අංගුලිමාල පිරිත

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අංගුලිමාල මහා තෙරණුවන් වහන්සේ දවසක් පින්ඩපාතයේ වඩිනකොට දැක්කා විලිරුදාවෙන් පෙලෙන මවක්. ඒතුමිය ඒ අවස්ථාවේ සිටියේ ඉවසාගන්නට බැරි තරම් වේදනාවකින්. අංගුලිමාල තෙරණුවෝ මෙය දුටුවා. නමුත් උන් වහන්සේට කළහැකි යමක් තිබුනේ නෑ. උන් වහන්සේ අප මහා බුදුරජානන් වහන්සේ හමුවට ගොස් මෙය සැලකලේ උන් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන්. සියල්ල සාවදානව අසා සිටි අප බුදුරජානන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට උපදෙස් දුන්නේ ඒ ඇත්තිය සිටිනා ඉසව්වට ගොස් සත්‍යක්‍රියා සිදුකරන ලෙසටයි. අංගුලිමාල තෙරණුවන් ඒ තැනැත්තිය අසලට ගොස් මේ ආකාරයෙන් සත්‍යක්‍රියා කළා.

    “යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ
    නාභිජානාම් සංචිච්ච පාණං ජීවිතා වෙරෝපෙතා
    තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා ති”

    "පින්වත් නැගණියනි,යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභි ආර්‍ය ජාතියෙහි උපත ලැබුවෙම් ද,එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජිවිතයෙන් තොර කළ බවක් නොදනිමි.මේ සත්‍යනුභාවයෙන් ඔබට සෙත් වේවා..සුවසේ දරුවා බිහිවේවා"

    මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා..





    අංගුලිමාල පිරිත තේරුම සහිතව

    පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං
    - මේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදු සේක

    උදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයං
    - ජලය පවා සියලු උවදුරු විනාශ කරයි

    සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙ
    - මේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු පිණිසය

    ථේරස්සංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං
    - බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි

    කප්පට්ඨායිං මහාතෙජං පරිත්තං තං භණාමහෙ
    - ඒ පිරිතේ ආනුභාවය තෙරුන් වහන්සේ පිරිත කී තැන ද පිහිටියේ ය. එහි ආනුභාවය එතැන මහපොළොව පවත්නා තුරුම පවතී. එය කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් බව කියා තිබේ.

    යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො
    - සහෝදරිය, මම යම් අවස්ථාවක් ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,

    නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
    - එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි.

    තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
    - ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා.

    යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො
    - සහෝදරිය, මම යම් අවස්ථාවක් ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,

    නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
    - එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි.

    තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
    - ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා.

    යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො
    - සහෝදරිය, මම යම් අවස්ථාවක් ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,

    නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
    - එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි.

    තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
    - ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා.

    ඒතෙන සච්ච වජ්ජේන දුක්ඛා වූප සමෙන්තු (තෙ).
    - මේ සත්‍ය බලයෙන් (ඔබගේ) දුක් සංසිඳේවා

    ඒතෙන සච්ච වජ්ජේන භයා වූප සමෙන්තු (තෙ).
    - මේ සත්‍ය බලයෙන් (ඔබගේ) භය සංසිඳේවා

    ඒතෙන සච්ච වජ්ජේන රෝගා වූප සමෙන්තු (තෙ).
    - මේ සත්‍ය බලයෙන් (ඔබගේ) රෝග සංසිඳේවා

    මෙහි මුල ගාථා දෙක අංගුලිමාල පිරිතේ අනුසස් දක්වන ගාථාය. නියමිත පිරිත අංගුලිමාල තෙරුන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවය. එනම් “යතොහං භගිනි” යනාදී පාඨය ය. මේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි. එය උගෙන අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ ස්ත්‍රිය කරා ගොස් එය කී සැටියේ ම පෙරහනකින් ජලය පෙරී ගියාක් මෙන් කිසිදු අපහසුවක් නැතිව ප්‍රසූතය සිදු විය. දරුවා හා මව සුවපත් විය. ඒ පිරිතේ ආනුභාවය තෙරුන් වහන්සේ පිරිත කී තැන ද පිහිටියේ ය. එහි ආනුභාවය එතැන මහපොළොව පවත්නා තුරුම පවතී. එය කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් බව කියා තිබේ. ඒ ස්ථානයට ගෙනැවිත් තැබුවාම තිරිසන් ස්ත්‍රීහු ද සුවසේ ප්‍රසූත කරති. පසු කාලයේ ඒ ස්ථානයෙහි මව්වරුන් උදෙසා අසුනක් තැනූහ. මව්වරු එහි නිදිකර තැබුවාම සුවසේ දරුවන් ලබති. ස්ත්‍රිය එතැනට නොගෙන ආ හැකි කල්හි ඒ අසුන සෝදා පැන් ගෙන ගොස් ඔවුන්ගේ හිසට වත් කරති. එයින් ද මව්වරු සුවසේ ප්‍රසූත කරති.

    මේ අංගුලිමාල පිරිත මහානුභාවසම්පන්න පිරිතකි. මහ පිරිතය කියනුයේ මෙයට ය. මෙය ගර්භනීන් සුවපත් කිරීමට ම ඇති පිරිතක් නො වේ. මෙයින් සියළුම උවදුරු දුරු කළ හැකිය. “ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චිපරිස්සයං න මද්දති මහාපරිත්තං නාමෙතං” යනුවෙන් අටුවාවෙහි ඒ බව දක්වා ඇත්තේ ය. සියලුම රෝගවලටත් ඇස්වහ කටවහ දෝෂයටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකි වනු ඇත. පැන්වලට තෙල්වලට නූල්වලට පිරිත් කොට සුදුසු පරිදි ඒ ඒ දෙයට යොදනු. පිරිත කීවාර ගණන වැඩි වූ පමණට ගුණය වැඩියෙන් ලැබේ. ඒ නිසා පැමිණ ඇති උපද්‍රවයේ මහත් බව අනුව පිරිත කීමේ වාර ගණන වැඩි කළ යුතුය. කරුණුවල සැටි සැටියට සත්වර, විසීක්වර, එකසිය අට වර, දහස් වර, පිරිත් කරනු.

    උතුම් වූ ධර්ම දානය පිණිස වේවා…
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,930
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැවිදි වෙලා රහත්වුනත් පට බැඳපු නමින් ගැලවෙන්න බැරිවුනා. :( අනෙක් සාදුල කොහොම ආමන්ත්‍රණය කරන්න ඇද්ද !!
     
    • Love
    Reactions: Candid-B