අංගොඩ ප්‍රදේශයේ පන්සල් භූමියකින් සොයාගත&
~ ඉකුත් දා අංගොඩ ප්‍රදේශයේ පන්සල් භූමියකින් සොයාගත් සතා කවරෙක්ද?..~
බොහෝ අය උතුරු ඇමරිකානු ඇමරිකන් ජිප්සීස් ජනප්‍රවාද වල එන චුපාකබ්රා නම් මනංකල්පිත සතෙක්ටත් මෙම සතාව ආදේශ කර තිබුණි... මුලු අන්තර්ජාලය පුරාම පාහේ අස්සක් මුල්ලක් නෑර තොරතුරු සෙවීමට මට සිතුනේ මෙහි ඇත්ත නැත්ත තව දුරටත් දැනගැනීමේ අටියෙනි..
එනම් 1995 වසරයි.. උතුරු ඇමරිකාවේ පිහිටු පුවෙර්ටෝ රිකෝ ගම්බද ප්‍රදේශයට ආසන්න ගොවිපලක් ආශ්‍රිතව මුල් වරට මෙම සත්වයාව හඳුනාගෙන ඇති අතර පසු කාලීනව චීනය වැනි ආසියාතික රටවලදීද මෙම සත්වයාව දැකගැනීමට හැකිවී ඇත.. ලොම් රහිත සුනඛයෙකුට සමාන දිගු හීනි නැට්ටකින් සහ රෝස පැහැයෙන් යුත් සමක් මෙම සත්වයාට වෙයි... සුනඛයෙක්ගෙ මෙන් තරමක් ගොරෝසු කටහඬකින් සහ පූසෙකු මෙන් කෙඳිරි ශබ්දයක් නිකුත් කරන අතර මිනිසුන්ට මෙම සත්වයා මගින් සිදුවන අනතුරු පැහැදිලි ලෙස වාර්තා වූ නොමැති නමුත් බොහෝ විට මා කලින් කී උතුරු ඇමරිකානු ප්‍රදේශවල රාත්‍රී කාලයේ බීමත් සහ අඳුරේ පුද්ගලයන්ට සිදුවන වෙනත්, එනම් වලසුන් සහ වෘකයන් වැනි සතුන්ගේ පහරදීම්ද මිනිසුන් මෙම සතාගේ ගිණුමට බැර කර ඇත..
චුපාකාබ්රා (tʃupaˈkaβɾas AKA goat sucker) නම සැදී එන්නෙ ස්පාඤ්ඤය භාශාවෙනි.. එනම් "එලුවන්ගේ ලේ බොන්නා" ලෙසය.. නමුත් මිනිසුන්ගේ ලේ බී ඇති බවක් තවමත් වාර්තා වී නොමැත.. "එලුවන්ගේ ලේ බොන්නා" ලෙස බොහෝ දුරට මෙම සත්වයා හැඳින්වීමට හේතුව වී ඇත්තේ එම පෙදෙස් හී බොහොමයක් ගොවිපලවල බැටලුවන්ට එලුවන්ට වැනි ගෘහස්ථ සතුන්ට සිදු වී ඇති පහරදීම් හේතුකොටගෙනය.. නමුත් තවමත් ජීව විද්‍යාත්මක වශයෙන් ලෝක සත්ව වර්ගීකරණය යටතේ මෙම සත්වයාව සුනඛ හෝ වෙනත් කුලයක සත්වයෙක් ලෙස වර්ග කර හෝ අඩුමතරමේ එම නාමාවලියටවත් අඩංගුවී නොමැත..
එමෙන්ම,
ලෝක රතු දත්ත පොතේ ලොව වඳවී යන සහ සංරක්ශණය කල යුතු ජීවීන් ගොඩට හෝ පොතටද අඩුමතරමේ මෙම සත්වයා ඇතුලත්වී නොමැත.. නිශ්චිත තොරතුරක් හෝ නොමැත... බොහෝ පිරිස් විවිධ නම් වලින් මෙම සත්වයා හඳුන්වන අතර Cat-Fox, Civet, Sigbin ලෙසද ගැනිය හැකිය..
එමෙන්ම, මෙම සත්වයා ඩොමිනික් රාජ්‍යයෙත් , ආර්ජෙන්ටිනාවෙත්, බොලිවියා හා චිලී මෙන්ම මෙක්සිකෝ, හොන්ඩුරාස් සහ තවත් ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු පෙදෙස් වලින්ද හමු වී ඇත..
සැබැවින්ම මේ සතා කවුරුන්ද?..
එම පැනයට පිළිතුරු සෙවීම සඳහා 2010 වර්ශයේ ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ජීවිවිද්යා පර්යේශකයෙකු වන බැරී ඕ"කෝන්නර් විසින් වාර්තාවක් දක්වා ඇත.. එහි කියවෙන පරිදි ඔහුට වාර්තා වූ එම ස්වරූපය ඇති සෑම සත්වයාම නරියෙකුට සමාන සත්වයෙක් වෙන "කයෝටී - Coyote" නම් සත්ව විශේෂයක් බවත්.. සැර්කොප්ටෙස් ස්කැබී (Sarcoptes scabiei) නම් ආත්‍රපෝඩා වංශික පරපෝශිතයෙකුගෙන් හමට සිදුවන රෝග තත්වයක් නිසා හටගන්නා සංකූලතාවයක් බව එම පර්යේශකයා විසින් හෙළි කර ඇත..
එමෙන්ම,
ඊට කලින් 2004 වැනි වසරවලදීත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිදු කරනු ලැබූ පර්යේශණවලදීද හෙලිවී ඇත්තේ එම සත්වයා කයෝටී සත්ව වර්ගයට අයත් අතර සැර්කොප්ටෙස් මැන්ගෙ නම් සමේ රෝගයකින් පෙළෙන සතුන් බවයි.. බොහෝ විට සුනඛයන්ට මෙන්ම අනෙකුත් ක්ශීරපායි සතුන්ටද මෙම රෝගය වැළඳෙන අතර නරින්ට, පූසන්ට, වලසුන්ටද වෙයි.. බොහෝ විට මෙම සතුන් ඉතා දුර්වල ශරීරයකට හිමිකම් කියන අතර ක්රියාශීලීද නොමැත..
බොහෝවිට දහවල් කාලයට එළිමහනට පැමීණීමට බියක් දක්වන අතර රාත්‍රීකාලයේදී රංචුවශයෙන් හෝ තනිවශයෙන් සිටින ගෘහස්ත සත්වයින්ව දඩයම් කිරීමට පෙළඹේ.. එයට හේතුව ලෙස පර්යේක්ශයින් පවසන්නේ එම සත්වයාගේ දුර්වල ජීවන රටාවයි...
කෙසේ හෝ මීට දවස් කීපයකට ප්‍රථම පන්සල් භූමියෙන් හමු වූ මෙම සත්වයාද බොහෝ ලෙස යට කී තත්වයන් නිසා පීඩාවිඳිනෙ සත්වයෙක් විය හැකි බව මෙයින් තවදුරටත් සනාත වෙයි... ශ්‍රී ලංකාවෙත් මෙවන් අහිංසක සතුන් එනම් බෝදිලිමා බොහොමයක් මන්තාරාචාරීන් සහ කට්ටඩීන් සහ ෆේස්බුක් ගොසිප් නිව්ස් සාදන්නන් විසින් මෙවැනිම ආකාරයට විකෘති කර හුවාදක්වා ඇති බව පැහැදිලිය.. නැතිනම් ඇසෙන දකින තවත් සතෙකුගේ චර්යාවන් වැරදි ලෙස වටහාගෙන ඇත.. කෙසේ හෝඉකුත් දා සොයාගත් සත්ව විශේයද බොහෝ විට කලවැද්දකු, උගුඩුවෙකු හෝ එවන් කුලටය අයත් සතෙක් විය හැකි බවත්, යට කී සංකූලතාවයකින් පෙළෙන සත්වයෙක් බවත් බොහෝ දුරට සිතමි..
සටහන - ධනංජය රණවක