අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    උබලට මම ප්‍රැක්ටිකල් වැඩක් ඕනේ නම් කියන්නම්. ඉන්සුලින් රෙසිස්ටන්ස් එක තම අපේ ලෙඩ වලින් 70% කට හේතුව. ඕක ගැන වෙනම ඩොක්ටර්ස් ලා චැනල් හිටන් දාගෙන වීඩියෝ දාන්නේ එකයි. මේක මොකක්ද කියල හරි දැනුමක් ගත්තම මේකෙන් බේරෙන්න පුළුවන් .දැන් අපි උදේට ආප්ප කෑවා කියල හිතමු. එක ජීර්ණය වෙලා පැයකින් දෙකකින් ඔන්න රුදිරයේ සිනි මට්ටම වැඩි වෙනවා. දැන් අග්න්‍යාශය උද්දීපනය වෙලා ඉන්සියුලින් කන්සන්ට්‍රෙට් එක බ්ලඩ් වල වැඩි වෙනවා මේකෙන් මොකද වෙන්නේ සයිල ඇතුලට අර කෑම වලින් බ්රේක් උන සිනි අංශු දාන්නේ මේ ඉන්සියුලින් වලින්. දැන් ටික වෙලාවක් යනකොට ඇගේ සිනි මට්ටම නොර්මල් වෙනවා. මේක තමා ලෙඩක් දුකක් නැති මිනිහෙක්ගේ වෙන්නේ.

    දැන් අපි ගමු කාල එකම තැන ඉන්න එකෙක්. උගේ මුල් කාලේදී මේ වැඩේ මෙහෙමම වෙනවා. හැබැයි සයිල වලට දැන් සිනි වැඩි. දැන් මොකද කරන්නේ මේ සිනි අඩු කරන්නත් ඕනේ නේ. දැන් ඉන්සිඋලින් වලට තනියම ගේම ගහන්න බැ .දැන් අපේ ඇගේ කෙමිකල් බැලන්ස් එක හදන අක්මාව මේ සිනි දාම ඔක්කොම ට්‍රයි ග්ලිසරයිඩ් කරලා පොරගේ කුටීර වල තැන්පත් කරනවා. මු එක දිගට මෙහෙම නිකන් ඉදල කවම මොකද වෙන්නේ අක්මාවේ කුටීර පිම්බිලා ඔන්න එනවා ෆැටි ලිවර් ස්ටේජ් 1 කියන එක.

    මේක නෙමේ මේකේ බයානකම දේ. මේ යකා උදේට කාල ආයි 10 ට විතර බනිස් කාල වැඩි සිනි ප්ලේන්ටි එකකුත් බොනවා. දවල්ට කාල 3 ට ආයි කනවා. දැන් අග්නාශයට වැඩ වැඩි. ඇයි හැම තිස්සෙම ඉන්සිඋලින් හදලා දාන්න ඕනේ. ඒ කියන්නේ දවසේ 7 -8 වතාවක් රුදිරයේ ඉන්සිඋලින් වැඩි වෙනව. මේ වැඩි වීමක් අපි කියන ස්පයික් එකක් කියල. එහෙම උනාම අග්න්‍යාශය වැඩ කරන එක අඩු වෙනවා වෙහෙසිලා. අනික් අතට මේ මගුල හරියන්නේ නැ කියල ඉනියුලින් උගේ වැඩෙත් කරන්නේ නැ . අන්න ඒ වෙලේට සයිල ඇතුලට සිනි අංශු යන්නේ නැති නිසා ඒවා බ්ලඩ් වලම හිටිනවා. එකට තමා බ්ලඩ් සුගර් කියල ඔය කියන්නේ.


    දැන් මේකෙන් බේරෙන්න නම් අපි මොලේ ඇතුව වැඩ කරන්න ඕනේ.

    1. දැන් අර ස්පයික් ගැන 7 විතර ඉදන් 2-3 මට්ටමේ තියාගන්න පුළුවන් නම් ? අන්න ගොඩ නේ. එකයි කියන්නේ තුන් වෙලා හොදට කාල අතරමැද ඉන්සියුලින් එන කිසිම ආහාරයක් ගන්න හොද නැ . අඩුම තේ එකක්වත් ටොපියක් වත් කන්න එපා. ෆැටි ලිවර් තියන උන් දෙවේලක් හොදට කාපල්ලා. ඒ අතරමැදි හොදට වතුර බොන්න එච්චරයි. කෑම වෙලේ පිෂ්ටය අඩුම කළා නම් බඩුම තමා. කිසිම ලෙඩක් නැ . මේකට කියන්නේ ඉන්ටමිඩන්ට් ඵස්ටින්ග් කියල . මේ වීඩියෝ එකේ සමනය විස්තරේ තියනවා.මේක ගැන වැඩි පුර හොයපල්ලා


    2. අහාරයේ සිනි අඩු කරන එක තමා අනික් එක. එකෙන් අපේ ඇග තෙල් වලින් දුවන්න හැරෙනවා. අන්න අර තැන්පත් උන තෙල් තට්ටු පිටින් ගැලවිලා එන්නේ. එක මුලදී නම් හරිම අමාරුයි. කක්කා යන්නේ නැ . බඩ රිදෙනවා පැලෙන්න. ඇග පන නැ . සති 2ක කරනකොට ඔක්කොම ශේප් වෙනවා. ඊට පස්සේ සිනි එපා වෙනවා. පාන් කල්ලක්වත් කන්න හිතෙන්නේ නැත. අන්න අපේ ඇග සිනි ඉල්ල්ලන එක නවතිනවා. ඊට පස්සේ උබලට සුපිරි ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්.

    මේ තනිකර කිසිම දෙයක් නොකර කෑම වලින් ලෙඩේ කන්ට්‍රෝල් කරන විදිහ

    Meka matath mehema una. Thanks information tikata
     
    • Like
    Reactions: Gayan109 and HAneo

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    සිංහල බෙහෙත් ගන්න කවුරැ හරි බලන් ඉන්නවා නමි
    Hela Wedagedara Ayurvedic Hospital

    https://maps.app.goo.gl/UQcKX4pM4Seu3cf6A

    කියන විදිහට කට පරිස්සමි කරගෙන හිටියොත් ගොඩ.
    බෙහෙත් දෙන්නෙ ඉරිදට විතරයි.
     
    • Like
    Reactions: corp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    සිංහල බෙහෙත් ගන්න කවුරැ හරි බලන් ඉන්නවා නමි
    Hela Wedagedara Ayurvedic Hospital

    https://maps.app.goo.gl/UQcKX4pM4Seu3cf6A

    කියන විදිහට කට පරිස්සමි කරගෙන හිටියොත් ගොඩ.
    බෙහෙත් දෙන්නෙ ඉරිදට විතරයි.
    up
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මටත් fatty liver ඇවිත්, එක දිගට හැමදාම මාස 2ක් gym ගිහිල්ල, කෑමෙන් පරිස්සම් වෙලා අඩු කර ගත්තා.
    Stage 3 තිබ්බේ..
    දැන් level කීයද ?
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    සිංහල බෙහෙත් ගන්න කවුරැ හරි බලන් ඉන්නවා නමි
    Hela Wedagedara Ayurvedic Hospital

    https://maps.app.goo.gl/UQcKX4pM4Seu3cf6A

    කියන විදිහට කට පරිස්සමි කරගෙන හිටියොත් ගොඩ.
    බෙහෙත් දෙන්නෙ ඉරිදට විතරයි.
    sirawatama methana hodada ban, dura giyata paadu nedda?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Grade II තිබ්බේ , ඊට පස්සේ බැලුවේ නැ ,සතියකට පාරක් වගේ හීං බෝවිටිය කැද බොනවා,
    ගෑවෙන්න වත් මදි
     
    • Like
    Reactions: corp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    ගෑවෙන්න වත් මදි
    කෙස් එකක් ආවා. මාස දෙකකට කලින්
    ඊටපස්සේ මම බයිසිකලේ දැනෙන්න පැයක් පදිනවා.
    පිටි කෑම එහෙම සැහෙන්න අඩුකරා.
    අරක්කු සැහෙන්න අඩුකරා.
    හීං බෝවිටිය / කරපිංචා කැද බොනවා දිනපතා.

    තව කියහන් බලන්න කරන්න පුළුවන් දේවල් ටිකක්.
     
    • Like
    Reactions: corp

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෙස් එකක් ආවා. මාස දෙකකට කලින්
    ඊටපස්සේ මම බයිසිකලේ දැනෙන්න පැයක් පදිනවා.
    ඔළුවෙන් දාඩිය බේරෙනවද ?
    පිටි කෑම එහෙම සැහෙන්න අඩුකරා.
    අරක්කු සැහෙන්න අඩුකරා.
    නවත්තපන්
    හීං බෝවිටිය / කරපිංචා කැද බොනවා දිනපතා.
    එහෙම හරියන්නෙ නෑ. කරපිංචා කැඳ හැමදාම බොන්නෙ නෑ.

    පළවෙනි දවසෙ යකිනාරං - දෙවනි දවසෙ මොණරකුඩුම්බිය - තුන්වෙනි දවසෙ බෝවිටියා හීනැටි හාලෙන් කැ‍ඳ හදල උදේට හිස් බඩ බීපන්.
    තව කියහන් බලන්න කරන්න පුළුවන් දේවල් ටිකක්.
    උඩ කිව්ව් ටික ඇති
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    ඔළුවෙන් දාඩිය බේරෙනවද ?

    නවත්තපන්

    එහෙම හරියන්නෙ නෑ. කරපිංචා කැඳ හැමදාම බොන්නෙ නෑ.

    පළවෙනි දවසෙ යකිනාරං - දෙවනි දවසෙ මොණරකුඩුම්බිය - තුන්වෙනි දවසෙ බෝවිටියා හීනැටි හාලෙන් කැ‍ඳ හදල උදේට හිස් බඩ බීපන්.

    උඩ කිව්ව් ටික ඇති

    ඔව්. දාඩිය බේරෙන්න පදිනවා බයිසිකලේ.
    පිටි, අරක්කු සැහෙන්න කියන්නේ සැහෙන්න. අරක්කු දැන් බොන්නේ එහෙමත් වෙලාවක.
    කරපිංචා එක්ක මාරු කර කර හීං බෝවිටිය බොන්නේ.
    තුති (y) (y)
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව්. දාඩිය බේරෙන්න පදිනවා බයිසිකලේ.
    පිටි, අරක්කු සැහෙන්න කියන්නේ සැහෙන්න. අරක්කු දැන් බොන්නේ එහෙමත් වෙලාවක.
    කරපිංචා එක්ක මාරු කර කර හීං බෝවිටිය බොන්නේ.
    තුති (y) (y)
    කරපිංචා එක ලඟ බොන්නෙ නෑ. ඒ වෙනුවට අනික් දෙක බීහ‍ං
     
    • Like
    Reactions: Walter White