අකුනු සන්නාය කතාව ඇත්තක් ද??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    අකුනු සන්නාය කතාව ඇත්තක් ද??
    සිරාවටම මේව ඔය කියන තරම් කෝටි ගනන් දීල ගන්න එ වුන් පිටරටින් එනවද??
    නැත්නම් මේක නිකන් මිනිස්සු චූන් කරන කතාවක් විතරද??

    ඇත්තටම ගන්නව නම් අරගෙන මොකද කරන්නේ??

    දන්න එඋන් පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ..
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
    521494.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    - රතු රසදිය -

    වල්ලාපට්ට, කිඹුල් හූනො සහ පරණ අකුණු සන්නායක වල භූගත සන්නායක ටිකට වැඩේ දුන්නට පස්සෙ දැන් ආපහු කතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පරණ වෑර්ලස් රේඩියෝ වල තියෙනවාය කියන රතු රසදිය කියලා ජාතියක් ගැන. අර අකුණු සන්නායක කතාවෙ තැන් තැන් වල වගේම මේකෙත් න්‍යෂ්ටික ආයුධ වගේ දේවල් ගෑවිලා තියෙන නිසා එහෙන් මෙහෙන් මගේ රස්සාව පැත්තටත් ප්‍රශ්නය කැරකෙනවා. ඒ කාලේ අකුණු සන්නායක ගැන අහන අයට උත්තර දීලා හෙම්බත් වෙලා හිටිය නිසා ම මේ පාර කතාව එතනට එන්න කළින්ම මේක ගැන යමක් ලියන්න ඕනෙ කියලා හිතාගෙනයි හිටියෙ.

    පළවෙනි දේ තමයි "රතු රසදිය" ගැන. රසදිය කියන්නෙ ද්‍රව අවස්ථාවෙ තියෙන ලෝහයක්. ඒකෙ පෙනුම හැමෝම දන්නවා ඇති. නොදන්නවා නම් ඇලුමිනියම් තහඩුවක, රිදී මාලෙක තියෙන දිලිසෙන සුදු පාට තමයි තියෙන්නෙ. ඒ හැර පිරිසිදු රසදිය කිසිම වෙලාවක රතු පාටට තියෙන්නෙ නෑ. රසදිය වල සල්ෆයිඩය (මර්කියුරික් සල්ෆයිඩ්) කියලා විද්‍යාවෙදි හඳුන්වන සහ එදිනෙදා භාවිතයේ දි සිනබාර් එහෙම නැත්තම් සාදිලිංගම් කියලා හඳුන්වන සංයෝගයට තියෙනවා තද ලෝහමය රතු පාටක් (පළමු රූපය). මේක තලාතු මිනිරන් වල ස්වභාවය තියෙන ඝන ද්‍රව්‍යයක් මිසක් ද්‍රවයක් නෙමෙයි. එහෙනම් මුල්ම දේ තමයි රතු රසදිය කියලා ජාතියක් ගැන බටහිර විද්‍යාවේ හෝ වෙනත් පෙර-අපරදිග දැනුම් ක්‍රමයක සඳහන් වෙන යමක් නැති බව.

    දෙවෙනි කාරණය ඔය වැර්ලස් වල තියෙනවාය කියන රතු රසදිය අඩංගු පුංචි වීදුරු මංජුසාව ගැන. මේ රතු රසදිය ගවේෂකයො පෙන්නන ගොඩක් රූප වල (දෙවන රූපය) තියෙන්නෙ ඇත්තටම රික්තක කපාටයක් (Vacuum Valve) එහෙමත් නැත්තම් තර්මයන කපාටයක් (තෙවන රූපය) තර්මයන කපාට කියන්නෙ ඔය ට්‍රාන්සිස්ටර් වගේ අර්ධ-සන්නායක වලින් හදන ඉලෙක්ට්‍රොනික උපාංග වාණිජ මට්ටමෙන් ජනප්‍රිය වෙන්න කලින් ඒ කාර්‍යයන් කිරීම සඳහා යොදාගත් උපාංගයක්. හිස් (රික්තයක) වීදුරු බල්බයක් තුල සකස් කළ සූත්‍රිකා සහ ඉලෙක්ට්‍රෝඩ නිශ්චිත සංඛ්‍යාවක් සහිත සැකසුමක්. මේකෙ තියෙන ඉලෙක්ට්‍රෝඩ (මෙහෙම රික්තයක තියෙන ඉලෙක්ට්‍රෝඩයකට අපි ඩයිනෝඩයක් (dynode) කියලා කියනවා) ගණන අනුව නම් කිරීම කෙරෙනවා. ඩයිනෝඩ 3යි නම් ට්‍රයෝඩ, පහයි නම් පෙන්ටෝඩ, දෙකයි නම් ඩයෝඩ (අද අපි දියෝඩ/diode ලෙස හඳුන්වන උපාංගයේ ආදිතමයා) ආදී වශයෙන්. මේ රික්තක කපාට තුළ ඇත්තටම කිසිදු ද්‍රවයක් අඩංගු වෙන්නෙ නෑ. මේ ඉලෙක්ට්‍රෝඩ සියල්ල නිකල් ආලේපිත තඹ හෝ මළ නොබැඳෙන වානේ වගේ ලෝහයකින්.

    මේ තර්මයන කපාට වල තියෙන විවිධාකාර දුර්වලතා නිසා 1960 දශකයෙන් පස්සෙ අර්ධ-සන්නායක වලින් සකස් කළ වඩාත් කාර්‍යක්ෂම, ලාභදායි සහ කුඩා දියෝඩ සහ ට්‍රාන්සිස්ටර් වලට තාක්ෂණය මාරු වෙනවා. අද වෙනකොට ඉතා සුළුයෙදීම් සංඛ්‍යාවක පමණක් මේ ක්‍රමය භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් වීදුරු බල්බයක පෙනුම තියෙන මේ තර්මයන කපාට වල කළාතුරකින් රතු පාට ආලේප කළ නිෂ්පාදනයක් තියෙන්න පුළුවන්. නැත්තං ඉතිං හදන්න පුළුවන් සායම් ටිකකින්. ඒක තමයි මේ අය රතු රසදිය බල්බයක් කියලා පෙන්නන්නෙ. අනිත් දේ තමයි මේ ඡායාරූප වල බහුතරය (මේ මම අමුණලා තියෙන එක ඇතුලත්ව) ව්‍යාජ ලෙස සකස් කළ ඒවා වීම. මේ පරිපථයේ මෙතන තියෙන්න ඕනෙ ධාරිත්‍රකයක් (ඔය C අංක වලින් සටහන් කරන්නෙ ධාරිත්‍රකයක් කියන එක).

    ඉතිං මෙව්වා වටිනවා ද? මේවා දැන් භාවිතයේ අඩු නිසා තරමක් දුර්ලභ උපාංගයක් විදියට ඒවා එකතු කරන්නන් අතර කිසියම් අගයක් තියන්න පුළුවන්. ඒත් ඒක ඔය කියන තරම් ලොකු මිලක් නම් නෙමෙයි. ඔය ඊබේ වගේ විද්‍යුත් වෙළඳපොළ වල් වල ඕවා ඕනෑ තරං ඩොලර් 2, 3 ඉඳලා මිලට ගන්න තියෙනවා. ඉතිං කවුරුහරි ඔය කියන මිල මට ගෙවන්න කැමති නම් මම ඕනෑ තරම් සපයලා දෙන්නම්. 😉

    ඊළඟ දේ ඔය රතු රසදිය ගැන පෙන්නන සාක්ෂි. ඕක ගැන හැමෝම පෙන්නන්න යොදාගන්නෙ විකිපීඩියා වෙබ් අඩවියේ තියන ලිපියක්. ඉතාම ප්‍රාථමික විදියට මූලාශ්‍ර වලින් තොරව ලියලා තියෙන මේ ලිපිය ව්‍යාජ එකක් බව අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නෑ. විකිපීඩියා කියන්නෙ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් වෙනස් කළ හැකි තොරතුරු සහිත තැනක් බව සිහියේ තබාගැනීම වැදගත්. ඔය ලිපියෙම උනත් දෙවෙනි ඡේදයට යනකොට ඒක මිත්‍යාවක් බව කියලා තියෙනවා. ඒත් කවුරුත් ඒ කොටස පෙන්නන්නෙ නෑ. 🤪

    අන්තිම කාරණය න්‍යෂ්ටික ආයුධ සම්බන්ධයෙන්. න්‍යෂ්ටික ආයුධ හදන සූත්‍රය ඔය හිතන තරම් රහස්, සැඟවුනු වට්ටෝරුවක් නෙමෙයි. කාට හරි ඕනෙ නම් මං අවශ්‍ය බඩු ලැයිස්තුව කියලා දෙන්නම්. 😉 😁 න්‍යෂ්ටික අවි හදන එකේ අභියෝගය තියෙන්නෙ ඒ සඳහා අවශ්‍ය ඉතා ඉහළ තාක්ෂණික/මිනුම් සහ සැකසීමෙ පහසුකම් වගේම අදාළ ගණනය කිරීම් සඳහා අවශ්‍ය දැනුම පමණයි. ඒවා සපයාගන්න තියෙන දුෂ්කරතාවය සහ ඒ ද්‍රව්‍ය සහ මෙවලම් සඳහා ඇති දැඩි ජාත්‍යන්තර නීති නිසා තමයි ගෙදර ගරාජ් එකේ න්‍යෂ්ටික අවියක් හදන්න බැරි. අද වෙනකම් ලෝකයේ දියුණු කරලා තියෙන කිසිම න්‍යෂ්ටික අවියක "රතු රසදිය" කියලා ජාතියක් යොදාගත් බවට කිසිම සාක්ෂියකුත් නෑ. ඇත්තටම නම් එහෙම අවශ්‍යත් නෑ.

    ඉතිං මේ කරුණු එක්ක අන්තිමට කියන්න තියෙන්නෙ එක එක ලෝක වෙද්දුන්ගෙ ගැට වලට අහු වෙලා ගෙදර තියෙන පරණ රේඩියෝ කෑලි කරන්න එපා. ඒවා ඒ විදියටම තියෙන එකෙන් ඇත්තම කෞතුක වටිනාකමක් සහ මිලක් ලබාගන්න පුළුවනි. සල්ලි උපයන්න කෙටි පාරවල් හොයන්නෙ නැතුව ටිකක් මහන්සි වෙලා යමක් කරනවා නම් පසුතැවෙන්න අවශ්‍ය නොවේවි.

    සේයා:
    1. සිනබාර් හෙවත් සාදිලිංගම් (www.minerals.net)
    2. රතු රසදිය ඇතැයි කියන උපාංගය (www.youtube.com)
    3. තර්මයන කපාට (www.hackaday.com)
    FB Genius group.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හැම එකම හරියන්නෑ... කාලයක් තිස්සෙ හෙන වැදිල.. වැදිල පදං වෙලා තියෙන්න ඕනෙ... :lol:
     
    • Like
    Reactions: NRTG and D_Mad

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අකුණු සන්නායකයක් තිබ්බා අපේ පැත්තේ තේ ෆැක්ටරියක. ටවුන් එකට මොකක් හරි අලුත් පන්නයේ වාහනයක් ආවාම ත්‍රී වීල් කාරයෝම වටකරගෙන ඒක පස්සේ රැලට දුවනවා. අන්තිමට ඌ ඇවිල්ල නතර වෙන හෝටලයේ රූම් බොයිත් සෙට් වෙනවා වැඩේට. කට්ටිය පොර කාල අන්තිමට වත්තේ දෙමළ සෙට් එකක් එකතුවෙලා මේ සන්නායකට විනාශ කළා. දැන් කාටත් නෑ.
    නමුත් මේක නිකන් කාලය ශ්‍රමය සහ මුදල් නාස්ති වෙන වැඩක්දා මන්දා? තාම කරපු එකෙක් නැැහ හොයාගන්න. මම නම් එකවුන්ට් 3ක් දැක්කා කෝටි 250ක් වැටිලා නමුත් ඒ එකවුන්ට් මහ බැංකුවෙන් බ්ලොක් කරලා. ඔය වගේ සීන් කෝන් ගොඩක් තියෙනවා.
    මේ කියන විදිහට අකුණු මගින් උද්දීපනය වෙන +අංශු විශේෂයක් මේ වෙළෙඳාම මගින් වටිනාකමකට ලක් වෙනවාද නැද්ද කියලා නිශ්චිත සාක්ෂියක් නැහැනේ.
    මේ පිළිබඳ පේටන්ට් අයිතිය තියෙන්නේ නම් ඉන්දියාවේ අබ්දූල් කලාම් විශ්ව විද්‍යාලයට කියලා කථාවකුත් තියෙනවා. අබ්දූල් කලාම් ආයතනයේ ලාංකීය විද්‍යාඥවරියක් සේවය කරලා තියෙනවා ............. කියලා. නමුත් ඈ ලාංකීය පුරවැසිභාවය අවජාතක කරලා දැන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ න්‍යෂ්ඨික පර්යේෂණ ආයතනයේ සේවයට එකතු වෙලාලු. මේ කාරණයේ ඇත්ත නැත්ත සොයන්න ඈ සමඟ සම්බන්ධ වෙන්න උත්සාහ කළත් ඈ ශ්‍රී ලාංකීය හුළගකටවත් අකමැති පාටයි.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ පිළිබඳ පේටන්ට් අයිතිය තියෙන්නේ නම් ඉන්දියාවේ අබ්දූල් කලාම් විශ්ව විද්‍යාලයට කියලා කථාවකුත් තියෙනවා. අබ්දූල් කලාම් ආයතනයේ ලාංකීය විද්‍යාඥවරියක් සේවය කරලා තියෙනවා තරංගා කියලා. නමුත් ඈ ලාංකීය පුරවැසිභාවය අවජාතක කරලා දැන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ න්‍යෂ්ඨික පර්යේෂණ ආයතනයේ සේවයට එකතු වෙලාලු. මේ කාරණයේ ඇත්ත නැත්ත සොයන්න ඈ සමඟ සම්බන්ධ වෙන්න උත්සාහ කළත් ඈ ශ්‍රී ලාංකීය හුළගකටවත් අකමැති පාටයි.
    Lankawe aewun තරංගා ta aehenum hodama aeken arinna aethi...
    Lankawe aewun gen berila indiyaweth inna beri tena USA paninna aethi. Tawa tika kaleking kiyai තරංගා agahru loketa giya kiyala
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පට්ට පල් බොරුවක්. scam එකක් . අහු වෙන්න එපා

    මේකේ කරන්නේ . සමානයෙන් හැමතැනම නැති. එත් ටිකක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් දුර්ලබ දෙයකට කෝටි ගණනක බොරු වටිනා කමක් දෙනවා.

    අපේ මිනිස්සු කොහොමත් කැමති නිකන් ඉඳන් සල්ලි හොයන්න. :)

    ඉතින් අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට කෙලව ගන්නවා. සමහරු ගෙවල් දොරවල් වාහන පවා. නැතිකර ගන්නවා.
     
    • Like
    Reactions: sidathsaumya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,703
    16,914
    113
    Parana akunu sannayaka wala nekehema seen ekak nan tiyenawa

    ewage uda radioactive podi podi pathuru set karala tiyenawa wayugolaya ayanikaranaya karla akunu gahana eka walakwanna

    owa parana wenna wenna galawila bimata watila eke radiation walin minissunta balapamak wenna ida tiyenawa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Parana akunu sannayaka wala nekehema seen ekak nan tiyenawa

    ewage uda radioactive podi podi pathuru set karala tiyenawa wayugolaya ayanikaranaya karla akunu gahana eka walakwanna

    owa parana wenna wenna galawila bimata watila eke radiation walin minissunta balapamak wenna ida tiyenawa

    Nuclear raw material ගන්න අමුද්‍රව්‍ය මිශ්‍රකරලා හැදුවලු ඉස්සර සන්නායකතාව වැඩිකර ගන්න. සමහර විට radioactive ටිකක් වැඩි ගතියක් ඔය වානේ කොටසේ ඇති
     
    • Like
    Reactions: todd2231048

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    පට්ට පල් බොරුවක්. scam එකක් . අහු වෙන්න එපා

    මේකේ කරන්නේ . සමානයෙන් හැමතැනම නැති. එත් ටිකක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් දුර්ලබ දෙයකට කෝටි ගණනක බොරු වටිනා කමක් දෙනවා.

    අපේ මිනිස්සු කොහොමත් කැමති නිකන් ඉඳන් සල්ලි හොයන්න. :)

    ඉතින් අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට කෙලව ගන්නවා. සමහරු ගෙවල් දොරවල් වාහන පවා. නැතිකර ගන්නවා.

    මචන් බොරුවක් කියල නම් හිතෙනවා..ඒ උනාට කොහොමද මේක විකුනන්න යන එකාර කෙල වෙන්නේ?? මම අහන්නේ මේ වගේ බොරු වල කොහොමද මිනිස්සුන්ගෙ සල්ලි කවුරු හරු ගන්නේ??වල්ලපට්ට කිබුල් හූනො රෙඩ් මර්කරි...මේ හැම එකක්ම වෙන්නේ එකම සිස්ටම් එකට...ඒ උනාට කාගෙ හරි ගානක් කෙලවෙන්නේ හරි තව එකෙක් ගානක් හොයාගන්නේ හරි කොහොමද?? විකුනන එකයි ගන්න එකයි දෙන්නම එකෙක් ද?? ලක්ශ ගානකට ඌම විකුනලා ගන්න සීන් එකෙන් මග ඇරල ඉන්නවා ද?? හැබැයි මේ බිස්න්ස් වල ගොඩක් වෙන්නේ බයර් වයි සෙලර් වයි කන්ටැක්ට් කරල දෙන සීන් එකක් නේ...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචන් බොරුවක් කියල නම් හිතෙනවා..ඒ උනාට කොහොමද මේක විකුනන්න යන එකාර කෙල වෙන්නේ?? මම අහන්නේ මේ වගේ බොරු වල කොහොමද මිනිස්සුන්ගෙ සල්ලි කවුරු හරු ගන්නේ??වල්ලපට්ට කිබුල් හූනො රෙඩ් මර්කරි...මේ හැම එකක්ම වෙන්නේ එකම සිස්ටම් එකට...ඒ උනාට කාගෙ හරි ගානක් කෙලවෙන්නේ හරි තව එකෙක් ගානක් හොයාගන්නේ හරි කොහොමද?? විකුනන එකයි ගන්න එකයි දෙන්නම එකෙක් ද?? ලක්ශ ගානකට ඌම විකුනලා ගන්න සීන් එකෙන් මග ඇරල ඉන්නවා ද?? හැබැයි මේ බිස්න්ස් වල ගොඩක් වෙන්නේ බයර් වයි සෙලර් වයි කන්ටැක්ට් කරල දෙන සීන් එකක් නේ...

    මෙහෙම කරන්න පුලුවන්,
    හැම එකාම පිස්සො වගේ ඕව හොයනව , හම්බුන එකෙක් විකුණන්න බලනව, එතකොට සිරිපාල ඇවිත් හොයන එකෙකුට කියනව එකක් තියෙනව මම සෙට් කරල දෙන්නම් මට ගාණක් දීපං කියල, ඉතිං ඩීල් එක උනානම් ගත්තු එකාට ආයෙ විකුණන්න එකෙක් සෙට් වෙන්න ඕනි. ඔහොම වටේ යනව ගාණ වැඩි වෙවී.