අගහරු වල කරක් ගහපු...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අගහරු වල කරක් ගහපු...

    අගහරු වල කරක් ගහපු...
    සද වටේම වලක් බැහැපු..
    අභ්‍යවකාසෙට සව් කැද..
    හදලා යවපු මං .......
    මැරිගො රව්න්ඩ් වගේ දුවපු...
    මූවි බලං බැල්කනිවල....
    රැකියා ප්‍රස්නෙට විසදුම්..
    හොයා ගත්ත මං...........

    මදුරුවටත් ලයික් කරපු...
    කතුර වගේ චැටින් දමපු..
    F B එකෙ රෙකොඩ් තියපු...
    වන් ශොට් ත්‍රී මං.........
    රජාගෙයි පරවියා වගේ....
    ඔහොම හිටපු කාලෙ මිසින්...
    අම්මා හොයලා දීපු මගුල...
    හරි දරුණුයි බං.......

    එයා එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා...
    ලගින් ගියත් දහයක් වැඩ
    මට පටවනවා.......
    තීරනෙත් ගන්නවා....
    කාරනෙත් දන්නවා....
    කරලා ඉවර වෙලා ඔන්න...
    මගෙන් අහනවා........//


    සතිය පුරා වැඩ කරලා ...
    ගෙදර එන්නෙ එපා වෙලා...
    ඉරිදට නං දවාලටත් ...
    නිදා ගන්නවා....
    නැගිටිනවකො අදත් නිදිද..
    ගෙයි වැඩටික කරන් නැතිද...
    එන ආත්මෙ යලි එනකං..
    නින්ද දුවනවා.............
    කොච්චර වැඩ කලත් ඇයට...
    අඩු විතරයි වැඩි නොපෙනෙයි..
    ගෑනු හැටිද මගෙ කරුමෙද..
    කියලා හිතෙනවා......
    ඉවසන්නකො රෑ වෙනකං...
    හොද සෙල්ලං පෙන්වන්නං...
    හිතුවත් රෑ අට වෙද්දී...
    ඇය නිදියනවා..........

    එයා.... එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා...
    ලගින් ගියත් දහයක් වැඩ
    මට පටවනවා.......
    තීරනෙත් ගන්නවා....
    කාරනෙත් දන්නවා....
    කරලා ඉවර වෙලා ඔන්න...
    මගෙන් අහනවා........//

    පාටි වෙඩිං කවදා එයිද...
    අනේ ඒවා එන්නෙ නැතිද..
    නෑදෑ පරපුර සිහිකර..
    ඇය ලතැවෙනවා...
    පඩි දෙකකුයි තව ටිකකුයි..
    ශොපින් මෝල් එක ඇතුලෙදි...
    සාරියකට පුද කරන්න
    මට සිදුවෙනවා........
    ඇය ලෝ රූ රැජින වගේ...
    මං ඇගෙ බොඩිගාඩ් ලෙසේ...
    පාටි වලට බැස්සම
    මුං හැරිලා බලනවා....
    අනේ මගේ දුක පෙනෙන්න...
    කොල්ලනි මේකත් අහන්න...
    බැදගත් හින්දා මං මේ..
    බෙරේ ගහනවා...
    නට නට බෙරේ ගහනවා.....

    එයා.... එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා...
    ලගින් ගියත් දහයක් වැඩ
    මට පටවනවා.......
    තීරනෙත් ගන්නවා....
    කාරනෙත් දන්නවා....
    කරලා ඉවර වෙලා ඔන්න...
    මගෙන් අහනවා........//

    wife-husband-cartoon%283%29.jpg

     
    • Like
    Reactions: wingman and dreamzd

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කරලා ඉවර වෙලා ඔන්න...
    මගෙන් අහනවා........//
    :lol:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ මගේ දුක පෙනෙන්න...
    කොල්ලනි මේකත් අහන්න...
    බැදගත් හින්දා මං මේ..
    බෙරේ ගහනවා...
    නට නට බෙරේ ගහනවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉවසන්නකො රෑ වෙනකං...
    හොද සෙල්ලං පෙන්වන්නං...
    හිතුවත් රෑ අට වෙද්දී...
    ඇය නිදියනවා..........

    :lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉවසන්නකො රෑ වෙනකං...
    හොද සෙල්ලං පෙන්වන්නං...
    හිතුවත් රෑ අට වෙද්දී...
    ඇය නිදියනවා..........:lol::lol::lol: