අක්කර වත්තේ පිසාචයා 3

කතාව හොදද කියලා වෝට් කරන්න?

  • ඉතා විශිෂ්ටයි

    Votes: 23 76.7%
  • සාමාන්‍යයි

    Votes: 2 6.7%
  • මෙලෝ රහක් නැහැ

    Votes: 5 16.7%

  • Total voters
    30

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    3859e4144ae2fd112a8c66b8c77a1801--true-crime-serial-killers.jpg

    මගේ ඔළුවට උඩින් කැරකෙන්නේ සිවිලින් ෆෑන් එකක් කියලා මට තේරුනේ ඒක දිහා බාගෙට පිය උනු ඇස් වලින් ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට යි..මගේ බෙල්ල ලාවට ඇදුන් කනවා. මම රිදෙන තැනට අත තියලා බැලුවා…ප්ලාස්ටර් වලින් ඔතලා.. මොකක්ද උනේ කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා…


    “ආ…පුතේ…උඹට කොහොමද…?”එක පාරම හොදට අහලා පුරුදු කට හඬකින් කවුදෝ කිව්වා..අවසිහියෙන් හිටපු මාව පියපි සිහියට ආවේ එනකොට… මෙච්චර වෙලා බොඳ වෙලා පෙනුන වට පිටාව ටික ටික පැහැදිලි වෙන්න පටන් ගත්තා.. මම ඉන්නේ ඇදක් උස …. පේන විදිහට නම් ඉස්පිරිතාලයක් වගේ..වටේට තව ඇදවලුත් තියෙනවා…මගේ ඇද ළඟ හිටං ඉන්නේ ගුනේ මාම…

    ” ග්‍රාම සේවක නෝනා…ග්‍රාම සේවක නෝනා… මෙන්න පුතාට සිහිය ආවා…“ අම්මා විගහට දොරෙන් ඇතුලත ඇවිත් ඇවිදන් මගේ ඇද ගාවට ඇවිත් හිට ගත්තා…

    “අම්මා..”මං කෙඳිරි ගාලා කිව්වා… අම්මා මගේ අතින් අල්ලා ගත්තා…

    ” දැන් නේ සිහිය ආවේ…වැඩිය කතා කරන්න යන්න එපා…”අම්මා කිව්වා.….

    “නෝනා…”අම්මා මොනවදෝ කියන්න දනකොටම එකපාර ගුනේ මාමා ඒක නැවැත්තුවා…ටික වෙලාවක් අම්මා මගේ ඔලුව අත ගගා ඉදලා එළියට ගියා…අම්මා දොරෙන් එලියේ කාත් එක්කද කතාවක්… අම්ම එලියේ ඉන්න අතරේ මම ගුනේ මාමගෙන් වෙච්ච දේ අහා ගත්තා…..


    රෑ 7 විතර වෙද්දි මම ගෙදර හිටියේ නැති නිසා අම්මා කලබල වෙලා… ඊට පස්සේ අම්මා මාව හොයන්න පටන් ගෙන…එහෙන් මෙහෙන් අහලා බලද්දී මං රබර් පොල්ලකුත් අරගෙන වත්ත උඩහට දුවනවා වත්තේ වැඩ කරන එකෙක් දැකලා… ඊට පස්සේ ගුනේ මාමයි, අම්මයි, අනුලා නැන්දයි අක්කර වත්ත පුරාම කෑ ගගහා මාව හොයලා.. අක්කර වත්තේ උඩටම ආවම ගල් වලව්ව ඉස්සරහා මම සිහි නැතුව වැටිලා ඉදලා… මගේ බෙල්ලෙන් හොඳටම ලේ ගැලුවලු..ඒ ගමන ගුනේ මාමා මාව කරේ තියාගෙන වත්ත පහළට අරං ඇවිත්… පාරේ ගියපු ත්‍රී වීල් එකක් නවත්තලා එහෙම්ම අම්මයි, ගුනේ මාමයි මාව ඉස්පිරිතාලෙට ගෙනත්…මාව ඉස්පිරිතාලෙට ඇතුල් කරන කොට රෑ 8.30 විතර ඇති ….

    ගුනේ මාමගේ කතාව ඇහුවට පස්සේ තමා මට වෙච්ච දේවල් සිහියට එන්න පටන් ගත්තේ….මම වත්ත උඩට රබර් පොල්ලකූත් අරං අඩියට දෙකට දුවපු විදිහ….ඩේමියන් එක පාරම දතුත් විලිස්ස ගෙන මගේ පිටිපස්සෙන් මතු උන විදිහ…ඩේමියන්ගේ තියුණු දත් මගේ බෙල්ල පසාරු කරගෙන යන විදිහ…මගේ අතේ තිබුණු රබර් පොල්ල අත ඇරිලා ඇස් දෙක නිලංකාර වෙන විදිහ කපුටා කැගහන සද්දේ. මේ ඔක්කොම පිළිවෙලට චිත්‍ර පටියක් වගේ මට පේන්න ගත්තා…

    ටික වෙලාවකින් අම්මා, නර්ස් කෙනෙකුත් එක්ක ආයෙත් කාමරේට ආවා… “අම්මේ මට ගෙදර යන්න ඕනේ..“මම අම්මා දැක්ක මන් කිව්වා…

    “ඔහොම රෑ තිස්සේ කැල වල් අස්සේ රිංගුවොත් මීට පස්සේ ගෙදර නවේ යන්න වෙන්නේ.”අම්මා තරහින් කිව්වා..අම්මා මට සැර කරපු පාරට නර්ස් මිසිටත් හිනා…

    “හෙට උදේ ඩොක්ටර් ඇවිත් බලලා තමා ටිකට් කරන්නේ…” නර්ස් නෝනා කිව්වා…. ඉන්නම් කුමාරි නෝනේ,, , තද කියලා තීරණය නැත්ද

    “මං අද රෑ පුතා ළඟ ඉන්නම් කුමාරි නෝනේ..." ගුනේ මාමා කිව්වා…

    අපේ අම්මා ග්‍රාම සේවක නිසා ගමේම අම්මත් එක්ක හරි එකතුයි.. අනික අක්කර වත්තේ ගහක් කපන්න උනත් අම්මා ඉක්මනට පර්මිට් හදලා දෙනවා.….

    අම්මා ඉස්පිරිතාලෙන් යනකොට පාන්දර 2ත් පහුවෙලා…

    “ඇත්තටම පුතේ උබ මොනවද හවස් වෙලා ගල් වලව්ව අස්සේ කරේ.” මට එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා පත්තරේ බලා බලා හිටපු ගුනේ මාමා එක සැරේටම ඇහුවා..

    “අඹ ගෙඩි ටිකක් කඩා ගන්න ගියේ මාමේ…“ගල් වලව්ව හරියේ රස අඹ ගස් දෙක තුන්කුත් තියන නිසා මම එහෙම කිව්වා…

    “ඉතිං යොදයෝ යන තැනක ගෙදරට කියලා යන්න එපැයි…ඒකත් මේ ගොම්මන් වෙලාවේ….අනික මට කියන්න තිබ්බා…එහෙනම් මම කඩලා ගෙදරටම ගෙනත් දෙනවනේ…”

    ගුනේ මාමත් එක්ක තව ටිකක් කතා කරද්දී තමා තේරුනේ වැඩේ බරපතලයි කියලා…ඉස්පිරිතාලෙට ගේනකොට මගේ ඇගේ ලේ හොදටම ගිහිල්ලා තිබිලා තියෙන්නේ…තව ටිකක් පරක්කු උනා නම් මොලේට හානි වෙන්නත් තිබ්බලු…
    ගුනේ මාම ඔය නොකියා කියන්න හදන්නේ මං මැරෙන්නත් ඉඩ තිබ්බා කියලා…

    මුලින්ම හිතලා තියෙන්නේ මට නයෙක් දෂ්ට කරලා කියලා…හැබැයි බෙල්ලේ තියෙන දත් පාර ලොකු නිසා වෙන සතෙක් කියල තාම දොස්තර මහත්තයා කියලා තියෙන්නේ..දත් පාර වල් දෙකක් විතරක් තියෙන නිසා හරියට ම කියා ගන්න බැරිලු…ඉන්ජෙක්ෂන් එකක් එහෙමත් ගැහුවලු මට…දොස්තර මහත්තයාටත් මේක මහා ප්‍රශ්නයක්ලු…

    මම නේ දන්නේ හරියටම මට වෙච්ච දේ. ඩේමියන්ගේ දත් වලින් මගේ බෙල්ල පසාරු උන විදිහ මට හොදට මතකයි…එතනින් එහාට වෙච්ච දේවල් නම් හරියටම පැහැදිලි නැහැ…හැබැයි මගේ බෙල්ල හැපුවේ නයෙක් වත්, වෙන සතෙක් වත් නෙවේ… ඩේමියන් මයි…!!!

    “ගුනේ මාමා දන්නවද ගමට අලුතින් ආපු ඩේමියන් කියල කෙනෙක් ගැන?"

    “ඩේමියන්…නැහැනේ පුතේ…ඒ කවුද…???”

    එතකොට ගමේ කවුරුවත්ම දන්නේ නැහැඩේමියන් කෙනෙක් ගැන… මට පිස්සු හැදීගෙන වත් එනවද?මට පිස්සු නම් මගේ බෙල්ලේ තියෙන දත් පාර කාගේද…???

    අනුලා නැන්දයි, අපේ අම්මයි නම් අනිවාර්යෙන්ම ඩේමියන්ව දැකලා තියෙන්නඕනේ…ඒ දෙන්නටම කිසිම දෙයක් මතක නැති එක වෙනම දෙයක්…

    අම්මා අද ගෙදර තනියම…ඩේමියන් වත් කරදරයක් කරොත් මොකද කරන්නේ…මම ගෙදර හිටියා කියලත් මොනවා කියලා කරන්නද ???දත් විලිස්සාගෙන එන යකෙක්ට ගලක් ගලවලා ගහන්නද?කියන්න කියලා කෙනෙකුත් නැහැ… පොලිසියට යන්නත් බැහැ…ඔක්කොටම වඩා මේ කතා වෙන කවුරුවත් විශ්වාස කරයිද…?

    හැබැයි අපේ අම්මට ඩේමියන් කරදයක් කරනවා නම් එදාම කරන්න තිබ්බා..අනුලා නැන්දාටත් කිසි කරදයක් කරලා තිබ්බේ නැහැනේ…

    මම අනිත් පැත්ත හැරිලා නිදා ගන්න බැලුවා…අතට ගහලා තියෙන සේලයින් කට්ට ඇනෙන කොට නිදා ගන්න තියා හිතා ගන්න වත් බැහැ..ගුනේ මාමටත් එහෙම්ම පුටුවෙම නින්ද ගිහිං…මම බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා බැලුවා…වෙලාව පාන්දර 4යි..එලිය වැටෙන්නත් තව පැය කිහිපයයි…මම ඇද විට්ටමට හේත්තු වෙලා කලපනා කරන්න පටන් ගත්තා…

    උදේම අම්මා වැඩට යන්න කලින් මාව බලන්න ආවා…අම්මා උදේට කන්න ඉදි ආප්පයි පරිප්පු හොදියි ගෙනත් දුන්නා…තිබ්බ බඩගින්ට මම ඔක්කම ටික ගිලලා
    දාලා ඩොක්ටර් එනකං බලන් හිටියා…ගුනේ මාමත් ගෙදර ගිය නිසා මට පට්ට පාලුයි…කතා කරන්නවත් කෙනෙක් නැහැ..උදේ 10ට විතර දොස්තර මහත්තයා ආවා…මාව බලලා තාම උණ ගතිය නිසා දවල්ට ටිකට් කපන්නම් කිව්වා…උණ නම් ඉතිං වැස්සට තෙමිච්ච නිසා..

    දොස්තර මහත්තයා කියන විදිහට මගේ බෙල්ලේ හපා කෑම හරි අත්බුතයිලු.මගේ කිසිම විස වීමකුත් නැති නිසා සතෙක් නම් වෙන්නම බැරිලු…. දවල් වරුවේ කොහොම හරි ඩොක්ටර් මගේ ටිකට් කැපුවා…අම්මා ඇවිත් මාව ගෙදර එක්කං ගියා…

    “තමුසේ මොකද මහා රෑ කැලවල් අස්සේ රිංගන්න ගියේ…?”අම්මා ගෙදර ආපු ගමන් මගේ ඇගට කඩා පැන්නා…

    “අඹ ටිකක් කඩා ගන්න ගියේ අම්මා…ඉස්කෝලෙට අච්චාරු ටිකක් දාලා අරං යන්න හිතං හිටියේ “මං ගුනේ මාමට කියපූ බොරුවම අම්මාටත් ඇද බෑවා..

    “මොකද දැන් ගල් වලව්ව ලගදී උනේ…“අම්මා මගෙන් ඇහුවා…

    “මොකෙදෝ එකෙක් මාව හැපුවා…මට හරියටම මතක නැහැ අම්මා…“

    “මොකෙක් හරි කිව්වේ සතෙක්ද…?”

    “නෑ අම්මා සතෙක් නම් වෙන්න බැහැ…” මේක හිතේ තියං ඉදලා මට එපා වෙලා…විස්වාස කරනවා නම් කරපු දෙන් කියලා මම කිව්වා…

    “ම්…මාත් ඒක තමා හිතුවේ…මේක අමුනුෂ්‍ය දෝෂයක් වගේ…ඊයේ රෑ ගේ ඉස්සරහා මාත් ඡායාවක් දැක්කා..”පුදුමයි අම්මා මාව විශ්වාස කරා…අම්මා දැක්ක ඡායාව මොකක්ද…?ඩේමියන් වත් ද???මගේ ඇගේ හිරිකඩු පිපෙන්න ගත්තා...

    “මං හිතන්නේ ඔය මහසෝනා…“අම්මා මට තේ එකක් ගෙනත් දෙන ගමන් කිව්වා… බක්ස්…!!! ගාලා මගේ කටින් හිනාවක් පැන්නා…මට තප්පර ගානකට හිනාව නවත්ත ගන්න බැරුව ගියා… “මහසෝනා ගහන්නේ කනට අම්මා… ඌ බෙල්ල හපන්නේ නැහැ.”

    “ඔව්…උබ ඔකොම දන්නවනේ….“අම්මට මං කිව්ව එකට තරහා ගිහින් වගේ…

    “හෙට දේවාලෙට යන්න ලෑස්ති වෙනවා මාත් එක්ක යන්තරයක් වත් දාගන්න “

    "අනේ අම්මා මේ පිස්සු වැඩ කරන්න එපා…බොරුවට සල්ලි වියදං වෙන වැඩ…පන්සලට ගිහින් නූලක් දාගන්න එක වෙන දෙයක්…” අම්මා ඒකට උත්තරයක් දුන්නේ නැහැ…

    මං රෑට කාලා බීලා කම්පුටරේ ඔන් කරගෙන ඉන්ටර්නෙට් එකේ අත්බුත ජීවීන් ගැන ටිකක් හොයන්න පටන් ගත්තා…ටිකක් එහෙට මෙහෙට හොයලා බලද්දී ඩේමියන්ගේ ගති ලක්ෂණ තියෙන ලිපියක් මට හම්බුනා…මම උඩින් පල්ලෙහින් ඒක කියවලා දැම්මා…මේකේ හැටියට නම් ඩේමියන් වැම්පයර් කෙනෙක්…
    ලිපියේ හැටියට වැම්පයර් ලා ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ලේ හරි සත්තුන්ගේ ලේ හරි උරා බීලා…ලේ පිපාසෙ එනකොට ඒ සදහාම සැකසුනු තියුණු දත් දෙකක් උඩු ඇන්දෙන් දික් වෙනවා…ආයු කාලයක් අපිට වඩා ගොඩක් වැඩියි…ඒ වගේම මේ ගොල්ලන්ට ස්වභාවික නොවන හැකියාවන් ගොඩක් තියෙනවා…මිනිස්සුන්ව වශී කරන්න….ගද සුවද හොදින් හදුනා ගන්න…සද්දයක් දුර තියා අදුන ගන්න… සත්තුන්ව පාලනය කරන්න වගේ දේවල් මුන්ට පුළුවන්….මේකේ හැටියට වැම්පයර් ලා ඉර එලියට එන්න බයයි…ඩේමියන්ව මම දැක්ක හැම වෙලවකම ඉර එලිය තිබ්බේ නැහැ..

    ඒ ලිපියේ තිබ්බා වැම්පයර් කෙනෙක් හපා කාපු පින්තූර වගයක්…..මං කන්නාඩිය ඉස්සරහට ගිහිං බෙල්ලේ ඔතලා තිබ්බ ප්ලස්ටරේ බුරුල් කරලා බැලුවා…ඒ දාලා තිබ්බ හපා කෑම් වලට සමාන පාරක් තමා මගේ බෙල්ලෙත් තියෙන්නේ…මේ ලිපියේ තියෙන විස්තර වලට ලොකු සමානකමක් ඩේමියන්ගෙත් තියෙනවා… පිසාචයෙක් අපේ ගමේ…???අනේ මන්දා…!!!මගේ ඔලුවත් විකාර වෙනවා…

    මම ඉස්පිරිතාලෙන් දුන්න බෙහෙත් පෙති ටිකත් ගිලලා නිදා ගත්තා…

    පහුවදා උදේ මම නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති උනා…වැඩිය අමාරුවකුත් නැති නිසා අම්මත් ඒකට කැමති උනා…අම්මා මගේ බෙල්ලේ තිබුණු පරණ ප්ලාස්ටරේ ගලවලා පිරිසිදු කරලා අලුතින් බෙහෙත් දැම්මා…

    “දැන් නම් තුවාලේ ටිකක් වේලිලා…”අම්මා බෙහෙත් දාන ගමන් කිව්වා…

    අම්මා ග්‍රාම සේවක කාර්යාලයට යන්න කලිං, ස්කුටරෙන් මාව ඉස්කෝලෙට ගිහිං දැම්මා…

    “අඩෝ මේ බලපන්කෝ බං, මූ තාම ඉස්කෝලේ එන්නේ අම්මත් එක්ක…“පංතියේ යාලුවෝ මට විහිළු කරන්න පටන් ගත්තා…

    “ආ…මේ මොකෝ මේ බෙල්ල කඩාගෙන” කොල්ලො මගේ බෙල්ලට කූරු ගගහා ඇහුවා…

    “පොඩි තුවාලයක් උනා බං…”මම බොරුවක් කියලා මාරු උනා…වෙච්ච සිද්ධිය ඉස්කෝලේ උන්ට පැහැදිලි කරන්න ගියොත් එහෙම අදම මාව විශේෂ අවශ්‍යතා ඇති ඉස්කෝලෙකට මාරු කරලා යවයි…
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    සුපුරුදු විදහට කම්මැලි කමේ ඉස්කෝලේ පැය 8 ගෙවලා දැම්මා…බෙල්ලෙන් සැරෙන් සැරේ එන කැක්කුමට උගන්නන දෙයක් හරියට ඔලුවට යන්නෙත් නැහැ…
    ඉස්කෝලේ ඇරෙන වෙලාවට අම්මා ස්කුටරෙන් මාව එක්කං යන්න ආවා…අම්මයි මායි දෙන්නම කෙලින්ම පන්සලට ගියා…

    “ග්‍රාම සේවක නෝනා…!!!මොකෝ හදිසිස්ගේ මේ පැත්තේ…???“පන්සලේ ලොකු හාමුදුරුවෝ අපිව දැකලා කිව්වා…

    “අපේ පුතා හීනෙන් බය වෙලා හාමුදුරුවනේ..පිරිත් නූලක් දාගන්න කියලා මේ එක්කං ආවේ…”හීනෙන් බය වෙලා…???මොකක් මම දෙක වසරේද…???වස ලැජ්ජාවයි..කවුරුත් නොදන්නවා උනාට මං පිසචයෙක් එක්ක හැප්පෙන්නයි එදා රබර් පොල්ලකුත් අරං වත්තට දිව්වේ…

    ලොකු හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නුලක් ගැට ගැහුවා…අම්මයි මායි දෙන්නම ලොකු හාමුදුරුවොන්ට වැදලා ස්තුතී කරලා ආවාස ගෙයින් එලියට ආවා…“

    “මාත් එක්ක ගිහිං ඔෆිස් එකේ ඉමු…ගෙදර තනියම ඉන්න එපා..“අම්මා යන්න ලැස්ති වෙලා කිව්වා…

    “අනේ මේ..මට බැහැ..!!!”අම්මා එදා සිද්දියෙන් පස්සේ මාව වැඩිය තනි කරන්නේ නැහැ..අම්මා හිතං ඉන්නේ මට යකෙක් ගහලා කියලා…ඩේමියනුත් යකෙක් තමා හැබැයි වෙනස් ජාතියේ යකෙක්…පිසාචයෙක්…!!!

    අම්මා මට තනියම ගෙදර යන්න දෙන්නෙම නැහැ..අන්තිමේට මම අම්මා වැඩ ඉවර වෙනකං පන්සලට වෙලා ඉන්න තීරණය කලා…අම්මත් ඒකට එකග උනා…පන්සලේ පොඩි හාමුදුරුවොත් ඉන්න එකේ කම්මැලි කමක් නැහැ… අම්මා ගියාට පස්සේ මම පන්සලේ රවුමක් දාලා පොඩි හාමුදුරුවන්ව හොයා ගත්තා…පොඩි හාමුදුරුවෝ මලුව අමදිනවා…

    “ආ…බුද්දික…”මම පොඩි හාමුදුරුවෝ ඈත තියාම කෑ ගැහුවා…

    “බුද්දික…?හොදයි හාමුදුරුවෝ නමකට කතා කරන විදිහ…”පොඩි හමුදුරුවෝ මගේ ෆිට් එක…මට වඩා අවුරුදු 3ක් විතර බාලයි…

    “කෝ දෙන්න මම අතු ගාන්නම් පොඩි ගත්තා… අතේ තිබ්බ ඉදල උදුරා ගත්තා...

    “මොකෝ මේ බෙල්ල…?”හැමෝටම කිව්ව බොරුව මම පොඩි සාධුටත් ඇද බෑවා…

    “පොඩි සාදු යක්කුන්ව විස්වාස කරනවද…?”මම පන්සල් මිදුල අතු ගාන ගමන් කතාවට වැටුනා…

    “මොකෝ නැත්තේ..යක්කු,ෆරේතයෝ, කුන්බාන්ඩයෝ මේ ඔක්කම බුද්ධ දර්මයේ ඉගැන් වෙනවා…”

    “මාත් ආසයි විස්තර ටිකක් දැන ගන්න’….

    “ඒ මොකෝ හදිසියේ යක්කු ගැන හොයන්න පටන් ගත්තේ…”

    “හේතුවක් නැහැ සාධු...නිකං දැන ගන්න ආස හිතුනා…!!!”

    “ම්…ඉස්සෙල්ලා අතු ගාල ඉන්නකෝ…”

    අතු ගාලා ඉවර උනාම පොඩි හාමුදුරුවෝ මාව පන්සල් පුස්තකාලෙට එක්ක ගියා…”

    බුදු බණේ යක්කු බර ගානක් ගැන කියවෙනවා… සාතාගිර, හේමවත, ආලවක, රුචිරෝම, කරරෝම ඒ අයගෙන් කිහිප දෙනෙක්…පොඩි හාමුදුරුවෝ මට යක්කු ගැන දේශනයක් දෙන්න පටන් ගත්තා…යක්කු වගේම ඔපපාතික සත්තු, ප්‍රේතයෝ,ගැනත් පොඩ්ඩ පොඩ්ඩ දැන ගත්තා…හැබැයි පිසාචයෝ ගැන නම් මුකුත්ම හොයා ගන්න බැරි උනා…වරක් බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළ අවස්ථාවේ මෙහි සිටි යක්කු උන්වහන්සේ වටකරගෙන හිරිහැර කරන්නට සූදානම් වෙද්දී පත්කඩයෙන් ජාලාවක් මුදාහැර එකී යකුන් පලවා හැරි බව පොඩි සාධු මට කියලා දුන්නා…ඒවගේම අදටත් ගම් වල කතා බහ කෙරෙන මහසෝනා, රීරි යකා, හූනියම් යකා, තොටේ යකා, කළු යකා වගේ යක්කු ගැනත් මට කියලා දුන්නා…

    රීරි යකා කියන්නෙත් ලේ වලට ආස කරන යකෙක්…පිසාචයාට ලගින් යන එකම යකා...පොඩි සාධු කියන විදිහට පිරිතේ බලයෙන් යක්කු පලවා හරින්න පුළුවන්...

    “පොඩි සාධු මට පිරිත් වතුර ටිකකුත් දෙනවද.. “මං දේශනාව අවසානයේදී පොඩි සාධුගෙන් ඇහුවා…පොඩි හාමුදුරුවෝ හරස් ප්‍රශ්න නැතිවම පිරිත් වතුර ටිකක් දෙන්න කැමති උනා…

    පොඩි හාමදුරුවොයි මායි බුදු ගෙට ගියා…පිරිත් වතුර ටිකක් බෝතලේකට දාලා දෙනකන් මං බුදු ගේ තිබුණු පිළිම දිහා බැලුවා…යක්කු අඹලා තියෙන විදිහ දැක්කම මට මතක් උනේ ඩේමියන්ව…පිළිමේ නම් දත් දෙක දෑකැති දෙකක් වගේ දෙපැත්ත නැවිල… ලොකූයි… හැබැයි දෙමියන්ගෙ දත් දෙක කෙලින්.. පොඩියි…පිළිමේ දිහා බලං හිටපු මං ආයෙත් පියවි සිහියට ආවේ පොඩි සාදුගේ කට හඩට…

    ටිකක් හවස් වෙද්දි අම්මා මාව එක්කං යන්න ආවා…පන්සලේ පොඩි සාදුට අනුව පිරිත් වතුරෙන් යක්කු මෙල්ල කරන්න පුළුවන්… ඩේමියන් යකෙක්ද පිසාචයෙක්ද නැත්නම් වෙන මොකෙක් හරිද මට කමක් කමක් නැහැ…. ඩේමියන් ආයේ කරදරයක් වුණොත් මං මේක පාවිච්චි කරන්න ඕනේ…ඉන්ටර්නෙට් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් පිසාචයෝ කියන්නේ බලවත් ජීවීන් කොටසක්… කමක් නැහැ සටනක් නැතුව පරාජය බාර ගන්න හොඳ නෑ.

    එදා රෑ මං අම්මා එහාට මෙහාට වෙනකං ඉඳලා අම්මාගේ ඇද වටේට පිරිත් වතුර ටිකක් ඉහුවා…මගේ ඇද වටේටත් වතුර ටිකක් ඉහලා නිදා ගත්තා…පහුවදා උදෙත් අම්මා මාව ස්කුටර් එකෙන් ඉස්කෝලෙට ගිහිං ඇරලුව… මං කෝකටත් කියලා පිරිත් වතුර බෝතලෙත් බෑග් එකේ දාගෙනම ආවා…

    “අම්මා අද එක්කං යන්න එන්න ඕනේ නැහැ..“මං අම්මා පිටවෙද්දී කිව්වා…හැමදාම අම්මා එක්ක ඇවිත් යාලුවෝ ඉස්සරහා චාටර් වෙන්න බැහැ…

    දවස් දෙකක්ම ඩේමියන් ගැන කිසි ආරංචියක් නැහැ..ගමෙන්ම ඩේමියන්ව දන්නේ මම විතරයි…

    ඩේමියන් අම්මවයි, අනුලා නැන්දවයි වශී කළා නම් ඇයි මාව එහෙම නොකළේ…?මාව වශී කරලා මේ ඔක්කම අමතක කර වන්න පුළුව….!!! ඩේමියන්ට වශී කරන්න පුළුවන් ගෑනු විතරද…?මගේ ඔලුව ආයේ කකියන්න ගත්තා…

    සුපුරුදු විදිහටම කම්මැලි කමේ අදත් පීරියඩ් හයක්ම ගෙවිලා ගියා.. අන්තිම දෙක ඉකෝන්…

    මං කොහොමත් ඉස්කෝලෙදි වැඩිය ඉගෙන ගන්නේ නැහැ….ක්ලාස් එකේදී ඉගෙන ගන්න එක ලේසියි… ඉස්කෝලෙදී මං වැඩියෙන්ම කරන්නේ එහා පැත්තේ තියෙන කෙසෙල් වත්ත දිහායි…සදලි දිහයි බලං ඉන්න එක…

    අපේ පන්තියට මීටර් 200ක් විතර එහා පැත්තේ තියෙන්නේ ලොකු කෙසෙල් වත්තක්… පස්සෙම පෝලිමට ඒ කෙසෙල් වත්ත හොදට පේනවා…ඒ නිසා හැමදාම මං ඉදගන්නේ එතන…පන්තියේ බිත්තිය තියෙන්නේ මගේ බෙල්ල ගාවට, ඉතිරි ටික කොටු යකඩ දැල් වලින් වට කරලා තියෙන්නේ…සැරෙන් සැරේ වත්ත අස්සෙන් ඇවිත් ඇගේ වදින සීතල මං හරි ආසයි…

    සදලි තමා මගේ හිත ගිය කෙල්ල...ඉස්කෝලේ කෙල්ලෝ කීයක් හිටයත් මගේ හිත හෙල්ලුවේ සදලි විතර යි..සදලිට ට කවදාවත් කොල්ලෙක් ඉඳලා නැහැ…යාලු වෙන්න අහපු හැම කොල්ලවම ආපහු හරවලා යවනවා…ඒකි හිතං ඇත්තේ කවදා හරි රාජ කුමාරයෙක් ඇවිත් ඒකිව කැන්දන් යයි කියලා…දුප්පත් උනාට මොකද ඒකිගේ ලොකු කමනම් හොදටම වැඩි…

    මාත් ගිය අවුරුද්දේ මුලදී සදලිට ලිවුමක් දුන්නා… මේකි ඒක ටීච කෙනෙක්ට දීලා…ලිවුම මුළු ස්ටාෆ් රුම් එක වටේම ගිහිල්ලා…ටීචර්ලා ඔක්කොම ලිවුමේ වෙනස් වෙන්න ඕනේ තැන් රතු පෑනෙන් හරි ගස්සලා මට ගෙනත් දුන්නා… පොඩි කාලේ ඉදං ඉස්කෝලේ තියං ආපු නම්බුව එදා සදලි පාගලා පොඩි කරලා දැම්මා…එදා ඉදං එකෙක්වත් සන්දලිගෙන් යාලු වෙන්න අහන්න ගියේ නැහැ…

    සඳලි ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව…ඒකි සූදු ගමුව අදින්නේ අනිත් ගෑණු ළමයින්ට වඩා අගලක් විතර උඩින්…ඉස්කෝලේ අනිත් ගෑණු ළමයි මේකට කේස් ඇදලත් තියෙනවා….. ඒත් මෙතුවක් දවසකට ඉස්කෝලෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ…

    මං පුටුව අස්සෙන් පේන සඳලිගේ සූදු කකුල් දෙක දිහා බලං හිටියා…

    “නිමේෂ්…තමුසේ මොකද සදලි දිහා බලං ඉන්නේ. එයාද තමුසෙට පාඩම කියලා දෙන්නේ…?”ඉකෝන් මිස් එක සැරේටම ඇහුවා… පන්තියේ කොල්ලො කෙල්ලො ඔක්කොම පිටි පස්සේ හැරිලා බක බක ගාල හිනා වෙන්න පටන් ගත්තා….හැබැයි සඳලී නම් පිටි පස්ස හැරුණේ නැහැ…

    “ආයෙත් ලියුමක් දෙන්නද යන්නේ…“පංතියේ ඉස්සරහා හිටපු එකෙක් කෑ ගැහුවා...මුළු පන්තියම ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා...


    මට ලැජ්ජාවට පොළව පලා ගෙන යන්න වගේ..


    මං පන්තියට මුණ දෙන්න බැරි නිසා ජනෙලෙන් එහා පැත්ත බලා ගත්තා…ඒ දැකපු දෙයින් මගේ හුස්ම හිර වෙන්න ගත්තා… ඩේමියන් කෙසෙල් පඳුරක් අස්සෙන් හිටගෙන කෙලින්ම මගේ දිහා බලාගෙන ඉන්නවා…මගේ ඇග හිරි වැටිලා ගියා… ඩේමියන් කට කොණකින් හිනා වෙනවා…හරියට අපේ විහිළුව ඩේමියන්ටත් ඇහුණා වගේ…ඒ හිනාවට බය හිතෙනවා… මට පිරිත් වතුර බෝතලේ මතක් උනා…මං එහෙම්ම බෑග් එකට උඩට අත තියා ගත්තා…


    ඩේමියන් හෙල වෙන්නේ වත් එක දිගටම මගේ දිහා බලං ඉන්නවා…මං බැරිම තැන අහක බලා ගත්තා...ඩේමියන් මේ මහා දවාලේ…මම හිතුවේ පිසචයෝන්ට ඉර එලියට එන්න බැහැ කියලා...එතකොට ඩේමියන් පිසචයෙක් නෙවේද…???මගේ ඔලුව ආයෙත් කකියන් ගත්තා...


    ටික වෙලවකින් මං හෙමීට ආයෙත් කෙසෙල් වත්ත පැත්තට ඔලුව හැරෙව්වා… ඩේමියන් අතුරුදහං වෙලා…


    ඉස්කෝලේ ඇරෙන්නත් තව විනාඩි පහලොවවක් වගේ තියෙන්නේ…ඔය අතරේ මං සැරෙන් සැරේ ඩේමියන් ඉදීද කියලා බලන්න කෙසෙල් වත්ත දිහා බැලුවා…ඔහොම ටික වෙලාවක් යද්දී ඉස්කෝලේ බෙල් එකත් ගැහුවා…මං ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ඇවිත් ඩේමියන් ඉදිද කියලා වට පිට බැලුවා…


    “යමන් නිමේෂ් ගෙදර…“කොල්ලෙක් මගේ උරහිසට අත තියලා කිව්වා…

    "උබල පලයන් මචං.අද මට පොඩි වැඩක් තියෙනවා…”මං උන්ව මග හැරියා… ඩේමියන් අද මාව අනිවාර්යෙන් හම්බ වෙන්න එනවා…එතකොට වෙන උන් මගේ ළඟ ඉන්න එක බයානක වෙන්න පුළුවන්…

    ළමයි ඔක්කොම වගේ ගියාට පස්සේ මං හිමීට පාර දිගේ ඇවිදගෙන ගෙදර යන්න පටන් ගත්තා…පාරේ එක පැත්තකින් තියෙන්නේ පන්තියට පේන ලොකු කෙසෙල් වත්ත… සැරෙන් සැරේ මම ඩේමියන් ඉදිද කියලා බලන්න පිටිපස්ස හැරිලා ත් බැලුවා…ඈතින් එන ඉස්කෝලේ යන ළමයි දෙතුන් දෙනෙක් හැර වෙන කවුරුත් නම් පේන්න නැහැ


    ඔහොම මීටර් කිහිපයක් පාර දිගේ ඉස්සරහට යනකොට මෙගේ ඇගේ හිරිකඩු පිපුණා…ඩේමියන් පාරේ අයිනෙ හිටං ඉන්නවා…නිකණුත් නෙවේ සදලිගේ අතින් අල්ලා ගෙන ඉන්නේ…ඩේමියන් තාමත් කට කොනකින් හිනා වෙනවා..

    ඩේමියන් සදලිත් ඇදගෙන එක පාරටම කෙසෙල් වත්ත ඇතුලත රිංගුවා…

    බය වෙලා පාරේ නැවතිලා බලං හිටපු මාත් ගිහිං ඩේමියන් රිංගපූ තැනින්ම කෙසෙල් වත්ත ඇතුලත රිංගුවා…

    මං ටිකක් වට පිට බැලුවා…ඩේමියන් වත් සඳලි වත් පේන්න වත් නැහැ…ඩේමියන් සඳලිට කරදරක් කරලා තිබ්බොත් නං මං ඕකාව මරාගෙන මැරෙනවා…මං කෙහෙල් ගස් අස්සෙන් රිංග රිංග සදලිව හෙව්වා…


    “ඩේමියන්..!!!සඳලිව අත ඇරපන්… උබට ප්රශ්න තියෙන්නේ මාත් එක්ක….”මං කෑ ගහපු සද්දෙ වත්ත පුරා රැව් දෙන්න පටන් ගත්තා…

    දෙන්නගෙම කිසිම සද්දයක් නැහැ…මං තව ටිකක් කෙසෙල් වත්ත මැදට ගියා…හතර වටෙන්ම කෙසෙල් ගස් නිසා දැන් කොහෙන්ද ආවේ කොහේටද යන්න ඕනේ කියලා හිතා ගන්න බැහැ…

    “නිමේෂ්..” එක පාරටම පිටිපස්සෙන් කටහඩක් ඇහුනා…

    “සදලි…!!!” පිටිපස්ස හැරුන මට ඉබේටම කියවු….සදලි අමු හෙළුවෙන් මගේ ඉස්සරහා…සදලිව දැකලා මට උන් හිටි තැන් අමතක උනා…

    “මාව අල්ලන්න නිමේෂ්…“සදලි එහෙම කියලා හිනා වෙවි කැලේ අස්සට දිව්වා…ඩේමියන් සඳලිව වශී කරලා වගෙයි…

    “සදලි…!!! ඔහොම ඉන්න….”මං සදලිගෙ පස්සෙන් පැන්නුවා…

    සඳලි වේගෙන් කෙසෙල් ගස් අස්සෙන් දුවනවා…සදලි අඩිය තියන තාලෙට පු# ලෙල දෙනවා…

    “හූ. හූ…!!! නිමේෂ් ඔයාට මාව අල්ලගන්න බැරිද..???”


    සඳලි පුදුම වේගෙකින් දුවන්නේ..වශී වෙලා ඉන්න නිසාද මංදා…අපි දෙන්නා දුවන වේගේට වේළුණු කෙසෙල් කොළ ඇගේ වැදිලා සර සර ගානවා…


    ඔහොම කෙහෙල් ගස් අස්සෙන් අස්සෙන් දුවලා මම නැවතුනා….බෙල්ලේ අමාරුවයි හතියයි එක්ක මාව මැරෙන්න වගේ..

    මතු සම්බන්දයි…
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අඩෝ මේක වල් කතාවක් නේ.උබ ඒකේ වැල කෑලි ටික අයින් කරලා දානවද.🥴


    ඔරිජිනල් එක පහලින් කියවපන් ඕනේ උන්.හැබැයි වල් කතාවක්.

    Pisachaya1.blogspot.com
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    kawuda hutto melo rahak nah kiyala vote kale kanawa nam munhe kawuththa
    @Emios adahasak denna meka kiyawala