අංගොඩ ප්‍රදේශයේ පන්සල් භූමියකින් සොයාගත&

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අංගොඩ ප්‍රදේශයේ පන්සල් භූමියකින් සොයාගත&

    13015391_1759322671021622_108713493558583371_n.jpg


    ~ ඉකුත් දා අංගොඩ ප්‍රදේශයේ පන්සල් භූමියකින් සොයාගත් සතා කවරෙක්ද?..~

    බොහෝ අය උතුරු ඇමරිකානු ඇමරිකන් ජිප්සීස් ජනප්‍රවාද වල එන චුපාකබ්‍රා නම් මනංකල්පිත සතෙක්ටත් මෙම සතාව ආදේශ කර තිබුණි... මුලු අන්තර්ජාලය පුරාම පාහේ අස්සක් මුල්ලක් නෑර තොරතුරු සෙවීමට මට සිතුනේ මෙහි ඇත්ත නැත්ත තව දුරටත් දැනගැනීමේ අටියෙනි..

    එනම් 1995 වසරයි.. උතුරු ඇමරිකාවේ පිහි‍ටු පුවෙර්ටෝ රිකෝ ගම්බද ප්‍රදේශයට ආසන්න ගොවිපලක් ආශ්‍රිතව මුල් වරට මෙම සත්වයාව හඳුනාගෙන ඇති අතර පසු කාලීනව චීනය වැනි ආසියාතික රටවලදීද මෙම සත්වයාව දැකගැනීමට හැකිවී ඇත.. ලොම් රහිත සුනඛයෙකුට සමාන දිගු හීනි නැට්ටකින් සහ රෝස පැහැයෙන් යුත් සමක් මෙම සත්වයාට වෙයි... සුනඛයෙක්ගෙ මෙන් තරමක් ගොරෝසු කටහඬකින් සහ පූසෙකු මෙන් කෙඳිරි ශබ්දයක් නිකුත් කරන අතර මිනිසුන්ට මෙම සත්වයා මගින් සිදුවන අනතුරු පැහැදිලි ලෙස වාර්තා වූ නොමැති නමුත් බොහෝ විට මා කලින් කී උතුරු ඇමරිකානු ප්‍රදේශවල රාත්‍රී කාලයේ බීමත් සහ අඳුරේ පුද්ගලයන්ට සිදුවන වෙනත්, එනම් වලසුන් සහ වෘකයන් වැනි සතුන්ගේ පහරදීම්ද මිනිසුන් මෙම සතාගේ ගිණුමට බැර කර ඇත..

    චුපාකාබ්‍රා (tʃupaˈkaβɾas AKA goat sucker) නම සැදී එන්නෙ ස්පාඤ්ඤය භාශාවෙනි.. එනම් "එලුවන්ගේ ලේ බොන්නා" ලෙසය.. නමුත් මිනිසුන්ගේ ලේ බී ඇති බවක් තවමත් වාර්තා වී නොමැත.. "එලුවන්ගේ ලේ බොන්නා" ලෙස බොහෝ දුරට මෙම සත්වයා හැඳින්වීමට හේතුව වී ඇත්තේ එම පෙදෙස් හී බොහොමයක් ගොවිපලවල බැටලුවන්ට එලුවන්ට වැනි ගෘහස්ථ සතුන්ට සිදු වී ඇති පහරදීම් හේතුකොටගෙනය.. නමුත් තවමත් ජීව විද්‍යාත්මක වශයෙන් ලෝක සත්ව වර්ගීකරණය යටතේ මෙම සත්වයාව සුනඛ හෝ වෙනත් කුලයක සත්වයෙක් ලෙස වර්ග කර හෝ අඩුමතරමේ එම නාමාවලියටවත් අඩංගුවී නොමැත..

    එමෙන්ම,
    ලෝක රතු දත්ත පොතේ ලොව වඳවී යන සහ සංරක්ශණය කල යුතු ජීවීන් ගොඩට හෝ පොතටද අඩුමතරමේ මෙම සත්වයා ඇතුලත්වී නොමැත.. නිශ්චිත තොරතුරක් හෝ නොමැත... බොහෝ පිරිස් විවිධ නම් වලින් මෙම සත්වයා හඳුන්වන අතර Cat-Fox, Civet, Sigbin ලෙසද ගැනිය හැකිය..
    එමෙන්ම, මෙම සත්වයා ඩොමිනික් රාජ්‍යයෙත් , ආර්ජෙන්ටිනාවෙත්, බොලිවියා හා චිලී මෙන්ම මෙක්සිකෝ, හොන්ඩුරාස් සහ තවත් ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු පෙදෙස් වලින්ද හමු වී ඇත..

    සැබැවින්ම මේ සතා කවුරුන්ද?..

    එම පැනයට පිළිතුරු සෙවීම සඳහා 2010 වර්ශයේ ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ජීවිවිද්‍යා පර්යේශකයෙකු වන බැරී ඕ"කෝන්නර් විසින් වාර්තාවක් දක්වා ඇත.. එහි කියවෙන පරිදි ඔහුට වාර්තා වූ එම ස්වරූපය ඇති සෑම සත්වයාම නරියෙකුට සමාන සත්වයෙක් වෙන "කයෝටී - Coyote" නම් සත්ව විශේෂයක් බවත්.. සැර්කොප්ටෙස් ස්කැබී (Sarcoptes scabiei) නම් ආත්‍රපෝඩා වංශික පරපෝශිතයෙකුගෙන් හමට සිදුවන රෝග තත්වයක් නිසා හටගන්නා සංකූලතාවයක් බව එම පර්යේශකයා විසින් හෙළි කර ඇත..
    එමෙන්ම,
    ඊට කලින් 2004 වැනි වසරවලදීත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිදු කරනු ලැබූ පර්යේශණවලදීද හෙලිවී ඇත්තේ එම සත්වයා කයෝටී සත්ව වර්ගයට අයත් අතර සැර්කොප්ටෙස් මැන්ගෙ නම් සමේ රෝගයකින් පෙළෙන සතුන් බවයි.. බොහෝ විට සුනඛයන්ට මෙන්ම අනෙකුත් ක්ශීරපායි සතුන්ටද මෙම රෝගය වැළ‍ඳෙන අතර නරින්ට, පූසන්ට, වලසුන්ටද වෙයි.. බොහෝ විට මෙම සතුන් ඉතා දුර්වල ශරීරයකට හිමිකම් කියන අතර ක්‍රියාශීලීද නොමැත..
    බොහෝවිට දහවල් කාලයට එළිමහනට පැමීණීමට බියක් දක්වන අතර රාත්‍රීකාලයේදී රංචුවශයෙන් හෝ තනිවශයෙන් සිටින ගෘහස්ත සත්වයින්ව දඩයම් කිරීමට පෙළඹේ.. එයට හේතුව ලෙස පර්යේක්ශයින් පවසන්නේ එම සත්වයාගේ දුර්වල ජීවන රටාවයි...

    කෙසේ හෝ මීට දවස් කීපයකට ප්‍රථම පන්සල් භූමියෙන් හමු වූ මෙම සත්වයාද බොහෝ ලෙස යට කී තත්වයන් නිසා පීඩාවිඳිනෙ සත්වයෙක් විය හැකි බව මෙයින් තවදුරටත් සනාත වෙයි... ශ්‍රී ලංකාවෙත් මෙවන් අහිංසක සතුන් එනම් බෝදිලිමා බොහොමයක් මන්තාරාචාරීන් සහ කට්ටඩීන් සහ ෆේස්බුක් ගොසිප් නිව්ස් සාදන්නන් විසින් මෙවැනිම ආකාරයට විකෘති කර හුවාදක්වා ඇති බව පැහැදිලිය.. නැතිනම් ඇසෙන දකින තවත් සතෙකුගේ චර්යාවන් වැරදි ලෙස වටහාගෙන ඇත.. කෙසේ හෝඉකුත් දා සොයාගත් සත්ව විශේයද බොහෝ විට කලවැද්දකු, උගුඩුවෙකු හෝ එවන් කුලටය අයත් සතෙක් විය හැකි බවත්, යට කී සංකූලතාවයකින් පෙළෙන සත්වයෙක් බවත් බොහෝ දුරට සිතමි..

    සටහන - ධනංජය රණවක
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බම්ප් මචං..මමත් මේ හොය හොයා හිටියේ මූ මොකාද කියලා..thanx.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රන්ශෙත් ඉන්නවා.. මොකො ප්‍රන්ශේ කියලා අගහරු ලොකෙයැ..

    පාරෙ ඉන්න උන් අල්ලං ගිහිං මරන්නෑ ? :shocked: :shocked:
    මං හිතුවෙ බලු කරදරේ තියෙන්නෙ මෙහෙ දුප්පත් රටවල විතරයි කියල :no: :no:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පාරෙ ඉන්න උන් අල්ලං ගිහිං මරන්නෑ ? :shocked: :shocked:
    මං හිතුවෙ බලු කරදරේ තියෙන්නෙ මෙහෙ දුප්පත් රටවල විතරයි කියල :no: :no:
    හැමතැනම නැ බන්. ඒත් සමහර තැන්වල ඉන්නවා, උන්ව ශෙල්ටර් වලට ගිහින් දානවා.. එතන තමා ඉන්නේ හැට හුටා මාරට..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමතැනම නැ බන්. ඒත් සමහර තැන්වල ඉන්නවා, උන්ව ශෙල්ටර් වලට ගිහින් දානවා.. එතන තමා ඉන්නේ හැට හුටා මාරට..

    ශෙල්ටර් වල දාං නිකං කන්න දිදී තියං ඉන්නව මරන්නැතුව ? :dull: :dull:
    අපරාදෙ සල්ලි :no: :no:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශෙල්ටර් වල දාං නිකං කන්න දිදී තියං ඉන්නව මරන්නැතුව ? :dull: :dull:
    අපරාදෙ සල්ලි :no: :no:
    පව් යකො.. එහෙම නැ.. ශෙල්ටර් වලින් අරගෙන හදාගන්න පුලුවන්.. උන් අහින්සක සත්තු බන්.. ඇයි නිකරුනේ මරලා දාන්නේ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් යකො.. එහෙම නැ.. ශෙල්ටර් වලින් අරගෙන හදාගන්න පුලුවන්.. උන් අහින්සක සත්තු බන්.. ඇයි නිකරුනේ මරලා දාන්නේ..

    මහ රෑ තිස්සෙ බුරනව කනක් අැහිල ඉන්න නැති නිසා :dull: :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහ රෑ තිස්සෙ බුරනව කනක් අැහිල ඉන්න නැති නිසා :dull: :dull:
    මොකෙඛරි වලත්තයෙක් රැට එබෙන ඇති ගෙවල්වලට.. නැත්තම් නිකන් බුරන්නේ නැ බල්ලො රැට.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    මහ රෑ තිස්සෙ බුරනව කනක් අැහිල ඉන්න නැති නිසා :dull: :dull:


    උබ වගේ පොල් බුරුවෙක් බන්.ඒ සතා බුරන්නේ ආසාවට නෙමේ.මොකක්හරි සද්දයක් හෝ මොකක්හරි දෙයක් උට දැනෙන නිසා.එහෙම බුරන එකෙන් වාසිය තියෙන්නේ උට නෙමේ උබලටයි.උබ කියන විදිහට , හොරෙක් ආවත් බල්ලා බුරන්නේ නැතුව ඉන්න ඕනේ කියලද.