අක්කේ... මන් ඔයාට ආදරෙයි...

Anonymous00

Member
Nov 5, 2017
179
28
0
අක්කේ... මන් ඔයාට ආදරෙයි...

අක්කේ... මන් ඔයාට ආදරෙයි..

53398522_415424772525772_7932207474998771712_n.jpg

අපේ ඉරනම කොයි විදියට විසදෙයිද කියන්න මන් දන්නෑ ඒත් මන් ඔයාට ආදරෙයි. කිහිප වරක්ම මන් ඔයාට ඒක කියන්න උත්සාහ කරා ඒත් ගොඩක් හේතු ඒකට හරස් වුනා. කවදාවත් මං ඔයාව දැකලා නෑ ඒත දකින්න ආසයි . ඔයා චයිනීස් ෆෝන් එකකින් ගහලා එව්ව පොටෝ එක තාම මං ගාව තියනවා. ඒ පොටෝ එකේ ඩොට් ඩොට් ඉරි ඉරි මත මට හුරු පුරුදු රුවක් මැවෙනවා. එය නිතර දකින විට මට තේරෙන්නෑ මං කොහේහරි තැනක අතරමං වෙනවා.

ඔය හින් හිනාවට මගේ හිත තිගැස්සුණ තරමට කියාගන්න බැරිව මම මොන තරම් දුක් විදිනවද. සන්සුන් නෙතු දෑස මගේ හිත ගත් අරුම කියාගන්නට බැරිව මම මොන තරම් දුක් විදිනවද. මල් හිනාවක් අරගෙන ඔය එනකොට හිමිහිට එක පාරක් ආදරෙන් සිප ගෙන සැනසෙන්න ඇත්නම් මට...

නින්දේදී ඇහැ පිය උන හැම තත්පරේදීම මගේ ඇස් අස්සේ ඉදගන ඔය හිනා වෙනවා.... මට නිදිමත කන පැලෙන්න තිබුනත් ඔය අහිංසක හුරතල් මුණ ඇස් අස්සේ දගලනකොට නින්න්දත් මගෙන් දුරස් වෙනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති...

කාලය විසින් ඔයාව මගෙන් ගොඩක් දුරට ඈත් කලා මගේ හිතේ ඇදුන රූපේ මගේ ලගට ගන්න තරම් කාලය කුරිරු උනා ඇයි ඔයා ඉක්මන් උනේ . මං මේ ඔයා ගැන හිතන මේ මොහොතේ ඔයා සමහරවිට මන් ගැන හිතන්නේ නැතිවෙන්න පුලුවන්. ඒත්....

" ටං ටිං ටුං " ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා එක නාද වෙයි
ස්ක්‍රීන් එකේ ඔයාගේ නම තියනවා දැක මගේ හදවත මදකට නතර විය . මගේ තොල් සීතල වී වියලී ගොසින්ය හරියට නිකන් ඇන්ටාක්ටිකාවේ හිම කන්දක අතරමන් වූ වලහෙක් වගේ. මදක් ෆෝන් එක දෙස බලා සිටි මා එය ආන්ස්වර් කරෙමි

" හලෝ "

" හලෝ දිනූ "

" ම්ම්ම් කියන්න "

" මොකද මැට්ටෝ තරහින් වගේ "

" නෑ එහෙම එකන් නෑ "

" මේ අහනවකෝ මට ප්‍රොපෝසල් එකක් ආවා "

දෙවියනේ මාව සීතල වෙලා ගියා මගේ හිතේ තියන දේ මට කවදාවත් කියාගන්න බෑ .මන් මොනා කියලා කියන්නද?

" ම්ම්ම් ඉතින් කොල්ලා හොදද "

" හොදයි වගේ එයාගේ මුන මැද්දේ නහයක් තියනවා ඇස් දෙකක්ම තියනවා "

" ඒයි සදුමිනි ඩෑස් මගේ දෙබස් කියන්න ඔට්ටු නෑ "

" ඒයි මොට්ටයා මගේ සර්නේම් එක කන්නෙපා ඩයස් ඩයස් . අහන්නකෝ එයා මගේ වයසමයි ටිකක් උස සුදු ලස්සන කොලෙක් මන් නම් කැමතියි කැමතියි වගේ . ගෙදරින් හදහනුත් බලලා එයාලා ලගදිම මෙහෙ එයි වෙඩින් එකට දිනයක් දාගන්න"

මගේ හිත සදහටම ගොලු විය. වෙලාවකට මේක මහ පිස්සුවකි මේ රටේ වෙන කෙල්ලෝ නැත්ද ඇයි මන් කවදාවත් නොලැබෙන දෙයකට හීන මවන්නේ මා මදකට නිශ්ශබ්ද විය .

" කෝ මේකා හලෝ.. හලෝ "

" ම්ම් ඉන්නවා . මේ එහෙනම් ඒකව දැන්ම බැදගන්න පැනලා යයි. "

" ඒයි මල්ලියෝ මොකෝ ප්‍රශ්නේ අව්ලකින්ද ඉන්නේ වෙනසක් දැනෙනවා "

ම්ම්ම් ඇත්ත තමා ඒක වෙනසකි අව්ලකි සමාජ අසම්මතයකි පුල් ගුජුප්සාජනකය අප්සට්ය ඇත්තටම බැලුවොත් මේක වැරදි ආදරයක්. ඇත්තටම අක්කා කෙනෙකුට මල්ලි කෙනෙක් ආදරය කරනෙක වැරදිද.....?

" මුකුත් නෑ අක්කේ ඔන්න මන් තමා දෙවනි මනමාලයා වෙඩින් එක ප්ලෑන් කරන්නෙත් මන් තව ..... "

" ම්ම්ම් හාකෝ "

"ම්ම්ම් "

" මන් දන්නවා. ඔයාට මොනාහරි කියන්න තියනවද ? "

ඔයා අදම බදිනවනම් කියා මට සිතුනි. ඇය මගේ සිත කියවූවාක් මෙන් වහෙන් ඔරෝ ඇසූ ප්‍රශ්නය මට තේරුනි .ඒවෙලේ මේ ෆෝන් ලයින් එක දිගේ ඇවිත් මට ඔයාව බදාගන්න හිතුන තරම්. මා නැවත ගොලු විය.

" මලයෝ... "

" ම්ම්ම්ම් "

" අනේ කතාකරනවාකෝ. කියන්න මන් අහන් ඉන්නම් මොකෝ ප්‍රශ්නේ "

මාස ගානක් හිතේ හිරකරන් හිටපු දේ මන් මේ මොහොතේ කියයිද මා විසින් මා වෙතටම පැනයක් යොමුකරමින් නැවත නිශ්ශබ්ද විය

"මැට්ටෝ මතකද ඔයාට අපි මුලින්ම කතාකරපු දවස "

ඇය අතීතය හාරව්ස්සන්නේ මන්ද එයින් ඇය බලාපොරොත්තුවන දේ කුමක්ද . ඇත්තටම මන් එයාට ආදරෙයි එයාට ආදරෙයි ආදරෙයි එක මන් කිව යුතුයි ඒත් කෙසේද . මාව වෙව්ලයි වචන නොමැතිව ගොලුවෙයි.කෙල්ලෙක්ට ආදරේ පැවසීම කෙතරම් අපහසුද ඒකත් අක්කා කෙනෙකුට.

" ම්ම් ඔව් එදවස්වල මන් තමා නන්ස්ටොප් කතාකලේ. ඔයා අහන් ඉන්නවා ( කටකොනකින් හිනාවෙමින් ) සුන්දර මතකයන් "

" ඉතින් ඇයි ලමයෝ අද මන් කියවද්දි ඔයා ගොලුවා වගේ ඉන්නේ "

" වචන හිදිලා අක්කේ "

" අම්මෝ ලොකුම බොරුව ඔය කටේ වචන හිදෙන්න අනේ මේ යනවා ඌරු මොටා යන්න "

" හරි ඔයාට දැන් මොනාද දැනගන්න ඕනේ "

" දැන් ඔයා ඔය හන්ගන දේ "

සමහරවිට මේ අවසන් මොහොත වෙන්න පුලුවන් ඔයා මට කතාකරන අදින් පසුව ගොඩක් දේ වෙනස් වේවි ඔයා මගෙන් ඈතට යාවි වෙන කෙනෙක් සමග විවාහ වේවි ඒත් මන් ආදරෙයි සත්තයි

" අක්කේ මන් ඔයාට ආදරෙයි ... සදුමිනි ...... මන් ඔයාට ආදරෙයි..... "

" කොල්ලෝ නැගිටිනවා දැන් බලනවා වෙලාව කියද කියලා 9ටත් කිට්ටුයි මන් කීයේ ඉදන්ද කතාකරන්නේ . පෙරේතයා පොලේ ගහලා වගෙ නිදි පස්සට එලිය වැටෙනකන් මේන් කිරි එක බොනවා. "

අම්මටහුඩු පස්සට හොද පාරක් වැදුනි . මන් උඩ ගොසින් ඇහැරුනි . හුටාය මොකක්ද සිදුවූයේ කෝ මගේ ලව් එක එයාගේ වෙඩිම කැන්සල්ද . අම්මා කවදාවත් නැතුව කිරි එක ඇද ලගටම ගෙනත්ය. කිරි එක අතට ගත්තද එය බීමට සැරෙසෙද්දි මට සදුමිනිගේ මුහුන මතක් විය . ඒ සෙනිකවම මට කිරි එක දිහා බලන් හිනා ගියේය.

" මොකද කොල්ලෝ වෙලා තියන්නේ උබට මදන විසේ ගහලද කෝප්පේ බලන් තනියෙන් හිනාවෙන්නේ "

" මුකුත් නෑ අම්මේ "

අම්මාගේ වෙනසක් නැත වෙලාවට මන් නින්දෙන් මුකුත් දොඩවා නැත .නැත්තන් අම්මා මාව පට්ට ගසති

" ආ ඇත්තද මුකුත් නැද්ද කව්ද දැන් එතකොට සදුමිනි කියන්නේ "

මට කිරි එක ඔලුවේ හලාගන්න සිතුනි.:no:..
 
  • Like
Reactions: Smartm