ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද?
"ජංගම දුරකථනවලට අකුණු වදිනවා".... "ජංගම දුරකථන රැගෙන යැම අකුණු මරණවලට හේතුවක්"....ජංගම දුරකථන රැගෙන යැම නිසා අකුණු වදින්නට වැඩි ඉඩකඩක් තිබෙනවා"....
මේ සමාජයේ බොහෝ දෙනා අතර පැතිර යන රාවයකි. මේ මතය තහවුරු කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ද අපේ මාධ්‍යවලින් පළ වේ. මේ දිනවල අකුණු පිළිබඳ ලොකු උනන්දුවක් පවතී. හැම වසරක ම අප්‍රේල් ආශ්‍රිත කාලවකවානුවේ විශාල අකුණු මරණ ගණනක් වාර්තා වේ.
ලොව ජංගම දුරකථන භාවිත කරන පිරිස අතිවිශාල ය. ලොව අද භාවිත වන ජංගම දුරකථන සංඛ්‍යාව බිලියන 6 ද ඉක්‌මවයි. 2009 දී එය බිලියන 4.3ක් විය. දැනට ලංකාවේ භාවිතයේ පවතින ජංගම දුරකථන සිම් සංඛ්‍යාව මිලියන 17ක් පමණ වේ. මෙතරම් විශාල පිරිසක් පාවිච්චි කරන්නා වූ උපකරණයක් සැබැවින් ම අකූණුවලට ලක් වීමේ අනතුරක් ඇත් ද යන්න සහ එසේ නම් ඉන් බේරී සිටින්නට දැන සිටීම ඉතා වැදගත් ය.
ජංගම දුරකථනවලට අකුණු අදින බව පවසන්නේ අප ගේ ජනමාධ්‍ය පමණක් නො වේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය ද ඒ බව පවසයි. මේ ජාත්‍යන්තර මාධ්‍ය ද හුදු ඕපාදූප පත්තර හෝ සඟරා ම නො වේ. නිදසුනක් දැක්‌වුව හොත් 2006 දී සයන්ස් ඩේලිහි පළ වූ වාර්තාවකින් කියෑවුණේ ජංගම දුරකථන අත තබාගැනීමෙන් අකුණු වැදීමට වැඩි ඉඩක් ඇති බවයි.
විද්‍යාත්මක ප්‍රජාව අතර ඊට ද වැඩි පිළිගැනීමක් හිමි බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයෙහි 2006 වසරේ එක් කලාපයක පළ වූ ලිපියකින් කියෑවුණේ 15 හැවිරිදි දැරියක් ජංගම දුරකථනයක් අතේ තබාගෙන සිටීම නිසා අකුණු ප්‍රහාරයකට ලක් වූ බවයි. අකුණට හේතුව ජංගම දුරකථනය බව එහි අවධාරණය කර තිබිණි. මේ ලිපිය පළ වී සති කීපයකට පසු ඇමෙරිකානු National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය තම වෙබ් අඩවියෙහි ඊට මෙසේ ප්‍රතිචාර දැක්‌වී ය.
ජංගම දුරකථන හා අකුණු
පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තාවලට පටහැනි ව අප ගේ ආයතනයේ අකුණු විශේෂඥයන් පවසා සිටින්නේ ජංගම දුරකථනවලට (දුරකථනය රැගෙන යන්නාට) අකුණු විශේෂයෙන් ආකර්ෂණය නො වන බවයි. ජංගම දුරකථන, කුඩා ලෝහ අයිතම, ආධාරක වැනි දේ අකුණු ආකර්ෂණය නො කරයි. මිනිසුන් අනතුරට පත් වන්නේ ඔවුන් වැරැදි වෙලාවෙහි වැරැදි තැන සිටින හෙයින් බව ප්‍රකට අකුණු විශේෂඥ ජෝන් ජෙන්සෙනියුස් ගේ අදහසයි. වැරැදි තැන යනු එළිමහනයි. වැරැදි වෙලාව යනු අකුණු ගසනා වෙලාවයි.
අකුණු අනතුරු ගැන වූ තම නිබන්ධයෙහි ඉලිනොයි සරසවියේ මහාචාර්ය ඈන් කුපර් මෙසේ කියයි.
"අකුණු ජංගම දුරකථනවලට සම්බන්ධ කිරීම මිථ්‍යාවක් වන අතර වගවිභාගයකින් තොර ව එම මිථ්‍යාවට කදිම ප්‍රචාරයක් ලැබී තිබේ. ජංගම දුරකථන රැගෙන යන පුද්ගලයන් අකුණු නිසා අනතුරට පත් වූ බවට වාර්තා ලැබෙතත් අකුණු හා ජංගම දුරකථන අතර කිසිදු සබඳතාවක් නැත." කෙසේ වෙතත් ස්‌ථාවර දුරකථන මගින් නම් යම් අකුණු අවදානමක් ඇති බව ඇය පෙන්වා දෙයි. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ජංගම දුරකථනවලින් අකුණු ඇදගන්නා බව සඳහන් ලිපියට පාදක වූයේ ලන්ඩනයේ නෝත්වික් පාක් රෝහලේ වෛද්‍යවරුන් කීප දෙනකු ලබා දුන් තොරතුරු ය. එහෙත් පසුව පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් මේ තිදෙනා ගෙන් එක් අයකු වන වෛද්‍ය ස්‌වින්දා එස්‌ප්‍රිට් කියා සිටියේ (ස්‌වින්දා උගුර නාසය කණ පිළිබඳ විශේෂඥවරියකි) තමන් මේ අනතුරු ඇඟවීම කළේ සද්භාවයෙන් බවයි. එමෙන්ම ඒ මොහොතේ ලැබුණු දත්ත අනුව නිරවද්‍ය ව කටයුතු කළ බව ද ඇය කීවා ය.
අකුණු ගසන විට ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීම හොඳ ද නරක ද යන්න ගැන විද්වතුන් දරන අදහස්‌වලට ඒකමිතියක් නැත. ඇතැමුන් පවසන්නේ ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරගන්නා බව ය. ඇතැමෙක් එසේ නො වන බව පවසති. අන්තර්ජාලයේ මේ පිළිබඳව පළ වන ලිපි විශාල සංඛ්‍යාවක ඇත්තේ ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරන බවයි. එහෙත් ඊට පටහැනි ව එය එසේ නො වන බව සඳහන් ලිපිද රැසක් ඇත. මා කියවූ ලිපි රැසක සඳහන් වූයේ මෙය නාගරික මිථ්‍යාවක් බවත් එය ප්‍රවර්ධනය කරන ලද්දේ අන්තර්ජාල වෙබ් අඩවිකරුවන් බවත් ය.

rep+..