සද්දන්තයා රැකගමු මිහින්තලය, තිරප්පනේ හොල්ලන් ඉදපු අග්බෝ කියන්නේ මේ රටට වටිනම සම්පතක් ... ඒත් මේ වෙද්දී අග්බෝ අපිට අහිමි වෙන ලකුණු පහල වෙමින් තියෙනව , හැබැයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි .. අඩුම තරමේ පහුගිය දවස්වල පෙරහැරෙ අලි වෙනුවෙන් කතා කල අයවත් නෑ... මෙ වෙද්දි අග්බෝට බෙහෙත් කරන්න පටන් අරන් දවස් 14ක් විතර, අග්බෝ කියන්නේ සද්දන්ත ඇතෙක් , නිර්වින්දනය කරලා බෙහෙත් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි , මෙකේ තියෙන ලොකුම ගැටලුව තමයි අග්බෝට අවශ්‍ය බෙහෙත් ලංකාවේ නෑ, ඒ නිසාම එක්තරා මහත්මයෙක් ඔහුගේ පුද්ගලික වියදමින් ලක්ෂ 7ක් වැය කරලා ගෙනාපු අග්බෝට අවශ්‍ය බෙහෙත් කිලෝ 70 ගිය දාහත්වැනිදා ඉදන් තාමත් තියෙන්නෙ ගුවන්තොටුපල රේගු බාරයේ... අද 19 තාමත් ඒවා නිදහස් කරගන්න පුලුවන් කමක් නෑ.. මේ රටේ ආණ්ඩු පත් වෙද්දි ඒ ආණ්ඩු ඇතුලේ වනජීවි හා වන සංරක්ෂණ කැබිනට් ඇමතිවරයෙක් පත් කරන්නේ මොකටද? සතෙක්ට බෙහෙත් කරගන්න බෙහෙත් නෑ, බලාගන්න දීපු සතෙක් හරියට බලාගන් නෑ, හස්ථි පාලකවරුන්ට පුහුණුවක් දෙන්න ක්‍රමවේදයක් නෑ ... එහෙම එකේ පිට මනුස්සයෙක් ගෙනත් දීපු බෙහෙත් ටික නිදහස කරලා අර සතා බේරගන්න උවමනාවකුත් නෑ .. අග්බෝ මැරුනොත් මේ රටේ පාලකයන්ගේ ඉදලා වගකියන්න ඕන ( එහෙම නොවේවා කියලා හදවතින් පතනවා ) මේ අග්බෝ වෙනුවෙන් කතා කරන්න ඕන කාලය.. -
එරන්ද ඉන්ද්‍රජිත් - Dewpura Hasthirajayo - දෙව්පුර හස්ථිරාජයෝ #SaveAggbo #saveelephants
Edited at 13.28
අග්බෝ ඇතාගේ ප්‍රතිකාර සදහා අජන්ත හිදුරංගල මහතා විසින් එවන ලද ඖෂධ රේගුවෙන් නිදහස් කර ඇති බව වාර්තා වේ ❤
https://m.facebook.com/story.php?st...gGN7NYH36l&id=100030635632725&mibextid=Nif5oz
Last edited:

