බයර්/සෙලර් කන්ටැක් කරන එක විතරක් නෙමයි වෙන්නෙ
මෙහෙම හිතපන් කවුරු හරි ඔය වගේ ලොකු ගානකට ගන්නවා කියලා කතාවක් හදනවා, ඒ ගනන් වලට ගන්නවත් එක්ක. මුල් කාලෙ ලක්ශෙට දෙකට ඕව හෙන ගොඩක් ගන්නවා. පස්සෙ ඕව ඉවර වෙද්දි කියනවා දැන් තියනවා නං කෝටියක් විතර ගන්න පුලුවන් කියලා
එතකොට සේරම එවුන් ඕව හොයනවා සමහරු කරන්නෙ ලාබයක් තියං විකුනන් පුලුවන් කියලා සල්ලි වලටම ගන්නවා, ඔය තත්වෙට ගේන එක තමයි අර මුලින් ඕව ගන්නවා කියන කතාව යවන එකාගෙ අයිඩියා එක
ඔහොම මාකට් එකක් හැදුනු ගමන් කරන්නෙ අර මුලින් කතාව යවපු එකා ලඟ තියන සේරම ඒවත් අර කිසි දෙයක් නොදැන ලාබ හොයන් විකුනන්න හිතන් ගන්න එවුන්ට විකුනනවා. ලක්ශෙට ගනිපුවා ලක්ශ 89-90ට විකුනනවා, ගන්න එකා හිතන්නෙ මේක 90ට අරන් කෝටියට විකුන්නත් නිකන්ම 1M තියනවා කියලානේ.
අන්තිමට ගන්න එකෙක් නැහැ. අර ලාබ තියන් විකුනන්න කියලා හිතං ඉන්න අතරමැදියො ටිකට කෙලම වෙලා යනවා
නීතියෙන් මොනවත් කරන්න බැහැ මොකද තමන්ගෙ උවමනාවට ගනිපුවානේ, අරන් විකුනගන්න බැරි උනා කියලා කිසි දෙයක් කරන්න බැහැනේ. එක හොඳක් තියෙන්නෙ ඕව විකිනෙන ගනන් වල හැටියට අහිංසක මිනිහෙක් අහුවෙන්න ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ
ලක්ශ 80ට ඕකක් අරගෙන 100ට විකුනන වගේ රිස්ක් එකක් කවුරුවත් අහිංසක දුප්පත් මිනිහෙක් ගන්නෙ නැහැනේ.
සරලව හිතපන් උඹ ලඟ අකුන සන්නායක දෙකක් තියනවා සත පහකට වැඩක් නැති, උඹ දන්නවා තව එකෙක් අකුනු සන්නායකයක් තියන, උඹ ඌව හම්බෙලා කියනවා ඕකක් තියනවා නං ලක්ශ 25ට ගන්නවා කියලා, එහෙම කියලා උඹ අරුගෙ ලඟ තියන එක ලක්ශ 25ට ගන්නවා, අරගෙන කියනවා තව තියනවා නං ඔය ගානටම ගන්නවා කියලා. ටික දවසකින් ඕන නං අරුට කියනවා දැන් ලක්ශ 25 නෙමයි 50යි කියලා, අරූත් මුලින් ලක්ශ 25 ලැබුනු නිසා ෆුල් ශුවර් පිට ඉන්නෙ. උඹ වෙන එකෙක් ලවුවා උඹගෙ ගාව තියන සන්නායක තුනම එකක් ලක්ශ 40 ගානෙ අරූට විකුනනවා. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ. අරූත් ගන්නවා මොකද 40ට අරන් 50ට විකුනලා නිකන්ම ලක්ශ 30ක් අතට ගන්න පුලුවන් කියලා.
මේ වැඩේ කරන්න මොකක් හරි රෙයා අයිටම් එකක් ඕන, කාටත් හොයාගන්න පුලුවන් එකක් නං වැඩේ කෙල වෙනවා, මොකද අර අතරමැදියා අපි ලඟ තියන එක ගන්නවා වෙනුවට වෙන උන් ලඟ තියන ඒව අරගෙන වැඩේ වේලාසනම කෙලවනවා
අනික ඕව අඳුනගන්න කියලා හෙන කතා කියන්නෙ, සන්නායක නං හාල් ඇදිලා එනවා, හාල් කලු වෙනවා, වාලම්පුරි නං වද මලක් දැම්මම ඒක පිපෙනවා හරි පරවෙනවා හරි, තව කිඹුල් හූනො නං ලන්ච් ශීට් එකක් දැම්මම ඒක උනු වෙනවා වගේ කතා, එතකොට අර උඩම ලෙවල් එකේ ගේම ගහන එවුන්ට පුලුවන් මේවා පෙන්නලා කවුරු හරි ගෙනාපු එකක් මේක මේ හරි එක නෙවයි කියලා නොගෙන ඉන්න, අර කන්ඩිශන් එකක් දාල නොගෙන ඉන්න නිසා මාකට් එකත් අඩු වෙන්නෙ නැතුව තියනවා
අනික තමයි, තමන් ලඟ අයිටම් එකක් තියේ නං පුලුවන් ලොකුම ගානට පුලුවන් තරම් ඉක්මනට විකුලා සල්ලි හොයාගන්න. නමුත් වෙන කාගෙ හරි ලඟ තියන ඒව අරන් විකුනන රිස්ක් එක ගන්න එපා, කෙලම වෙලා යන්න පුලුවන්.