මගේ ඔළුවට උඩින් කැරකෙන්නේ සිවිලින් ෆෑන් එකක් කියලා මට තේරුනේ ඒක දිහා බාගෙට පිය උනු ඇස් වලින් ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට යි..මගේ බෙල්ල ලාවට ඇදුන් කනවා. මම රිදෙන තැනට අත තියලා බැලුවා…ප්ලාස්ටර් වලින් ඔතලා.. මොකක්ද උනේ කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා…
“ආ…පුතේ…උඹට කොහොමද…?”එක පාරම හොදට අහලා පුරුදු කට හඬකින් කවුදෝ කිව්වා..අවසිහියෙන් හිටපු මාව පියපි සිහියට ආවේ එනකොට… මෙච්චර වෙලා බොඳ වෙලා පෙනුන වට පිටාව ටික ටික පැහැදිලි වෙන්න පටන් ගත්තා.. මම ඉන්නේ ඇදක් උස …. පේන විදිහට නම් ඉස්පිරිතාලයක් වගේ..වටේට තව ඇදවලුත් තියෙනවා…මගේ ඇද ළඟ හිටං ඉන්නේ ගුනේ මාම…
” ග්‍රාම සේවක නෝනා…ග්‍රාම සේවක නෝනා… මෙන්න පුතාට සිහිය ආවා…“ අම්මා විගහට දොරෙන් ඇතුලත ඇවිත් ඇවිදන් මගේ ඇද ගාවට ඇවිත් හිට ගත්තා…
“අම්මා..”මං කෙඳිරි ගාලා කිව්වා… අම්මා මගේ අතින් අල්ලා ගත්තා…
” දැන් නේ සිහිය ආවේ…වැඩිය කතා කරන්න යන්න එපා…”අම්මා කිව්වා.….
“නෝනා…”අම්මා මොනවදෝ කියන්න දනකොටම එකපාර ගුනේ මාමා ඒක නැවැත්තුවා…ටික වෙලාවක් අම්මා මගේ ඔලුව අත ගගා ඉදලා එළියට ගියා…අම්මා දොරෙන් එලියේ කාත් එක්කද කතාවක්… අම්ම එලියේ ඉන්න අතරේ මම ගුනේ මාමගෙන් වෙච්ච දේ අහා ගත්තා…..
රෑ 7 විතර වෙද්දි මම ගෙදර හිටියේ නැති නිසා අම්මා කලබල වෙලා… ඊට පස්සේ අම්මා මාව හොයන්න පටන් ගෙන…එහෙන් මෙහෙන් අහලා බලද්දී මං රබර් පොල්ලකුත් අරගෙන වත්ත උඩහට දුවනවා වත්තේ වැඩ කරන එකෙක් දැකලා… ඊට පස්සේ ගුනේ මාමයි, අම්මයි, අනුලා නැන්දයි අක්කර වත්ත පුරාම කෑ ගගහා මාව හොයලා.. අක්කර වත්තේ උඩටම ආවම ගල් වලව්ව ඉස්සරහා මම සිහි නැතුව වැටිලා ඉදලා… මගේ බෙල්ලෙන් හොඳටම ලේ ගැලුවලු..ඒ ගමන ගුනේ මාමා මාව කරේ තියාගෙන වත්ත පහළට අරං ඇවිත්… පාරේ ගියපු ත්‍රී වීල් එකක් නවත්තලා එහෙම්ම අම්මයි, ගුනේ මාමයි මාව ඉස්පිරිතාලෙට ගෙනත්…මාව ඉස්පිරිතාලෙට ඇතුල් කරන කොට රෑ 8.30 විතර ඇති ….
ගුනේ මාමගේ කතාව ඇහුවට පස්සේ තමා මට වෙච්ච දේවල් සිහියට එන්න පටන් ගත්තේ….මම වත්ත උඩට රබර් පොල්ලකූත් අරං අඩියට දෙකට දුවපු විදිහ….ඩේමියන් එක පාරම දතුත් විලිස්ස ගෙන මගේ පිටිපස්සෙන් මතු උන විදිහ…ඩේමියන්ගේ තියුණු දත් මගේ බෙල්ල පසාරු කරගෙන යන විදිහ…මගේ අතේ තිබුණු රබර් පොල්ල අත ඇරිලා ඇස් දෙක නිලංකාර වෙන විදිහ කපුටා කැගහන සද්දේ. මේ ඔක්කොම පිළිවෙලට චිත්‍ර පටියක් වගේ මට පේන්න ගත්තා…
ටික වෙලාවකින් අම්මා, නර්ස් කෙනෙකුත් එක්ක ආයෙත් කාමරේට ආවා… “අම්මේ මට ගෙදර යන්න ඕනේ..“මම අම්මා දැක්ක මන් කිව්වා…
“ඔහොම රෑ තිස්සේ කැල වල් අස්සේ රිංගුවොත් මීට පස්සේ ගෙදර නවේ යන්න වෙන්නේ.”අම්මා තරහින් කිව්වා..අම්මා මට සැර කරපු පාරට නර්ස් මිසිටත් හිනා…
“හෙට උදේ ඩොක්ටර් ඇවිත් බලලා තමා ටිකට් කරන්නේ…” නර්ස් නෝනා කිව්වා…. ඉන්නම් කුමාරි නෝනේ,, , තද කියලා තීරණය නැත්ද
“මං අද රෑ පුතා ළඟ ඉන්නම් කුමාරි නෝනේ..." ගුනේ මාමා කිව්වා…
අපේ අම්මා ග්‍රාම සේවක නිසා ගමේම අම්මත් එක්ක හරි එකතුයි.. අනික අක්කර වත්තේ ගහක් කපන්න උනත් අම්මා ඉක්මනට පර්මිට් හදලා දෙනවා.….
අම්මා ඉස්පිරිතාලෙන් යනකොට පාන්දර 2ත් පහුවෙලා…
“ඇත්තටම පුතේ උබ මොනවද හවස් වෙලා ගල් වලව්ව අස්සේ කරේ.” මට එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා පත්තරේ බලා බලා හිටපු ගුනේ මාමා එක සැරේටම ඇහුවා..
“අඹ ගෙඩි ටිකක් කඩා ගන්න ගියේ මාමේ…“ගල් වලව්ව හරියේ රස අඹ ගස් දෙක තුන්කුත් තියන නිසා මම එහෙම කිව්වා…
“ඉතිං යොදයෝ යන තැනක ගෙදරට කියලා යන්න එපැයි…ඒකත් මේ ගොම්මන් වෙලාවේ….අනික මට කියන්න තිබ්බා…එහෙනම් මම කඩලා ගෙදරටම ගෙනත් දෙනවනේ…”
ගුනේ මාමත් එක්ක තව ටිකක් කතා කරද්දී තමා තේරුනේ වැඩේ බරපතලයි කියලා…ඉස්පිරිතාලෙට ගේනකොට මගේ ඇගේ ලේ හොදටම ගිහිල්ලා තිබිලා තියෙන්නේ…තව ටිකක් පරක්කු උනා නම් මොලේට හානි වෙන්නත් තිබ්බලු…
ගුනේ මාම ඔය නොකියා කියන්න හදන්නේ මං මැරෙන්නත් ඉඩ තිබ්බා කියලා…
මුලින්ම හිතලා තියෙන්නේ මට නයෙක් දෂ්ට කරලා කියලා…හැබැයි බෙල්ලේ තියෙන දත් පාර ලොකු නිසා වෙන සතෙක් කියල තාම දොස්තර මහත්තයා කියලා තියෙන්නේ..දත් පාර වල් දෙකක් විතරක් තියෙන නිසා හරියට ම කියා ගන්න බැරිලු…ඉන්ජෙක්ෂන් එකක් එහෙමත් ගැහුවලු මට…දොස්තර මහත්තයාටත් මේක මහා ප්‍රශ්නයක්ලු…
මම නේ දන්නේ හරියටම මට වෙච්ච දේ. ඩේමියන්ගේ දත් වලින් මගේ බෙල්ල පසාරු උන විදිහ මට හොදට මතකයි…එතනින් එහාට වෙච්ච දේවල් නම් හරියටම පැහැදිලි නැහැ…හැබැයි මගේ බෙල්ල හැපුවේ නයෙක් වත්, වෙන සතෙක් වත් නෙවේ… ඩේමියන් මයි…!!!
“ගුනේ මාමා දන්නවද ගමට අලුතින් ආපු ඩේමියන් කියල කෙනෙක් ගැන?"
“ඩේමියන්…නැහැනේ පුතේ…ඒ කවුද…???”
එතකොට ගමේ කවුරුවත්ම දන්නේ නැහැඩේමියන් කෙනෙක් ගැන… මට පිස්සු හැදීගෙන වත් එනවද?මට පිස්සු නම් මගේ බෙල්ලේ තියෙන දත් පාර කාගේද…???
අනුලා නැන්දයි, අපේ අම්මයි නම් අනිවාර්යෙන්ම ඩේමියන්ව දැකලා තියෙන්නඕනේ…ඒ දෙන්නටම කිසිම දෙයක් මතක නැති එක වෙනම දෙයක්…
අම්මා අද ගෙදර තනියම…ඩේමියන් වත් කරදරයක් කරොත් මොකද කරන්නේ…මම ගෙදර හිටියා කියලත් මොනවා කියලා කරන්නද ???දත් විලිස්සාගෙන එන යකෙක්ට ගලක් ගලවලා ගහන්නද?කියන්න කියලා කෙනෙකුත් නැහැ… පොලිසියට යන්නත් බැහැ…ඔක්කොටම වඩා මේ කතා වෙන කවුරුවත් විශ්වාස කරයිද…?
හැබැයි අපේ අම්මට ඩේමියන් කරදයක් කරනවා නම් එදාම කරන්න තිබ්බා..අනුලා නැන්දාටත් කිසි කරදයක් කරලා තිබ්බේ නැහැනේ…
මම අනිත් පැත්ත හැරිලා නිදා ගන්න බැලුවා…අතට ගහලා තියෙන සේලයින් කට්ට ඇනෙන කොට නිදා ගන්න තියා හිතා ගන්න වත් බැහැ..ගුනේ මාමටත් එහෙම්ම පුටුවෙම නින්ද ගිහිං…මම බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා බැලුවා…වෙලාව පාන්දර 4යි..එලිය වැටෙන්නත් තව පැය කිහිපයයි…මම ඇද විට්ටමට හේත්තු වෙලා කලපනා කරන්න පටන් ගත්තා…
උදේම අම්මා වැඩට යන්න කලින් මාව බලන්න ආවා…අම්මා උදේට කන්න ඉදි ආප්පයි පරිප්පු හොදියි ගෙනත් දුන්නා…තිබ්බ බඩගින්ට මම ඔක්කම ටික ගිලලා
දාලා ඩොක්ටර් එනකං බලන් හිටියා…ගුනේ මාමත් ගෙදර ගිය නිසා මට පට්ට පාලුයි…කතා කරන්නවත් කෙනෙක් නැහැ..උදේ 10ට විතර දොස්තර මහත්තයා ආවා…මාව බලලා තාම උණ ගතිය නිසා දවල්ට ටිකට් කපන්නම් කිව්වා…උණ නම් ඉතිං වැස්සට තෙමිච්ච නිසා..
දොස්තර මහත්තයා කියන විදිහට මගේ බෙල්ලේ හපා කෑම හරි අත්බුතයිලු.මගේ කිසිම විස වීමකුත් නැති නිසා සතෙක් නම් වෙන්නම බැරිලු…. දවල් වරුවේ කොහොම හරි ඩොක්ටර් මගේ ටිකට් කැපුවා…අම්මා ඇවිත් මාව ගෙදර එක්කං ගියා…
“තමුසේ මොකද මහා රෑ කැලවල් අස්සේ රිංගන්න ගියේ…?”අම්මා ගෙදර ආපු ගමන් මගේ ඇගට කඩා පැන්නා…
“අඹ ටිකක් කඩා ගන්න ගියේ අම්මා…ඉස්කෝලෙට අච්චාරු ටිකක් දාලා අරං යන්න හිතං හිටියේ “මං ගුනේ මාමට කියපූ බොරුවම අම්මාටත් ඇද බෑවා..
“මොකද දැන් ගල් වලව්ව ලගදී උනේ…“අම්මා මගෙන් ඇහුවා…
“මොකෙදෝ එකෙක් මාව හැපුවා…මට හරියටම මතක නැහැ අම්මා…“
“මොකෙක් හරි කිව්වේ සතෙක්ද…?”
“නෑ අම්මා සතෙක් නම් වෙන්න බැහැ…” මේක හිතේ තියං ඉදලා මට එපා වෙලා…විස්වාස කරනවා නම් කරපු දෙන් කියලා මම කිව්වා…
“ම්…මාත් ඒක තමා හිතුවේ…මේක අමුනුෂ්‍ය දෝෂයක් වගේ…ඊයේ රෑ ගේ ඉස්සරහා මාත් ඡායාවක් දැක්කා..”පුදුමයි අම්මා මාව විශ්වාස කරා…අම්මා දැක්ක ඡායාව මොකක්ද…?ඩේමියන් වත් ද???මගේ ඇගේ හිරිකඩු පිපෙන්න ගත්තා...
“මං හිතන්නේ ඔය මහසෝනා…“අම්මා මට තේ එකක් ගෙනත් දෙන ගමන් කිව්වා… බක්ස්…!!! ගාලා මගේ කටින් හිනාවක් පැන්නා…මට තප්පර ගානකට හිනාව නවත්ත ගන්න බැරුව ගියා… “මහසෝනා ගහන්නේ කනට අම්මා… ඌ බෙල්ල හපන්නේ නැහැ.”
“ඔව්…උබ ඔකොම දන්නවනේ….“අම්මට මං කිව්ව එකට තරහා ගිහින් වගේ…
“හෙට දේවාලෙට යන්න ලෑස්ති වෙනවා මාත් එක්ක යන්තරයක් වත් දාගන්න “
"අනේ අම්මා මේ පිස්සු වැඩ කරන්න එපා…බොරුවට සල්ලි වියදං වෙන වැඩ…පන්සලට ගිහින් නූලක් දාගන්න එක වෙන දෙයක්…” අම්මා ඒකට උත්තරයක් දුන්නේ නැහැ…
මං රෑට කාලා බීලා කම්පුටරේ ඔන් කරගෙන ඉන්ටර්නෙට් එකේ අත්බුත ජීවීන් ගැන ටිකක් හොයන්න පටන් ගත්තා…ටිකක් එහෙට මෙහෙට හොයලා බලද්දී ඩේමියන්ගේ ගති ලක්ෂණ තියෙන ලිපියක් මට හම්බුනා…මම උඩින් පල්ලෙහින් ඒක කියවලා දැම්මා…මේකේ හැටියට නම් ඩේමියන් වැම්පයර් කෙනෙක්…
ලිපියේ හැටියට වැම්පයර් ලා ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ලේ හරි සත්තුන්ගේ ලේ හරි උරා බීලා…ලේ පිපාසෙ එනකොට ඒ සදහාම සැකසුනු තියුණු දත් දෙකක් උඩු ඇන්දෙන් දික් වෙනවා…ආයු කාලයක් අපිට වඩා ගොඩක් වැඩියි…ඒ වගේම මේ ගොල්ලන්ට ස්වභාවික නොවන හැකියාවන් ගොඩක් තියෙනවා…මිනිස්සුන්ව වශී කරන්න….ගද සුවද හොදින් හදුනා ගන්න…සද්දයක් දුර තියා අදුන ගන්න… සත්තුන්ව පාලනය කරන්න වගේ දේවල් මුන්ට පුළුවන්….මේකේ හැටියට වැම්පයර් ලා ඉර එලියට එන්න බයයි…ඩේමියන්ව මම දැක්ක හැම වෙලවකම ඉර එලිය තිබ්බේ නැහැ..
ඒ ලිපියේ තිබ්බා වැම්පයර් කෙනෙක් හපා කාපු පින්තූර වගයක්…..මං කන්නාඩිය ඉස්සරහට ගිහිං බෙල්ලේ ඔතලා තිබ්බ ප්ලස්ටරේ බුරුල් කරලා බැලුවා…ඒ දාලා තිබ්බ හපා කෑම් වලට සමාන පාරක් තමා මගේ බෙල්ලෙත් තියෙන්නේ…මේ ලිපියේ තියෙන විස්තර වලට ලොකු සමානකමක් ඩේමියන්ගෙත් තියෙනවා… පිසාචයෙක් අපේ ගමේ…???අනේ මන්දා…!!!මගේ ඔලුවත් විකාර වෙනවා…
මම ඉස්පිරිතාලෙන් දුන්න බෙහෙත් පෙති ටිකත් ගිලලා නිදා ගත්තා…
පහුවදා උදේ මම නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති උනා…වැඩිය අමාරුවකුත් නැති නිසා අම්මත් ඒකට කැමති උනා…අම්මා මගේ බෙල්ලේ තිබුණු පරණ ප්ලාස්ටරේ ගලවලා පිරිසිදු කරලා අලුතින් බෙහෙත් දැම්මා…
“දැන් නම් තුවාලේ ටිකක් වේලිලා…”අම්මා බෙහෙත් දාන ගමන් කිව්වා…
අම්මා ග්‍රාම සේවක කාර්යාලයට යන්න කලිං, ස්කුටරෙන් මාව ඉස්කෝලෙට ගිහිං දැම්මා…
“අඩෝ මේ බලපන්කෝ බං, මූ තාම ඉස්කෝලේ එන්නේ අම්මත් එක්ක…“පංතියේ යාලුවෝ මට විහිළු කරන්න පටන් ගත්තා…
“ආ…මේ මොකෝ මේ බෙල්ල කඩාගෙන” කොල්ලො මගේ බෙල්ලට කූරු ගගහා ඇහුවා…
“පොඩි තුවාලයක් උනා බං…”මම බොරුවක් කියලා මාරු උනා…වෙච්ච සිද්ධිය ඉස්කෝලේ උන්ට පැහැදිලි කරන්න ගියොත් එහෙම අදම මාව විශේෂ අවශ්‍යතා ඇති ඉස්කෝලෙකට මාරු කරලා යවයි…

