අකුණු ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අකුණු ගැන මුල සිට

    කොහොමද මචන්ලා
    අද ටොපික් එක ටිකක් කිරිමේල් සීන් එකක්:rofl:. අකුණු ගැසීම කිව්ව ගමන්ම වගේ බෝලාගේ මයිල් ඉස්මයිල් වෙන එක සාමාන්යයි නේ :baffled:(කොරල තියෙන්නේ එසේ මෙසේ වැඩයැ:lol:). හැබැයි අපි මේ අකුණු පිලිබඳ හරි හැටි දැනුමක් නැති හින්ද අකුණු ගැන ඕනෙවට වැඩිය බයක් ඇතිකරගෙන තිබෙන බව විශේෂයෙන් කියන්න ඕනේ:sorry:. එක හින්ද අකුණු ගැන වැදගත් කරුණු ටිකක් දෙන්නයි මේ නූල දැම්මේ. සමහර සීන් වැරදිනම් කියහල්ල මේකේ ඉන්න අකුණු විශේෂඥයෝ හොදේ:rolleyes:

    හරි, මොකක්ද බොලව් මේ අකුණක් කියන්නේ, ඒහැටි දෙයක් නෙවේ, උබලා දන්නවා නේද අහසේ වලාකුළු තියනවා, ඉතින් ඒවා ඇතිල්ලීමෙන් ආරෝපණ හටගනවා. ඉතිං මේ ආරෝපණ + සිට - වලට පනිනවා මේ වෙලාවට අහස + පොලොව - (හරියටම මතක නෑ:rolleyes:)
    ඉතින් අකුණු ගහනවා කියලා වෙන්නේ ඕකයි ඉලෙක්ට්රොෝඩ - සිට + දක්වා ඇදී ඒමක් කියලා සරලව කියන්න පුළුවන්:rofl:

    හරි මචන්ලා උබලා දැන් බේසික් සීන් එක දන්නවා දැන් බලමු මේවා අපිට හානිකර වෙන්නේ කොහොමද කියලා,;)
    අකුණක් හැමවිටම බලන්නේ හැකි ඉක්මනින් පොළොවට යන්න. අකුනකට වාතය හරහා වේගයෙන් ගමන් කරන්න අමාරු නිසයි උපකාරක මාධ්‍යක් තෝරාගන්නේ බොහෝවිට එම උපකාරක මාධ්‍ය වෙන්නේ සන්නිවේදන කුළුණක්, උස ගසක්, ලයිට් කණුවක් හෝ එවැනි උස මාධ්‍යක්, ඒ හින්දයි කියන්නේ අකුණු ගහනකොට ගස් යට ඉන්න එපා කියන්නේ:no:
    නමුත් මේ උස තීරණය වෙන්නේ මචං ඔයා ඉන්න තැන අනුවයි:rolleyes:, නිකමට හිතමු ඔයා ඉන්නේ පිට්ටනියක කියල එහෙනම් ඒ වෙලේට උසම මාධ්ය වෙන්නේ ඔයාගේ ඔලුගෙඩිය තමයි:lol::lol:, දැන් තේරෙනවනේ සීන්ස් එක:rofl:

    හරි දැන් බලමු අකුණක් ගැහුවම මොකද වෙන්නේ කියලා,:shocked:
    මං උදාහරණයකට ගන්නම ලයිට් කණුවක්, ලයිට් කානුවකට අකුණක් ගැහුවා කියල හිතමු. සමහර විට ඊළග අකුණු 2-3 ඒ අවටටම ගහන්න ඉඩ තියෙනවා:shocked: (හේතුව ඒ අවට ඔයා ඉන්න නිසා නෙවේ:D:D:D) එහෙම වෙන්න හේතුව තමයි අකුණක් ගැහුවට පස්සේ ඒ ප්රගදේශය අයනීකරණය වීම. අයනීකරණය වූ පසු දෙවෙනි තුන්වෙනි අකුණුද ඒ ප්රකදේශයට පතිතවෙන්න ඉඩ තියනවා:yes::yes:, එකනේ අර කියන්නේ අකුණු හත ගහනවා කියල හෙම:lol:,

    දැන් කියන්නම් ගොඩක් අය සන්නිවේදන කුළුණු සම්බන්දයෙන් මවාගෙන ඉන්න වැරදි මත.
    ගොඩක් අය කියනවා සන්නිවේදන කුළුණු අකුණු විසිකරනවා කියලා. ඒ කතාවේ අත්තක් නම් මං ප්රයයෝගිකව දකින්නේ නෑ :no::no::no:, මොකද සන්නිවේදන කුළුණක් ඉදිකරනකොට ලොකු ගනකම් කොපර් තහඩුකුලුන මුදුනේ සිට අඩි ගානක් යටට බස්සවනවා, එමගින් කුලුනට එන අකුණු ඉතා වේගවත්ම භූගත කෙරෙනවා, මේ සදහා කොපර් තෝරා ගන්නෙත් ඉක්මනින් භූගත කිරීමටයි:yes:. එම නිසා සන්නිවේදන කුළුණු අකුණු විසිකිරීම මම පෞද්ගලිකව බැහැර කරනවා.:rolleyes::rolleyes:

    ඊළග කාරණාව තමයි අකුනුගහනකොට කෝල් ගන්න එපා කියන එක, මේකේ පැති දෙකක් තියනවා. මුලින් කියන්නම් ජංගම දුරකථන ගැන,

    හරි අපි මුල ඉදං බලමුකෝ නැත්නම් බොලාට තේරෙන්නේ නෑ:lol:. අකුණක් බලන්නේ හැකි ඉක්මනින් භූගත වෙන්න, අනිත් දේ තමයි අකුණක් බලන්නේ වේගවත්ම හා කෙටිම මාර්ගයක් වීම. වැදගහ්ම දේ තමයි වාතය හරහා ගමන් කිරීමට ඇති අපහසුව. මේ කරනා තුන සිහි තබාගෙන කියවන්න.

    අකුණක් කුලුනකට ගැහුවට පස්සේ, එක පොලවට භූගත වෙනවා, ඔයා ප්‍රයෝගිකව හිතන්න කුලුනකට ගහපු අකුණක්, අර දුර්වල රේඩියෝ තරංග දිගේ ඔයාගේ ෆෝන් එක හොයාගෙන ඇවිත් ඔයාගේ කන හරහා පොළොවට earth වෙයිද කියල:lol::lol:, ඊට වැඩිය ලේසියි කුලුනෙම තියන කොපර් ලයින් එක හරහා භූගත වීම:nerd:. මේ ගැන මීට වැඩිය කියන්නේ නෑ:rolleyes:. කරුමේ කියන්නේ ගොඩක් අය මේ කතාව පිළිගන්නේ නෑ:no::no:, සමහරු කියනවා ෆෝන් එකේ චුම්භක වලට අකුණු ඇදෙනවා කියල:confused:, ඒ කතාවේ යම් සත්යිතාවයක් තියෙන්න පුළුවන්:nerd:, හැබෙයි වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි 0.1% වගේ .මොකද ලොකු චුම්භක ක්ෂේත්‍රයක් දුරකථන වල නොපැවතීමයි:no:.

    ඊළග එක බලමු රැහැන් සහිත දුරකරන ඒ කිව්වේ ටෙලිකොම් ලයින් වලට කොහොමද බලපාන්නේ කියල
    මේකනම් ටිකක් කිරිමේල් සීන් එකක් මචන්:(. මොකද කිව්වොත් ටෙලිකොම් කානුවකට අකුණක් ගැහුවොත් වයර් දිගේ එනවා , ඕක නවත්තන්න තමයි ගෙදර එළියේ පොඩි box එකක් හයිකරලා පොළොවට වයර් එකක් එහෙම දාල තියන්නේ:nerd: , හැබැයි මචෝ උබලගේ වාසනාවට ලංකාවේ ඉන්න සමහර අයියල ටෙලිකොම් කණුවේ එකන earth වයර් එක කපනවා තබ වලට:(, එහෙම ප්ලේස් එකක නම් උබ ඉන්නේ ඉතින් අකුණක් ගැහුවොත් සොරිම තමා:lol:,
    දැන් ඉතින් දන්නවනේ සීන්ස් එක..:)

    හරි ඊළගට බලමු විදුලි උපකරණවලට කොහොමද මේක බලපාන්නේ කියලා,:rolleyes:
    උඹලා කවුරුත් වගේ ගොරවනකොට කරන්ට් එක දුවන හැම එකක්ම වගේ වහනවනේ. ඕක ඉතින් සාමාන්‍යයි:lol:. ඇත්තටම මචන්ස්ලා හැම එකක්ම එහෙම කරන්න ඕනේ නෑ:no:. කෙලින්ම කියනවනම් වයර් සම්බන්ධ නැති ඕන උලව්වක් පාවිච්චි කොලාට කමක් නෑ:lol:. හැබැයි මෙහෙම එකක් තියනවා කොල්ලෝ, ගොරෝනවා කියල ටීවී එක switch එකෙන් ඔෆ් කොරල වැඩක් නෑ:no: , ඊට වැඩිය හොදයි tv එක දාන් බලනවා:lol:. ගොරෝන වෙලාවට ඕනෙම විදුලි උපකරණයක් switch එකෙන් ඔෆ් කරන්න පුරුදු වෙන්න එපා. නිතරම වගේ plug ගලවල තියන්න පුරුදුවෙන්න:yes:. එකට හේතුව මේකයි. Earth wire එක නිසා main switch ඔෆ් වෙනවා තමා. නමුත් එහෙමෙයි කියල අකුනෙන් වෙන බලපෑම පාලනය කරන්න main switch එකට බැහැ. තාක්ෂනය දියුණු නිසා හොද තත්වයේ encloser එකක් හා හොද main switch භාවිතා කරනවානම් අවුලක් නෑ

    දැන් ඉතින් උබලා එහෙමෙයි කියලා හෙන ගහන වෙලාවට ෆෝන් එකත් චජරේට ගහගෙන මල් කඩන්න යන්න එපා හරිය. චජරෙන් ගලෝල කඩපිය කඩන මලක් :lol::lol:

    දැන් ඉතින් දෙය්යනේ කියලා ගොරෝන වෙලවට් කකුල් දෙකත්උඩ තියාගෙන ඇද උඩ පතබෑවිලා ලැපත් ඔන් කොරගෙන ඩොන්ගලේ ගහගෙන නෙට් පලයව්ව්:lol::lol:, හැබැයි තොපි කෙල්ලොන්ට ගල් පැලෙන කෙප්ප ඇදබාලා හෙනගහුවා කියලා මාව විතරක් හොයන් එන්නෙපා හරිය!:growl::growl::lol:

    එහෙනම් අදට ඔච්චරයි මචන්සලා. දෙන දේකුත් දීපල්ලා හොදේ නෑ බෑ නොකිය:P

    ඔය ඉතින් නිකන්ම යන්නද හදන්නේ අරවා නැත්නම් බම්පියක්වත් දාපන් මස්සිනා:rofl: හික්ස්:lol:


    එහෙනං උබලට ජය! මං නැවතුනා;) ,