අකාබනික_රසායනය

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
අකාබනික_රසායනය

අකාබනික රසායනය


පිටු සියල්ලම බලන්න




ක්ෂාර ලෝහ හා ක්ෂාරීය පාංශු ලෝහ සදහා පහන්සිලු පරීක්ශාව


මේ සඳහා Pt,ඇස්බැස්ටෝස්,කාබන් වැනි කූරක් ගෙන එය HCl තුළ ගිල්වා එය බන්සන් දාහකයේ අදීප්ත කලාපයට අල්වා අවර්න දැල්ලක් ඇබෙන තුරු රත් කරයි.ඉන් පසු HCl තුළ දිය කරගත් ක්ෂාර ලෝහය හෝ ක්ෂාරීය පාංශු ලෝහය කූර මත ගල්වා බන්සන් දැල්ලේ අදීප්ත කලාපයට අල්වයි.
මෙහිදී HCl තුළ මූල ද්‍රව්‍ය දිය කිරීම අවශ්‍යම නොවේ.මෙමගින් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.



Mg/Be = වර්ණයක් නොදේ
Li = රතු
Na = රන්වන් කහ
K = දම්
Rb = රතු දම්
Ca = ගඩොල් රතු
Cs = නිල්
Sr = ක්‍රිම්සන් රතු
Ba = ඇපල් කොළ



මීට අමතරව Cu ද පහන්සිලු පරීක්ශාවට පිළිතුරු දෙමින් කොළ වර්ණය ලබා දේ


all rights reserved
 
Last edited:

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
වායු හඳුනා ගැනීමේ පරීක්ශා.



H2(හයිඩ්‍රජන්)



මෙය අවර්ණ,අගන්ධ වායුවකි.මෙය හදුනා ගැනීමට වයුව දහනය කළ හැක.එවිට නිල් පාට දැල්ලක් සහිතව දහනය වේ.සමහර විට ස්ඵෝටනය විය හැක.




O2(ඔක්සිජන්)



අවර්ණ,අගන්ධ වායුවකි.මේ සඳහා වායුවට පුළිඟු කීරක් ඇල්වීම සිදු කළ හැක.O2 ඇති විට මෙය දීප්තිමත්ව දැල් වේ.




NH3(ඇමෝනියා)



අවර්ණ,කටුක ගඳක් සහිත වායුවකි.මෙය හඳුනා ගැනීමට නෙස්ලර් ප්‍රතිකාරකය භාවිතා කළ හැක[K2(HgI4)].NH3 මගින් අවර්ණ නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු පැහැ ගන්වයි.NH3 භාශ්මික වායුවක් නිසා ලිට්මස් පත්‍ර මගින්ද හඳුනා ගත හැක.එනම් NH3 මගින් රතු ලිට්මස් නිල් පැහැ ගන්වයි.මීට අමතරව NH3 වායුව,HCl ද්‍රාවනය අඩංඟු කර ඇති බෝතලයේ මූඩියට ඇල්ලීමෙන් සුදු වාශ්පයක්(NH4Cl) නිරීක්ශණය කළ හැක.




CO2(කාබන් ඩයොක්සයිඩ්)



අවර්ණ,අගන්ධ වායුවකි.මේ සදහා අප කවුරුත් දන්නා හුණු දියර පරීක්ශාව භාවිතා කළ හැක.හුණු දියර තුළින් එනම් Ca(OH)2 තුළින් CO2 යැවූ විට එය සුදු පැහැ වේ(CaCO3).තවදුරටත් CO2 යැවූ විට ද්‍රාවණය අවර්ණ වේ[Ca(HCO)2].මෙම පරීක්ශනය
SO2 සඳහා ද පිළිතුරු දෙයි.



SO2(ස්ල්ෆර් ඩයොක්සයිඩ්)



මෙය අවර්ණ,ගදක් සහිත වායුවකි.මෙය හඳුනා ගැනීමට අම්ලික කරන ලද KMnO4 ද්‍රාවනයක් තුළින් හෝ K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවීම සිදු කළ හැක.KMnO4 තුළ දී දම් පැහැය අවර්ණ කරන අතර,K2Cr2O7 තුළ දී තැඹිලි පැහැය කොළ පැහැයට හරවයි.




H2S(හයිඩ්‍රජන් සල්ෆයිඩ්)



මෙය අවර්ණ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව ආම්ලික කරන ලද KMnO4 ද්‍රාවනයක් තුළින් හෝ K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවීම සිදු කළ හැක.KMnO4 තුළ දී දම් පැහැය අවර්ණ කරන අතර,K2Cr2O7 තුළ දී තැඹිලි පැහැය කොළ පැහැයට හරවයි.නමුත් මෙම අවස්ථා දෙකේ දීම සල්ෆර්,ලා...කහ අවක්ශේපය තැන්පත් වන නිසා SO2 වලින්ද වෙන් කළ හඳුනා ගත හැක.මේ සඳහා ආම්ලික ලෙඩ් ඇසිටේට් ද [Pb(COOH)2] ද යොදා ගත හැක.H2S මගින් අවර්ණ ලෙඩ් ඇසිටේට් කළු පැහැ ගන්වයි(PbS).

all rights reserved
 
Last edited:

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
වායු හඳුනා ගැනීමේ පරීක්ශා

Cl2(ක්ලෝරීන්)


මෙය
ලා කොළ පැහැති කටුක ගඳක් සහිත වායුවකි.ක්ලෝරීන් වායුව හඳුනා ගැනීමට කරම කීපයක් ඇත.මෙම වායුවට තෙත් ලිට්මස් පත්‍රයක් ඇල්ලූ විට ලිට්මස් පත්‍රය විරංජනය වේ.එසේ නොමැතිනම් Cl2 HBr ද්‍රාවණයක් තුළින් යැවූ විට Br2 දුඹුරු දුමාරය ද,HI ද්‍රාවණයක් තුළින් යැවූ විට දම් පැහැති I2 වාෂ්පය ද මුක්ත වේ.



Br2(බ්‍රෝමීන්)


මෙය
දුඹුරු පැහැති කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව HI ද්‍රාවණයක් තුළින් යැවූ විට දම් පැහැති I2 වාෂ්පය මුක්ත වේ.එසේ නොමැති නම් වායුව ජලය තුළින් බුබුලනය කොට(මෙවිට කහ-තැඹිලි ද්‍රාවණයක් ලැබේ) බිංඳු වශයෙන් NaOH එකතු කරයි.එවිට කහ-තැඹිලි ද්‍රාවණය අවර්ණ වේ.



I2(අයඩීන්)



මෙය
දම් පැහැ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව Na2S2O3(සෝඩිය තයෝ සල්ෆේට්) ද්‍රාවණයක් තුළින් බුබුලනය කළ විට දම් පැහැ I2 විවර්ණ වේ.එසේ නොමැතිනම් I2 වායුව පිශ්ට ද්‍රාවණයක් තුළින් යැවූ විට ද්‍රාවණය නිල් පැහැ ගන්වයි



NO2(නයිට්‍රජන් ඩයොක්සයිඩ්)


මෙය
දුඹුරු පැහැ,කටුක ගඳක් ඇති වායුවකි.මෙය හදුනා ගැනීමට,මෙම වායුව සිලින්ජයක් තුළට එක් රැස් කොට සම්පීඩනය කළ හැක එවිට දුඹුරු පැහැය අවර්ණ වේ(NO2--->N2O4).එසේ නොමැතිනම් වායුව අළුත සැදූ FeSO4 තුළින් බුබුලනය කළ හැක.එවිට දුඹුරු පැහැ ද්‍රාවණයක් ලැබේ{[Fe(NO)]2+}



CrO2Cl2(ක්‍රෝමයිල් ක්ලෝරයිඩ්)


මෙය,
රතු දුඹුරු පැහැ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව හඳුනා ගැනීමට ජලය තුළින් බුබුලනය කොට ලැබෙන කහ-තැඹිලි දාවණයට බිංදු වශයෙන් NaOH එක් කිරීම සිදු කළ හැක.එවිට කහ-තැඹිලි ද්‍රාවණය කහ පාට වේ.




all rights reserved

 
Last edited:

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
menna mchn ubata mama ebook ekak dennam
one of the best recommended book for inorganic practicals
(advanced)
nikan balapanko
:D:D

00173381_medium.jpeg


http://www.mediafire.com/?a075qwmce391enf
 

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
ඇනායන හඳුනා ගැනීමේ පරීක්ශා


Cl-(ක්ලෝරයිඩ් අයන) හඳුනා ගැනීම


1.අයන ද්‍රාවණයට තනුක HNO3 යොදා,එයට Ag(NO)3 එකතු කිරීමේදී සුදු පාට අවක්ශේපයක් ලැබී එයට වැඩිපුර තනුක NH3 එක් කළ විට දිය නොවේ නම් ද්‍රාවණයේ Cl- අයන ඇති බව ස්ථිර වේ.


2.අයන ද්‍රාවණයකට [Cr2O7]2-(ඩයි ක්‍රෝමේට් අයන) එක් කර තනුක H2SO4 යෙදා,රත් කර විට තද රතු වාශ්පයක්(CrO2Cl2) පිට වී,එය NaOH ද්‍රාවණයක් තුළින් යැවූ විට කහ පැහැති ද්‍රාවණයක්(NaCr2O7) ලැබී,එයට Pb(NO)3 එක් කළ විට කහ පැහැති අවක්ශේපයක්(PbCr2O7) ලැබේ නම් Cl- ස්ථිර වේ.


3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 එකතු කර රත් කළ විට සුදු දුමාරයක්(HCl වායුව) පිට වේ නම් එය Cl- අයන ලෙස හඳුනා ගත හැක.


4.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 හා MnO2 එකතු කර රත් කළ විට Cl2 වායුව(Cl2 වායුව හඳුනා ගන්නා ආකාරය ඉහත දක්වා ඇත) පිට වේ නම් අයනය Cl- ලෙස හඳුනා ගත හැක.


5.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට සුදු අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ Cl- ඇත.




all rights reserved
 
Last edited:

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
ඇනායන හඳුනාගැනීමේ පරීක්ශා

Br-(බ්‍රෝමයිඩ් අයන) හඳුනා ගැනීම


1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට තද කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය වේ නම් ද්‍රාවණය තුළ Br- ඇත.




2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට තද කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ Br- ඇත.



3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 පමණක් යොදා හෝ H2SO4 සමඟ MnO2 එකතු කර රත් කළ විට රතු දුඹුරු දුමාරයක්(Br2 වායුව) පිට වේ නම් එය Br- අයන ලෙස හඳුනා ගත හැක.




4.CCl4(කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්) හෝ CHCl3(ක්ලෝරොෆෝම්) සමග Cl2 දියරය සොලවා සාදාගත් ද්‍රාවණයකට(ගෝලිකාවට) අයන ද්‍රාවණය යෙදූ විට තැඹිළි පැහැයක් ගනී නම් අයන ද්‍රාවණයේ Br- අයන ඇත.මෙය ක්ලෝරීදියර පරීක්ශාවයි.



all rights reserved
 
Last edited:

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
ඇනායන හඳුනාගැනීමේ පරීක්ශා

I-(අයඩයිඩ් අයන) හඳුනා ගැනීම


1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට ලා කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය නො වේ නම් ද්‍රාවණය තුළ I- ඇත.




2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට ලා කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය වී,සිසිල් කරන විට නැවත අවක්ශේප වේ නම් එම ද්‍රාවණයේ I- ඇත.



3.ඝන අයන ස්වල්පයකට සාන්ද්‍ර H2SO4 පමණක් යොදා හෝ H2SO4 සමඟ MnO2 එකතු කර රත් කළ විට රතු දම් පැහැති වාශ්පයක්(I2 වායුව) පිට වේ නම් එය I- අයන ලෙස හඳුනා ගත හැක.




4.CCl4(කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්) හෝ CHCl3(ක්ලෝරොෆෝම්) සමග Cl2 දියරය සොලවා සාදාගත් ද්‍රාවණයකට(ගෝලිකාවට) අයන ද්‍රාවණය යෙදූ විට දම් පැහැයක් ගනී නම් අයන ද්‍රාවණයේ I- අයන ඇත.මෙය ක්ලෝරීදියර පරීක්ශාවයි.




සැළකිය යුතුයි:
ක්ලෝරීන් දියර පරීක්ශාවේදී,යොදන ද්‍රාවණය තුළ I- හා Br- යන දෙකම ඇත්නම්,පළමුව දම් පැහැති ගෝලිකාව ලැබී දෙවනුව තැඹිලි පැහැ ගෝලිකාව ලැබේ.




all rights reserved
 
Last edited: