අගවිනිසුරු ගිය රථ පෙළ විඩියෝ කළ අයෙක් රිමාන්ඩ් 🚫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    අගවිනිසුරු ගමන් ගත් රථ පෙළ ඡායාරූප ගත කළ පුද්ගලයෙකු රිමාන්ඩ්


    අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන්ගත් මෝටර් රථය හා ආරක්ෂක රථ පෙළ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් ලබන 10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයෙ (08) මෙම නියෝගය නිකුත් කළා.

    සැකකරු බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

    අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමග කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම ප්‍රදේශයෙහි නිවසක සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනු ඇති.

    ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා විමර්ශන සිරු කරන බව පොලීසිය කරුණු දක්වමින් සඳහන් කළා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    පුදුම වෙන්න දෙයක් නෑ, නුවර අලුත් පාරේදී ගියපු CTB බස් එක නැවැත්තුව මහාධිකරණේ නඩුකාරයාගේ වාහනේ බ්ලොක් වෙන්න ආවා කියලා.. විනාඩි 10-15ක් තියාගෙන ඉදලා කිව ප්‍රයිවට් බස් එකක් කියලා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,009
    18,922
    113
    @thanujaka මහත්මයානෙනි. වෙලාවක් තිබුනොත් මෙකෙ නීතිමය තත්වය පහදා දෙන්න.
     
    • Haha
    Reactions: clumsyhulk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,484
    6,351
    113
    පාරෙ ඉන්න ඒ මිනිහා කොහොමද දන්නෙ අදාල වාහනේ ඇතුලෙ ඉන්නෙ මොකාද කියලා. ඌ වෙන මොකක් හරි වීඩියෝ කරා නම්??

    Btw තීන්දුවෙන් බේරෙන්න හිතන් විනිසුරෙක්ව වෙඩි තියලා මැරුව නේද පාතාල කාරයෙක්. පාතාලෙ උන් වැඩිහරියක් ම ආරක්ශක සේවා වල උන් නිසා මේක සාධාරණයි කියලා හිතෙනවා.ඒත් වාහනේ බ්ලොක් උනා කියලා බස් නවත්තපු එකාට නම් මොලේ අමාරුවක් ඇත්තෙ. මුන්ගේ අසීමිත බලය වහා ම පාලනය කරන්න ඕන. නැත්නම් ඉතින් ව්‍යවස්ථාව වෙනස් කරපල්ලා ජොබ් එක අනූව මූලික මිනිස් අයිතිවාසිකම් ලබාදෙන්නෙ එක එක තරාතිරම් වලට බෙදලා කියලා

    Lankawe judgela thama eelangata kanne..
    එහෙම වෙනවද ඕයි මුන් මිනිස්සු රිමාඩ් කරයි අධිකරණයට අපහාස කරා කියලා. උන් හිතන් ඉන්නෙ උන් තමයි රටේ උත්තරීතරය කියලා.
    ------ Post added on Sep 9, 2025 at 12:51 PM
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
    සැකකාර පුද්ගලයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවනවානන් මහේස්ත්‍රාත්ට භින්නෝන්මාදය. රන්ජන් රාමනායක ගේ මනෝ වෛද්‍ය වාර්තාවක් කැඳවන්නෙ නැතුව ජනාධිපති සමාවක් දීලා තියෙනවා. එක එක මනුස්සයට එක එක නීති.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    පොදු පාරක යන උන් රෙකෝඩ් කරනවා නම් උන්ගෙන් කන්සෙන්ට් එක ගන්න ඕන.

    නැත්නම් මූණ බ්ලර් කරන්න ඕන.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,214
    113
    California
    එහෙම වෙනවද ඕයි මුන් මිනිස්සු රිමාඩ් කරයි අධිකරණයට අපහාස කරා කියලා. උන් හිතන් ඉන්නෙ උන් තමයි රටේ උත්තරීතරය කියලා.
    sira, okun tax ekenuth pana gattane
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ehema karanna ba mama danna tharamin.
    winisuru warayek ge car ekak nawathila. eka thallu karala start karala dunna unwa hire dala thiyanwa.
    okata wenama nethiyak thiyanawa. poddak balapan
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කාලයක් තිබුණා දෙමළෙක් ටවුන් එකේ ෆොටෝ ගැහුවොත් ඌව ජිප් එකේ දාගෙන යන 🤣🤣 ඒ ආතල් 2000න් පස්සේ උන් දැකලා නෑ.

    මේ ඒකාලේ ප්‍රභූන් රකින්න හදපු නීති වෙන්න ඕන
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    පාරෙ ඉන්න ඒ මිනිහා කොහොමද දන්නෙ අදාල වාහනේ ඇතුලෙ ඉන්නෙ මොකාද කියලා. ඌ වෙන මොකක් හරි වීඩියෝ කරා නම්??
    Police guard eka athuwa yana wahana video nokara inna simple

    guard nathi unath honda wahana walata ida denna kaanuwata bahala or thamange wahane kaleta dala ayin karagena

    nodanna wahana video karanna kalin garu aya athule inna puluwan nisa podi podi wahana witharak record karanna pare yana.
     

    Similar threads