සමාවදෙන්න ඔබගේ හිත රිදවූ අපහසුතාවයට පත් කල සියල්ලටම.. ඉඩදෙන්න ජිවිතයට ලං වෙන්න සතුට සැහැල්ලුව ආදරය සිනහව ලෙන්ගතුකම නිරෝගී බව සාර්ථකත්වය දියුණුව සාධාරණත්වය අවංක කම සහ සියලුම යහගුණ වලට.. ආරම්භ කරන්න අළුත්...
  18. Mind Writer

    නුඹ මගේ සොබනා..

    හීන් හිනා මුවගින් හෙලලා වහෙන් ඔරෝ රහසක් කියලා නේත්තරා මගෙ ලඟ තියලා ආල කතා හොරැහෙම දෙඩුවා.. හාංකවිසියක් නොම හැඟෙනා විලස ඇවිත් හදවත රැඳිලා ස්නේහයක් ගැන ඉඟිමරනා සුරංගනාවිය හිත පතනා.. ස්වප්න පුරා සිතුවම් අඳිනා භවෙන් භවේ මතකය ගෙනෙනා සුසුම් වලින් කවි බස් ගොතනා මුකුළු කරන නුඹ මගෙ සොබනා
  19. Mind Writer

    කොහොමද

    කොහොමද rep දෙන්නෙ කොහොමද රිප්ලයි ගොඩක් එක පාර quote කරන්නේ
  20. Mind Writer

    දිනක පවසමි...

    මීදුමෙන් පිරුණාම හවසට ඉමුද මොහොතක් මහවැලිය ලඟ සීත සුලඟට මුවා වී ඉඳ සිපගන්න ඔය නළල දෙකොපුල.. කිසිත් බාධා නොමැති දිනයක හංගගත් මේ හැඟුම් අරගෙන හුස්ම අතරින් බෙදාගමු අපි ඉතින් කුමටද වදන් වැල් මට.. නැතිව කොහොමද ඉන්නෙ මම තව පිරිලානෙ හිත සෙනෙහ බරටම එක කුඩේ යට නුවර වැව ලඟ දිනක පවසමි එහැම ඔබහට..

    No contents