අක්‌මාවක්‌ රු. කෝටි 2 යි, ඩිම්බයක්‌ ලක්‍ෂ 18 ය&#3538

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අක්‌මාවක්‌ රු. කෝටි 2 යි, ඩිම්බයක්‌ ලක්‍ෂ 18 ය&#3538

    බීමත් සල්ලාල ඇමරිකානුවෙක්‌ මත්පැන් හලකදී හමුවන ග‚කාවක සමග හෝටල් කාමරයකට රිංගයි. පසුදා උදැසන අවදිවන ඔහු ග‚කාව වේලාසනින්ම ආපසු ගොස්‌ ඇති බව වටහා ගනී. ටික වේලාවකින් ඔහුගේ පිට රිදුම් දෙයි. කණ්‌ණාඩියෙන් බලන විට ඔහුට පෙනී යන්නේ තමාගේ වම් ඇලපත මත, වසා දමන ලද කැපුම් තුවාලයක්‌ ඇති බවය. වහා දොස්‌තරවරයකු හමුවන ඔහු තමාගේ වකුගඩුවක්‌ අතුරුදන්ව ඇති බව දැන ගනී. පෙරදා රැයෙහි ඔහු සමග සිටි ග‚කාව එය පැහැරගෙන ගොස්‌ ඇත.

    ඉහත සඳහන් කතාව සිදුවිය හැකිද?
    එය සිදුවිය නොහැක්‌කක්‌ නම් පහත සඳහන් කතාව කියවා බලන්න.
    චීනයේ ීය්බංස ප්‍රදේශයේ වෙසෙන කුඩා දරුවෙක්‌ හදිසියේම අතුරුදන් වෙයි. පසුව පාළු කුඹුරක්‌ මැද විලාප තබමින් සිටින දරුවා හමුවෙයි. ඔහුගේ ඇස්‌ දෙකම උගුල්ලාගෙන ගොස්‌ තිබේ. එසේ කර ඇත්තේ ඔහු සිහිසුන් කිරීමෙන් පසුවය. එය කළේ ගැහැනියක විසිනි. ඇය දරුවා පැහැරගෙන ගොස්‌ ඔහුට මත් ද්‍රව්‍යයක්‌ පොවා මත්කර ඇස්‌ දෙක උගුළුවා ගන්නේ එහි තිඛෙන ස්‌වච්ඡ මණ්‌ඩලය හෙවත් ක‍දරබැ් ව පැහැර ගැනීමටය. පසුව දරුවා වැටී සිටි තැනට මඳක්‌ ඈතින් බිම තිබී ඇස්‌ ගෙඩි දෙක හමුවෙයි. එහෙත් එහි ස්‌වච්ඡ මණ්‌ඩල අතුරුදන්ය. ඒවා සොරකම් කරගෙන ඇත්තේ ඇස්‌ නොපෙනෙන කෙනෙකුට බද්ධ කිරීම සඳහා විකිŒමටය.


    වකුගඩු සංචාරකයෝ.
    මේ කතා දෙකෙන් ඔබ මුලින් කියවූ කතාව ඊ්ඉහ ඔර්සබ නමැති චිත්‍රපටයේ කතාවය. එය ප්‍රබන්ධයකි. ඔබ ඊළඟට කියවූ කතාව සම්පූර්ණ සත්‍ය කතාවකි. බද්ධ කිරීම (පටක බද්ධය) සඳහා ඇස්‌ ක‍දරබැ් ව ඇතුළු ශරීරයේ ඉන්ද්‍රියයන් පැහැර ගැනීම ලෝක ව්‍යාප්ත ජාවාරමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාසික ප්‍රවෘත්ති නිවේදනයට අනුව මෙයට වසර 8 කට පෙර, එනම් වසර 2005 දී පමණක්‌ ලොව විවිධ රටවලදී වකුගඩු 66,000 ක්‌, අක්‌මා 21,000 ක්‌ හදවත් 6000 ක්‌ රෝගීන්ට බද්ධ කරන ලදී. එසේ බද්ධ කිරීම සඳහා අවයව ලබා ගැනීමට බැරිව තවත් ලක්‍ෂ ගණනක්‌ හැමදාම ළතවෙති. මෙය ඉතා හොඳ ලාභගෙන දෙන වෙළෙඳපොළකි. අවශ්‍ය තරමට බඩු නැති වීම නිසා මේ වෙළෙඳපොළේ තිඛෙන බඩුවල මිල ඉතා වැඩිය.
    අවයව බද්ධ කිරීමේ අවශ්‍යතාව බොහෝ රටවල් තුළ වාර්ෂිකව 8% සහ 10% යන ප්‍රමාණවලින් ඉහළ නඟී. වසර 2008 දී බද්ධ කිරීම සඳහා ඉන්ද්‍රියයන් ලබා ගැනීමට ඇමරිකාවේ තිබූ පොරොත්තු ලේඛනය හෙවත් පෝළිම 2011 වනතුරුත් එසේම පැවති‚. මෙබඳු පෝළිිම් වර්ධනය වන්නට වන්නට මිනිසුන් පැහැරගෙන ගොස්‌ බලහත්කාරයෙන් අවයව ගලවා ගැනීමේ ප්‍රවණතාව පුළුල් විය. අද වන විට ලෝකයේ ඉන්ද්‍රිය බද්ධයන්ගෙන් 10% ක්‌ම සිදුවන්නේ මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් කපාගත් ඉන්ද්‍රියයන් යොදාගෙන වසර 2006 දී සමහර ආසියානු රටවල් සහ සමහර ලතින් ඇමරිකානු රටවල් විසින් බන්ධනාගාරගත සිරකරුවන් 4,000 ක්‌ ඝාතනය කර හදවත, වකුගඩු, පෙනහලූ‍, අක්‌මාව, අක්‌ෂි කෝර්නියාව (ස්‌වච්ඡ මණ්‌ඩලය) ඇතුළු බද්ධ කළ හැකි අවයව සියල්ල ගලවාගෙන ඇත. ඒවායින් වකුගඩු 8,000 ක්‌ද, අක්‌මා 3,000 ක්‌ද, විදේශික රෝගීන්ට විකුණා තිබේ.
    වසර 2007 දී ඉන්දියාව තුළ කෙරුණු සමීක්‍ෂණයකින් හෙළි වූයේ එම වසරේදී පමණක්‌ ඉන්දියානුවන් 2,000 ක්‌ වකුගඩු විකුණා ඇති බවය. එම වසර තුළ පාකිස්‌තානයේදී කෙරුණු වකුගඩු බද්ධකිරීම් සංඛ්‍යාව 2,500 කි. එයින් තුනෙන් දෙකක්‌ම පකිස්‌තානයෙන්ම වකුගඩු මිලට ගත් විදේශිකයන්ට මුදල් අය කර කළ සැත්කම්ය. වසර 2005 න් පසු ඔර්බිචක්බඑ ඔදමරසිප යන අලූ‍ත් යෙදුමක්‌ ඉංග්‍රීසි වහරට හඳුන්වා දෙන ලදී. මෙයින් අර්ථකථනය කෙරෙන්නේ ඉන්ද්‍රියයන් බද්ධ කර ගැනීම සඳහා ඒවා සොයමින් රට රටවල ඇවිදින පුද්ගලයන්ය.

    තමන්ට අවශ්‍ය අවයවය සඳහා ඩොලර් 1,300 සිට 150,000 දක්‌වා මිලක්‌ ඔවුහු වියදම් කරති. ඒවා බද්ධකර ගැනීමේ සැත්කමකට ඩොලර් 5,000 සිට 10000 දක්‌වා වැය වන්නේය. මෙය සාමාන්‍යයෙන් නීති විරෝධී මාර්ගවලින්, එනම් මිනිසුන් මරා හෝ පැහැරගෙන ගොස්‌ උපුටා ගන්නා ඉන්ද්‍රියයන්වලින් 75% ක්‌ම වකුගඩුය.

    ඔර්බිචක්බඑ ඔදමරසිප තුළ ඊළඟ වැදගත්ම තැන හිමි වන්නේ අක්‌මාවටය. අක්‌මාවක්‌ ඩොලර් 4,000 සිට 157,000 (රුපියල් කෝටි 2 ක්‌ පමණ) දක්‌වා මිලකට විකිණෙයි. අක්‌මාව යනු කොටසක්‌ ඉවත් කරගෙන රෝගියකුට බද්ධ කළ පසු පරිත්‍යාගශීලියා තුළ මෙන්ම පරිත්‍යාගලාභියා තුළම යළි වර්ධනය වන අවයවයකි. එහෙත් පරිත්‍යාගශීලියාගේ අභ්‍යන්තර සහ බාහිර තුවාල සුව වීමට දිගු කලක්‌ ගත වීම නිසා අක්‌මා පරිත්‍යාගයට වැඩි දෙනා මැලිවෙති.

    නූතන වෙළෙඳපොළේ තවත් විශාල ඉල්ලූ‍මක්‌ පවතින ඊළඟ ඉන්ද්‍රිය වන්නේ ඇසේ ස්‌වච්ඡ මණ්‌ඩලයයි. මෙහි මිල ඩොලර් 29,400 කි. ඒ අතර කාන්තාවකගේ සරු ඩිම්බයක්‌ හෙවත් දරු කළලයක්‌ බවට පත්කර ගත හැකි ඩිම්බයක්‌ ඩොලර් (රුපියල් ලක්‍ෂ 18 ක්‌ පමණ) 12,400 කි. ලේ පයින්ට්‌ එකක්‌ ඩොලර් 25 සිට 337 අතර ගණනකි. හමේ වර්ග අඟලක්‌ ඩොලර් 10 කි. ඇට කැබැල්ලක්‌ හෝ අස්‌ථී බන්ධනියක්‌ (ඛසට්පැබඑි) ඩොලර් 5465 කි. මේවා සියල්ලම බහුල ˜‍භාණ්‌ඩ˜‍ වුවද හදවත් සහ පෙනහලූ‍ ඉතාම හිඟය. එසේම ඒවා බද්ධ කිරීමට ඉහළම වෛද්‍ය / ශල්‍යාගාර පහසුකම් අවශ්‍යය.

    ඉන්ද්‍රිය බද්ධය අරඹයි.
    ශරීරයට අවයවයක්‌ බද්ධ කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කරන ඖෂධ මුල්වරට නිපදවන ලද්දේ 1970 න් පසුවය. ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ ව්‍යාපාරය ආරම්භ වන්නේ එයින් පසුවය. චීනයේ ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ කර්මාන්තය හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ සමීක්‍ෂක නිකලස්‌ ඛෙතලින් කියන පරිදි චීනයේ ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ කර්මාන්තය තුළම ලැඛෙන ශරීර කොටස්‌වලින් 90% ක්‌ම සිරකරුවන් ඝාතනය කර ගලවාගනු ලැබේ. නැතහොත් ඉන්ද්‍රියයන් ගලවාගෙන ඔවුන් ඝාතනය කරනු ලැබේ. සාමාන්‍යයෙන් සිරකරුවකු මරණ දණ්‌ඩනයට යටත් කිරීමෙන් පසු ඉන්ද්‍රියයන් ඉවත් කරගෙන රෝගියකුට බද්ධ කිරීම යම් තරමකට සාධාරණ නමුදු ඉන්ද්‍රියයන් ගලවා ගනු පි‚ස සිරකරුවකු මැරීම කිසිසේත්ම චර්යාසම්පන්න නැත.
    මේ තත්ත්වයට විරුද්ධව ලෝක ප්‍රජාව විසින් දිගින් දිගටම හ~ නැඟීම නිසා ඉන්ද්‍රියයන් විකිŒම හෝ මිලයට ගැනීම තහනම් කරමින් චීනය නීතියක්‌ සම්මත කළේය. එහෙත් මරණ දණ්‌ඩනයට ලක්‌ කරන සිරකරුවකු ඊට පෙර හෝ පසුව ඉන්ද්‍රියයන් පරිත්‍යාග කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරම කොළවලට අත්සන් තැබීම ඉහත සඳහන් නීතිය මගින් තහනම් කර නැත. මේ අනුව සිරකරුවන්ගෙන් ඉන්ද්‍රියයන් උපුටා ගැනීමේ හැකියාව දිගටම පවතී. කෙසේ වුවද ඉන්ද්‍රියයන් උපුටා ගැනීම තහනම් කිරීමේ නීතිය චීනය මගින් සම්මත කරගත් නීතිය නිසා ලෝක වකුගඩු වෙළෙඳපොළේ වකුගඩු මිල 90% කින් ඉහළ ගියේය.

    ඉන්දියාවේ වකුගඩු/හදවත්/අක්‌මා/පෙනහලූ‍ වෙළෙඳපොළ ඉහත සඳහන් වෙළෙඳපොළේ අඩු මිල සැපයුම්කරුවා ලෙස එදත් අදත්් කවදත් ඉන්දියාවේ නම පවතී. වකුගඩු බද්ධය ලොව වැඩිම වශයෙන් කරන රට ඉන්දියාවය. 1994 දී ඉන්ද්‍රිය බද්ධය සම්බන්ධයෙන් පනතක්‌ ඉන්දීය රජය සම්මත කළද එවැනි නීතියක්‌ පවතීද, එම නීතිය යටතේ තමන්ට ලැඛෙන අයිතිවාසිකම් මොනවාද යන්නටත් පරිත්‍යාගශීලිහු නොදනිති.

    ඉන්ද්‍රියය මුදලට විකිŒම ඉන්දියාව තුළ තහනම්ය. එහෙත් ඉන්ද්‍රියයන් පරිත්‍යාග කළ හැකිය. මෙය ලාභ සහිත ගනුදෙනුවක්‌ බවට පත් වන්නේ ලබා ගන්නා වකුගඩුවක්‌ පෙනහැල්ලක්‌, අක්‌මාවක්‌ වෙනුවෙන් ත්‍යාගලාභියා විසින් ත්‍යාගශීලියාට ඉන්දියන් රුපියල් ලක්‍ෂ කිහිපයක්‌ පරිත්‍යාග කිරීමෙනි. එයින් කොටසක්‌ වැඩේ සෙට්‌ කළ අතරමැදියාට ලැඛෙයි. බොහෝ විට එම කොටස පරිත්‍යාගශීලියාට ලැඛෙන කොටස මෙන් දෙතුන් ගුණයකි. උදාහරණයක්‌ ලෙස ඉන්දියන් රුපියල් ලක්‍ෂ 6 කට අක්‌මා කොටසක්‌ දෙන පරිත්‍යාගශීලියාට ලැඛෙන මුදල ලක්‍ෂ 2 කි. ඉතිරි ලක්‍ෂ 4 අතරමැදියා ගසාකයි.

    දුර ගම්මානවලින් මිනිසුන් හා ගැහැනුන් පැහැරගෙනැ විත් සිහි නැති කර වකුගඩු, අක්‌මාව හෝ පෙනහැල්ලක්‌ ගලවාගෙන එම මිනිසුන් හෝ ගැහැනුන් මහ මග කුණුගොඩකට වීසි කර යැමේ පුරුද්දක්‌ ඉන්දියාවේ තිබේ. සිහි එළඹෙන ඒ අහිංසකයන් තමන්ගේ ඉන්ද්‍රියයන් අතුරුදන්ව ඇති බව දැනගන්නේ රෝහලට ගිය පසුය.

    ඉරානයේ විවෘත වෙළෙඳපොළ
    ලාභ ලැබීමේ චේතනාවෙන් වකුගඩුවක්‌ විකිŒම ඉරානය තුළ නීතියෙන් තහනම් නැත. පෝළිිමක නොසිට ඉතා පහසුවෙන් වකුගඩු ලබා ගැනීමට ඒ නිසා ඉරානය තුළදී හැකිය. එහෙත් මේ වෙළෙදාම පාලනය කිරීමට ඉරානයේ රාජ්‍ය පුණ්‍යායතන දෙකකට බලය පවරා තිබේ. පරිත්‍යාගලාභියා සහ ත්‍යාගලාභියාගේ වකුගඩු සහ රුධිරය වෛද්‍ය පරීක්‍ෂණ මගින් සැසඳීම මේ ආයතන දෙක සිදු කරයි. සාමාන්‍යයෙන් ඉරානය තුළ වකුගඩුවක මිල ඩොලර් 1,200 කි. කෙසේ වුවද එරට වකුගඩු ත්‍යාගශීලීන්ගෙන් 70% ක්‌ම අන්ත දුප්පතුන් බව සොයාගෙන තිබේ.

    පිලිපීනයේ තත්ත්වය
    වසර 2008 වනතෙක්‌ පිලිපීනය තුළ මිනිස්‌ ඉන්ද්‍රියයන් විකිŒම තහනම් වූයේ නැත. ඒ අනුව ඔර්බිචක්බඑ ඔදමරසිප වල යෙදුණු විදේශිකයන් විශාල වශයෙන් පිලිපීනයට පැමි‚යහ. මේ සඳහා පිලිපීනය තුළ පැකේජයක්‌ තිබිණ. ඒ යටතේ ඩොලර් 25,000 ක්‌ ගෙවා වකුගඩුවක්‌ බද්ධ කර ගැනීමේ සිට සනීප වී ගෙදරයැම දක්‌වා කරගත හැකි විය. වකුගඩු පරිත්‍යාගශීලියාට ගෙවන මුදල සහ ඔහුගේ රෝහල් ගාස්‌තුද මෙයට යටත්ය. ඉන්ද්‍රියයන් විකිŒම තහනම් කෙරුණු පසු එරට වාර්ෂික ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ සැත්කම් සාමාන්‍යය 1046 සිට 511 දක්‌වා පහත බැස්‌සේය.

    ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ද්‍රියයන් විකිŒමෙන් ලැඛෙන වාර්ෂික ලාභය ඩොලර් බිලියන 1.2 කි. නීති රීතිවලින් රිංගා යමින් ජාවාරමක්‌ ලෙස ඉන්ද්‍රියයන් බද්ධ කෙරෙන රටවල් ලෙස පාකිස්‌තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, ඊශ්‍රායලය, කොළොම්බියාව, බෝල්කන් රටවල්, තුර්කිය, නැගෙනහිර යුරෝපීය රටවල්, ඇමරිකාව, බි්‍රතාන්‍යය, මැසිඩෝනියාව, කැනඩාව හඳුනාගත හැක.

    ලෝකයේ ලොකුම වකුගඩු වංචාව
    ගුර්ගෝන් වකුගඩු වංචාව ලෙස හැඳින්වෙන මෙය හෙළිවන විට ඉන්දියානු රුපියල් බිලියන 5 ක පමණ වකුගඩු විකුණා අවසන්ය. ගුර්ගෝන් යනු නවදිල්ලිය ආසන්නයේ පිහිටි කර්මාන්තපුරයකි. අමිත් කුමාර් නමැති දොස්‌තරවරයකු ඉන්දියාවේ පිටිසර පළාත්බද ජනයා රවටාගෙනැවිත් තමාට අයත් නිවාඩු නිකේතනයේ රඳවාගෙන වකුගඩු ගලවා ගන්නා බවටත් ඒවා ඇමරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව, සවුදි අරාබිය, ග්‍රීසිය යන රටවලින් එන කෝටිපති රෝගීන්ට විකුණන බවටත් පොලිසියට ඔත්තුවක්‌ ලැබිණ. ඒ අනුව පොලිසිය 2008 පෙබරවාරි 07 වැනිදා නේපාලයේදී අමිත් කුමාර් අත්අඩංගුවට ගත්තේය.

    දොස්‌තර අමිත් කුමාර්, වකුගඩු ශල්‍ය වෛද්‍යවරයකු සමග එක්‌ව ගුර්ගෝන් ප්‍රදේශයේ සායනයකදී මේ ජාවාරම කර තිබු‚. අමිත් කුමාර් මිනිසුන් රැගෙන ආවේ තම නිවාඩු නිකේතනයේ සහ වකුගඩු සායනයේ රැකියා දෙන පොරොන්දුව මතය. පසුව ඔවුන් සිහිි නැති කර වකුගඩුවක්‌ ඉවත් කරගෙන ඉන්දියන් රු. 30,000 ක්‌ අතට දී මහ මගට දමන ලදී. පොලිසිය විසින් වටලනු ලබද්දී වකුගඩු ඉවත් කළ පස්‌ දෙනෙක්‌ එහි වූහ.

    වහළයේ එල්ලා දෙක තුනක්‌ දෙනවිට (?) අමිත් කුමාර් ඇත්ත කතා කළේය. ඉකුත් දස වසර තුළ ඔහු සහ වෛද්‍යවරයා වකුගඩු 600 ක්‌ ගලවා විදේශිකයන්ට බද්ධ කර තිබු‚. නේපාලයේ කැලෑවක්‌ මැද පිහිටි හෝටලයකදී අත්අඩංගුවට පත්වන විට දොස්‌තර අමිත් කුමාර් සතුව ඉන්දියන් රුපියල් 9,36,000 ක බැංකු අණකරයක්‌, යූරෝ 145,000 ක්‌, ඩොලර් 18,900 ක්‌ විය. නඩුවේදී වරදකරුවන් වූ දොස්‌තර අමිත් කුමාර් සහ දොස්‌තර උපේන්ද්‍ර දුබාල්ෂ්ට අවුරුදු 2 බැගින් බරපතළ වැඩ සහිත සිර ද~ුවමක්‌ද ලක්‍ෂ 60 බැගින් දඩද නියම විය. එහෙත් ඇපෑලේදී නිදහස්‌ වූ ඔවුහු මහත් සතුටින් ගෙදර ගියහ.

    යුද සිරකරුවන්ගෙන් වකුගඩු ගලවාගත් හැටි
    කෝසෝවෝ නමැති ප්‍රදේශය යුගොස්‌ලාවියාවෙන් කඩාගෙන වෙනම රාජ්‍යයක්‌ බවට පත්කර ගැනීමේ යුද්ධයක්‌ 1998 දී ආරම්භ විය. කොසෝවෝ ප්‍රදේශයේ බහුතරය වූ ස්‌වදේශික ඇල්බේනියානුවන් විසින් පිහිටුවා ගන්නා ලද කොසෝවෝ විමුක්‌ති හමුදාව (ණඛA) මේ සටන පටන් ගත් අතර ඔවුන්ගේ ඉලක්‌කය වූයේ ප්‍රදේශවාසී 10% ක්‌ වූ සුළුතර සර්බියානුවන් සමූල ඝාතනය කිරීමය. මෙහිදී සර්බියානුවන්ගේ සහායට යුගොස්‌ලාවියානු හමුදා පැමි‚යේය.
    මේ යුද කාලයේදී යුද සිරකරුවන් සහ සුළුතර සර්බියානුවන් 2000 ක්‌ පමණ අත්අඩංගුවට ගත් කොසෝවෝ විමුක්‌ති හමුදාව ඔවුන්ගේ වකුගඩු, පෙනහලූ‍, ඇස්‌, අක්‌මාව යනාදී කොටස්‌ ඉවත් කරගෙන ඔවුන් මරා පුළුස්‌සා දැමූහ. මේ ගැන පොතක්‌ ලියූ ක‍්රක් ෘැක ඡයදබ නමැති නීතිඥවරිය යුද සමයේදී ණඛA හමුදාව වෙතින් මිනිස්‌ ඉන්ද්‍රීන් අඩංගු කුඩා ඇසුරුම් ලබාගෙන ගුවන් තොටුපලට ගෙන ගොස්‌ රට පැටවීමට භාරදුන් අය සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඒවා වාර්තා කරගෙන තිබිණ.
    ස්‌විස්‌ ජාතික කාන්තාවක්‌ වූ ක‍්රක් ෘැක ඡදබඑැ ස්‌විට්‌සර්ලන්තයේ හිටපු නීතිපතිවරියයි. පසු කාලයේදී ඇය යුගොස්‌ලාවියාවේ ජනවාර්ගික අර්බුදයට (කොසෝවෝවට මෙහි පාර්ශ්වයකි) අදාළ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර නඩු විභාගයේදී නඩු අධ්‍යක්‍ෂවරිය ලෙස ද කටයුතු කළාය.

    කොසෝවෝ වකුගඩු ජාවාරම ගැන කතා නොකරන ලෙස ස්‌විස්‌ රජය ඇයට තර්ජනය කළ නිසා ඇය ඉන්පසු ඒ ගැන තවදුරටත් ලිවීමෙන් හෝ කතා කිරීමෙන් වැළකී සිටියාය.

    අනුර සොලමන්ස්‌
     
    • Like
    Reactions: Sachith777

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ලංකාවේ හමුදාවේ අපේ කොල්ලොන්ගෙත් ශරීර අවයව පර කොටියො අරගන්නවලු....:dull::dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනිස්සු කොච්චර දියුණු උනත් වැඩක් නෑ, මුදල් කියන සාධකය මත ඔක්කොම වෙනස් වෙලා, තිරිසන්නු වත් නොකරන වැඩ මිනිස්සු කරන්නේ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මිනිස්සු කොච්චර දියුණු උනත් වැඩක් නෑ, මුදල් කියන සාධකය මත ඔක්කොම වෙනස් වෙලා, තිරිසන්නු වත් නොකරන වැඩ මිනිස්සු කරන්නේ.

    100%

    salli walata minissu karana dewal dakkama nam epa wenawa.
    real developed world ekak hadenne salli kiyana fact eka ayin karama.